උත්තර_තෙරුන්

netlife008

Active member
  • Mar 5, 2012
    145
    84
    43
    යකඩ මුලක් තම සිරුරට කිඳා බැස මාරාන්තික වේදනාවන් විඳීද්දී ධර්මය පිහිට කරගෙන උන්වහන්සේ නිකෙලෙස් වුණා. උල උඩ හිඳගෙනම ෂඩ් අභිඤ්ඤා උපදවාගත් උත්තර තෙරුන් අන් අයට අනුකම්පාවෙන් ඉන් නැඟී අහසට පැන නැඟ නොයෙක් සෘද්ධි ප්‍රාතිහාර්යයන් දැක්වූවා. එය දුටු මිනිසුන් පුදුම වී සාදු නද පවත්වමින් වන්දාමාන කළා
    ________________________________________
    භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සෘද්ධියෙන් එතැනට වැඩම කොට තමන් වහන්සේගේ දක්ෂිණ ශ්‍රී හස්තය උල උඩ සිටි උත්තර තෙරුන්ගේ හිසෙහි තබා ‘පින්වත් උත්තර, මේ ඔබ විසින්ම පෙර කරන ලද කර්මයක විපාකය යි. නුවණින් විමසා ඉවසාගත යුතු යැයි’ වදාළා
    ගෞතම බුදු සසුනේ ඉතා ආශ්චර්යමත් ලෙස උත්තම අරහත්වය සාක්ෂාත් කළ ශ්‍රාවකයන් වහන්සේ නමක් “උත්තිය නම් රහතන් වහන්සේ”.
    අතීතයේ වැඩසිටි සුමේධ නම් බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී උත්තර රහතන් වහන්සේ සෘද්ධිමත් තාපසයෙක්ව සිටියා.
    දිනක් අහසින් ගමන් කරද්දී සවණක් ඝණ බුදුරැස් විහිදුවමින් ගසක් මුල වැඩ සිටි සුමේධ බුදුරජාණන් වහන්සේ දැක සිත පැහැදී අහසින් බැස, ඉතා පිරිසුදු වූ මහත්වූ කිණිහිරි මල් පූජා කොට වන්දනා කළා. බුද්ධානුභාවයෙන් ඒ මල් ඡත්‍රයත් මෙන් බුදුරජාණන් වහන්සේට ඉහළින් පිහිටියා. එය දැක බෙහෙවින් ප්‍රසන්න සිත් ඇති තාපසයන් පසු කලෙක දී මිය ගොස් තව්තිසා දෙව්ලොව ඉපිද මහත්වූ දිව්‍ය සැප සම්පත් විඳිමින් ආයු ඇතිතෙක් එහි සැප දෙව් මිනිස් දෙ ගතියෙහිම පමණක් ඉපදුනා.

    අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වූ ඒ පින්බර යුගයේ මිනිස් ලොව බමුණු කුලයේ ඉපිද උත්තර නමින් හැදී වැඩුණා. මනස්කාන්ත පෙනුමෙන් යුතු උත්තර කුමරුන් යොවුන් වියට එළඹෙද්දී ශිල්ප ශාස්ත්‍රයෙහි පරතෙරට ගිය ගුණ නුවණින් ද, රූපයෙන් ද, ඉගෙනීමෙන ්ද යුක්තව අන් අයගේ හිත දිනාගත් තරුණයෙක් බවට පත්වුණා.

    මේ නිසාම මගධ දේශයේ මහාමාත්‍ය වූ වස්සකාර බ්‍රාහ්මණයා තම රූමත් දියණිය උත්තර කුමරුට විවාහ කර දීමට යෝජනා කළා. නමුත් ඒ වනවිට තුණුරුවනේ සිත ඇලී තිබූ කුමරුන් එය ප්‍රතික්ෂේප කොට වරින් වර ධර්ම සේනාධිපති සැරියුත් තෙරුන් ඇසුරු කරමින් ධර්මය ඉගෙන ගත්තා.

    එනමුත් විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම ගැන වස්සකාර ඇමැති තම සිතේ වෛරය පිහිටුවා ගත්තා. ධර්මය ඇසීමෙන් උපදවාගත් ශ්‍රද්ධාවෙන් යුතුව ශාසනයේ පැවිදිව නිහතමානීව කීකරුව සැරියුත් තෙරුන් සමීපයේ පිළිවෙත් පිරුවා.

    එක්තරා දිනක් උත්තර ස්වාමින් වහන්සේ සිවුරු පොරවාගෙන පාත්‍රයත් රැගෙන වැඩම කරද්දී අතරමඟ මුණ ගැසුණ පොකුණකට බැස පැන් පහසු වුණා. ඒ වෙලාවේදීම රන් බඩු සොරකම් කළ සොරෙකු රාජපුරුෂයින් ලුහුබැඳීම නිසා ප්‍රධාන දොරටුවෙන් නගරයට පිවිස මේ පොකුණ අසලින් දුවද්දී පොකුණ අසල පාත්‍රය තිබෙනවා දැක අතේ තිබූ රන්භාණ්ඩ එම පාත්‍රයට දැමූ ඒ හොරා සැඟවුණා. එවිට රාජපුරුෂයින් එතැනට පැමිණ පාත්‍රයේ තිබූ රන් භාණ්ඩ දැක පැන් පහසුවෙමින් සිටි තෙරුන් ‘සොරා’ යැයි සැකකොට අත් පා බැඳ පහර දෙමින් අධිකරණ ශාලාවට ගෙන ගියා. අධිකරණ ශාලාවේ සිටි වස්සකාර අමාත්‍යයා පෙර ඇති වූ වෛරය නිසා පලිය ගැනීම පිණිස හරි වැරැදි නො විමසාම තෙරුන් උල තබා මරන්නට අණ කළා.

    භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සෘද්ධියෙන් එතැනට වැඩම කොට තමන් වහන්සේගේ දක්ෂිණ ශ්‍රී හස්තය උල උඩ සිටි උත්තර තෙරුන්ගේ හිසෙහි තබා ‘පින්වත් උත්තර, මේ ඔබ විසින්ම පෙර කරන ලද කර්මයක විපාකය යි. නුවණින් විමසා ඉවසාගත යුතු යැයි’ වදාළා. එමෙන්ම අරහත්වය පිණිස නුවණ මෝරා සිටි උත්තර තෙරුන් අමතා ධර්මය දේශනා කළා. දහම් අමාවෙන් අභිෂේක ලද්දාක් මෙන් ශාස්තෘන් වහන්සේගේ හස්ත ස්පර්ශයෙන් ලත් සතුටින් පී‍්‍රතිමත් සිතින් යුක්තව උත්තර තෙරුණුවන් ඒ ධර්මය ශ්‍රවණය කළා. නුවණින් විදර්ශනාවේ සිත මනාව පිහිටුවා උල උඩදීම විදසුන් මාර්ගය වඩා ෂඩ් අභිඤ්ඤා සමගින් උතුම් අරහත්වය සාක්ෂාත් කළා.

    යකඩ මුලක් තම සිරුරට කිඳා බැස මාරාන්තික වේදනාවන් විඳීද්දී ධර්මය පිහිට කරගෙන උන්වහන්සේ නිකෙලෙස් වුණා. උල උඩ හිඳගෙනම ෂඩ් අභිඤ්ඤා උපදවාගත් උත්තර තෙරුන් අන් අයට අනුකම්පාවෙන් ඉන් නැඟී අහසට පැන නැඟ නොයෙක් සෘද්ධි ප්‍රාතිහාර්යයන් දැක්වූවා. එය දුටු මිනිසුන් පුදුම වී සාදු නද පවත්වමින් වන්දාමාන කළා. එතැන වැඩසිටි භික්ෂූන් ‘‘ආයුෂ්මතුනි, ඔබවහන්සේ මෙබඳු දැඩි දුකක් විඳමින් විදසුන් වඩා රහත් වූයේ කෙසේද?’’ යැයි විමසූ විට උත්තර රහතුන් මෙසේ පිළිතුරු දී වදාළා.

    නත්ථි කෝචි භවෝ නිච්චෝ
    දංඛාරා වාපි සස්සතං
    උප්පජ්ජන්ති තේ ඛන්ධා
    චවන්ති අපරාපරං


    කිසිම භවයක් නිත්‍ය නැහැ. කිසිම සංස්කාරයක් සදාකාලික නැහැ. මතු මත්තෙහිත් ඔය පංච උපාදානස්කන්ධයත් උපදිනු ඇත. චුත වී යනු ඇත.

    ඒතමාදීනවං ඤත්වා
    භාවිතම්පි අනත්ථිතෝ
    නිස්සවෝ සබ්බහාමේනි
    පත්තෝ මේ ආසවක්ඛයෝ


    මේ ආදීනව මම අවබෝධ කර ගත්තා. භවයට අයිති කිසිම දෙයක් මට නම් වැඩක් නැහැ. මා සියලු කාමයන්ගෙනුත් වෙන් වුණා. ආසවක්ඛ්‍ය ඤාණය නම් වූ අරහත්වය ලබා ගන්න මටත් පුළුවන් වුණා.
    පින්වත්නි, අප සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ ගැනත්, ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ගැනත්, ශ්‍රාවක සඟරුවන ගැනත්, අපේ හිත වඩ වඩාත් පහදවා ගැනීමට උත්තර රහතන් වහන්සේගේ ඒ විශ්මිත අරහත්වය අපට උපකාරි වෙනවා. එසේ ගාථාවන් පැවසූ උත්තර නම් රහතන් වහන්සේ උල තැබීමෙන් හටගත් තුවාලය හේතුවෙන් පිරිනිවන් පා වදාළා.

     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    user246936pic3308126942.gif
     
    • Like
    Reactions: dcdweerawardhana

    Peace Creator

    Banned
    May 29, 2013
    21
    2
    0
    I regret to say, you are RED in color......therefore you do not have any reps to give it to another person........
    සිත දමනය කරගන්න.. එතකොට රෙප් දෙන්න් පුලුවන්.. සිත දියුනු කරගත්ත කෙනෙකුට රෙප් දෙන්න පුලුවන් එර්දි බලෙන්.. ඒක ඔයා වගේ නිකන් පෘතක්ජනයන්ට තෙරුම් ගන්න අමාරුයි..