උණුසුම් ගල් කැටය

raveenrdk

Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර
    උණුසුම් ගල් කැටය

    එක්තරා දුප්පත් මිනිසෙකුට හදිසියේම දැනගන්නට ලැබුණා වාසනාවන්ත ගල් කැටයක් ගැන. (මේක තියෙන බව දන්න නමුත් කවුරුවත් තවම සොයාගෙන තිබුණෙ නෑ.) තියෙන්නෙ එක්තරා වෙරළ තීරයක. පෙනුමෙන් ඉතා වටකුරු, කළු පැහැති, සුමට මතුපිටක් තියෙනවාලු. මේක හඳුනගන්න තියෙන සුවිශේෂීම ලක්ෂණය තමයි මේක උණුසුම්.

    ඉතින් මෙයා තීරණය කළාලු මේක කොහොමහරි හොයාගන්න. ඔහු මුහුදු වෙරළට ගිහින් සැක කටයුතු වටකුරු, කළු පැහැ ගල් කැට අතට අරගෙන බැලුවා උණුසුම්ද කියලා. එකම ගල් කැටය නැවත නැවතත් පරීක්ෂාවට ලක්වෙන එක වලක්වන්න මෙයා අපූරු උපක්‍රමයකුත් භාවිත කළා. ඒ තමයි එහෙම 'රැවටිලිකාර' වෙනත් ගල් මූදේ ඈතට විසිකරලා දාන එක.

    මුළදී වැඩේ පටන් ගත්තේ ටික දවසකින් හරිගියේ නැත්නම් නවත්වනවා කියලා හිතාගෙන වුනත් මේ ක්‍රියාව නවත්වන්න එයාට හිතුනෙ නෑ. ඒකට ඇබ්බැහි වෙලා වගේ. දැන් නැතුවට දැන් ලැබෙයි, මේක නොවුනට ඊළඟ එකනම් ෂුවර් එකටම තමා බලාපොරොත්තු වෙන එකම තමයි කියලා තමයි හිතුනේ.

    ඔහොම දිගු කාලයක් ගෙවිලා ගියා....එසේ මෙසේ කාලයක් නොවෙයි දශක ගණනාවක්ම...'අපේ මනුස්සයා' දැන් සුදුවෙච්ච දිග රැවුලක් සහ කොණ්ඩයක් සහිත මැදි විය පසුකළ තැනැත්තෙක්. ඒත් මෙයා උත්සාහය අතහරින ජාතියේ කෙනෙක් නොවෙයි...පුදුම ධෛර්ය්‍යකින් කටයුතු කරන කෙනෙක්. එයා මේ 'පිස්සු වැඩේ' නවත්වන්න අදහසක් තවමත් නැහැ.(ඒ කාලෙ මෙයා රස්සාවක් කළේ නැද්ද? කෑවෙ බිව්වෙ කොහොමද වගේ ඒව මගෙන් අහන්න එපා ඔන්න. මේක කතාවක්නේ. කොහොමහරි කරගන්න ඇති ඒව.):confused::confused:

    විශ්වාස කරන්න...එක දවසක්..නොසිතූ විරූ වෙලාවක මෙයාට ඒ වාසනාවන්ත පාෂාණ රාජයා හමුවුනා.....

    ඊට පස්සෙ මොනව වෙන්න ඇති කියලද හිතන්නේ....??? :rolleyes::rolleyes:

    වෙන මොනව වෙන්නද...??? අවුරුදු විසි ගණනක් තිස්සේ ප්‍රගුණ කරපු පුරුද්දෙන් වහාම ඒක ගැඹුරු මුහුදට විසි කරල දැම්මා...!! :confused::confused:

    අපේ ජීවිතත් හරියටම මේ වගේ නොවේද....??? මොහොතක් නැවතී සිතන්න....

    මම අවුරුදු 7 විතර කාලෙදි 'මිහිර' පත්තරේ තිබුණු මේ කතාව මට මතක් වුනේ පසුගියදා සම්පූර්ණ වුනු පශ්චාත් උපාධියේ (විද්‍යාත්මක) දර්ශනය දේශන මාලාවේදී සාකච්චා වුණු එක්තරා සංකල්පයක් නොහොත් මතවාදයක් සම්බන්ධයෙන්. මාටින් හයේඩෙගර් (Martin Heidegger) කියන දාර්ශනික විද්‍යාඥයා කියන්නේ මෙහෙම කතාවක්:

    "ජීවිතය පහසු කරගැනීම අරභයා මිනිසා විසින් නිපදවනු ලබන සමහර මෙවලම්...ඇතැම්විට එය නිර්මාණය කිරීමේ මූලික අරමුණ පවා නොසලකා හරවයි (එය අමතක කරවයි.)"
    (සමාවෙන්න, මේ සිද්ධාන්තය කඩ්ඩෙන් සිංහලයට හරවනකොට මුල් අදහස එතරම් වෙනස් වුනේ නෑ මං හිතන්නෙ, ඒ කියන්නෙ මම තේරුම් ගත්ත විදියට....)

    උදාහරණයක් ලෙසට ගත්තොත් වායු සමනය කළ මෝටර් රථයක, සුන්දර ගම්මානයක් හෝ වනගත ආරණ්‍යයක් මැදින් ගමන් කරනවා යයි සිතන්න....වායු සමන යන්ත්‍රයේ අරමුණ පිරිසිදු වාතාශ්‍රය ආඝ්‍රාණය කරවීම නම්....එවන් නියම සුපිරිසිදු නැවුම් ස්වභාවික සුළං පහස අහිමි කරමින් එය ඉටු කරනු ලබන්නේ අප මූළික අරමුණ අපටත් නොදැනීම අභිබවා යාමක් නොවේද...? (සමාවෙන්න දාර්ශනික පොරවල් එක්ක ඉඳලා මාත් ටිකක් රුවිතෙට හිතන්න පටන් අරන් වගේ...)

    ඔබ රැකියාවක් කරන්නේ ඔබේ ආදරණීයන්ට වඩාත් සුවබර දිවියක් උරුම කර දීමට නම්...එහෙත් ඔබේ රැකියාව ඔබට ඔවුන් සමඟ සැහැල්ලුවෙන් කල් ගතකිරීමට ඉඩක් නොදෙනවා නම්...ඔබ ලබන විශාල වැටුපෙන් තේරුමක් තියෙනවද...? පුළුවන් කාලේ හොඳට හම්බකරලා ඉතුරු කරලා පස්සෙ එහෙම කරනවා කියල හිතාගෙන හිටියට ඕක කවදාවත් කෙරෙන එකක් නම් නෙවෙයි. සමහරවිට අපි හතිවැටිලා බලනකොට අපි හම්බකරපු දේවල් බුක්ති විඳින්න අපිට කවුරුවත් නෑ...අඩු ගානේ අපේ ශරීර සෞඛ්‍යවත්....!!

    අපේ ජීවිතත් හරියටම මේ වගේ නොවේද....??? මොහොතක් නැවතී සිතන්න.... :yes::yes:

    උපුටා ගත්තේ මෙතනින්: http://sanwedi.blogspot.com/2012/12/blog-post_11.html

    වැදගත් වෙයි කියල හිතුන නිසා දැන්මේ කට්ටියට බලන්න.. හොදයි නම් සලකල යන්න.. :yes::yes:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    mama nam job ekak kale jewth wenna one de hoyanna misak. jeewath une job ekak karanna newe.

    dan nam magema business ekak karanne, hebei 1st my family then other..
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    ane manda ban meka mata aith parak mage job eka gana hithanna deyak ethuru kala. next year nam hena gahuwath lankawata enawa me job magula dala.. :(

    ඔබ රැකියාවක් කරන්නේ ඔබේ ආදරණීයන්ට වඩාත් සුවබර දිවියක් උරුම කර දීමට නම්...එහෙත් ඔබේ රැකියාව ඔබට ඔවුන් සමඟ සැහැල්ලුවෙන් කල් ගතකිරීමට ඉඩක් නොදෙනවා නම්...ඔබ ලබන විශාල වැටුපෙන් තේරුමක් තියෙනවද...? පුළුවන් කාලේ හොඳට හම්බකරලා ඉතුරු කරලා පස්සෙ එහෙම කරනවා කියල හිතාගෙන හිටියට ඕක කවදාවත් කෙරෙන එකක් නම් නෙවෙයි. සමහරවිට අපි හතිවැටිලා බලනකොට අපි හම්බකරපු දේවල් බුක්ති විඳින්න අපිට කවුරුවත් නෑ...අඩු ගානේ අපේ ශරීර සෞඛ්‍යවත්....!!
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    tie ekath ehema nedha? England vala cool eken valakenna gahapu tie eka , ape kastiya, gini rasneta thiyena srilanka climate ekatath adinava. Pitarata suddho mehe enakota tie gahanne natthe rasne vadi hinda. Ape kastiya dan tie eka vena deyakata yodha gannava dadiya damagena.
     
    • Like
    Reactions: raveenrdk

    raveenrdk

    Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර
    ane manda ban meka mata aith parak mage job eka gana hithanna deyak ethuru kala. next year nam hena gahuwath lankawata enawa me job magula dala.. :(

    ඔබ රැකියාවක් කරන්නේ ඔබේ ආදරණීයන්ට වඩාත් සුවබර දිවියක් උරුම කර දීමට නම්...එහෙත් ඔබේ රැකියාව ඔබට ඔවුන් සමඟ සැහැල්ලුවෙන් කල් ගතකිරීමට ඉඩක් නොදෙනවා නම්...ඔබ ලබන විශාල වැටුපෙන් තේරුමක් තියෙනවද...? පුළුවන් කාලේ හොඳට හම්බකරලා ඉතුරු කරලා පස්සෙ එහෙම කරනවා කියල හිතාගෙන හිටියට ඕක කවදාවත් කෙරෙන එකක් නම් නෙවෙයි. සමහරවිට අපි හතිවැටිලා බලනකොට අපි හම්බකරපු දේවල් බුක්ති විඳින්න අපිට කවුරුවත් නෑ...අඩු ගානේ අපේ ශරීර සෞඛ්‍යවත්....!!

    :yes::yes::confused::confused:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    katuka sathya.... :)

    sallith yahamin thiyana, nidahasath yahamin thiyana aya looke godak naha ban...

    Boho ayata oya deken ekai thiyenne....