උතුම් මිනිසා නම් කලාකරුවා කපුගේ

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    උතුම් මිනිසා නම් කලාකරුවා කපුගේ

    10313526_634324009984012_2374293725118167563_n.jpg


    පුද සත්කාර ගෞරව නම්බුනාම සල්ලි මාලා වලට පයින් ගැසූ හෙතෙම උතුම් මිනිසා නම් කලාකරුවා වූයේය




    අයියණ්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ
    ගිණි ඇවිළුණා කැණි මඬලට අපෙ නිවසේ
    එක පත අනා එකටම කෑ පෙර දවසේ
    මං අමතක ද නුඹ රජ වූ අද දවසේ....

    අම්මා එක්ක දබරව පැන ගිය වැන්නේ
    ළැම දා ගියා පත හිරවුණි කුස ගින්නේ
    දෑසේ කඳුළු වැහි පොද ලෙස වෑහෙන්නේ
    වී පෑලකට ඇයි උඹ විරසක වෙන්නේ

    ඉරට සැපක් දෝ නියඟය දළුලෑම
    සඳට සැපක් දෝ ඝණඳුර පීදීම
    නුඹට සැපක් දෝ අපි තනිකර යෑම
    මහ පොලොවකට නඩු හබ ඇයි ගතු කීම
    ------

    ------
    සබඳ අපි කඳු නොවෙම
    උණුන් පරදා නැගෙන
    සුනිල දිය දහර වෙමු
    එකම ගඟකට ඇදෙන
    -------

    -------
    මේ සසර දනව්වේ
    අපි අසරණ වෙලා වගේ
    හිතට දැණෙනවා
    බුදු හාමුදුරුවනේ
    ------

    -----
    අහස උසට නැග ගියාට
    නෑනෙ අහසෙ රැඳෙන්නේ
    අහසෙ මාලිගා හැදුවට
    අපි පොළොවේ සිටින්නේ

    සිමෙන්ති කඳුලින් දිය කර
    ටජ් මහලයි තනන්නේ
    පලංචියේ කිරි කිරියයි
    අපේ දුකට හඬන්නේ

    ලඹ කැටයේ අත්වාරුව
    බිත්ති දිගේ නගින්නේ
    බිත්තිය ඉහළට යනකොට
    අපි පොඩියට පෙනෙන්නේ
    ------

    ------
    හීත හුලං හිරිකඩයි කැලේ අපට උරුමේ
    උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ

    ඉහිරුණු කිරි කොතලෙට ඉකි බිඳලා ඵල නෑ
    නුඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ

    සංසාරේ හැටි තමයි වියෝග ඇති වන්නේ
    නිවනට ගිය දා මේ හැම දුක් නැති වන්නේ
    ------



    කිසිදින නොමියෙන, සෞන්දර්යාත්මක , උණුවෙන හදවතක් ඇති, සරල සාමාන්‍ය, උතුම් ගතිගුණ වලින් හෙබි, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ කලාකරුවාණෙනි.....!
    මනුෂ්‍ය හදවත් තුළ ඔබ සදා විරාජමානය.....!
     
    • Like
    Reactions: WICKILEAKS

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    කට්ටට බෙට්ටට ආත්මේ පාවලා දෙන කලාකාරයෝ ඉන්න රටක ඔබ දෙවියෙක්


    සබඳ අපි කඳු නොවෙම
    උණුන් පරදා නැගෙන
    සුනිල දිය දහර වෙමු
    එකම ගඟකට ඇදෙන
    :love:
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    කට්ටට බෙට්ටට ආත්මේ පාවලා දෙන කලාකාරයෝ ඉන්න රටක ඔබ දෙවියෙක්


    සබඳ අපි කඳු නොවෙම
    උණුන් පරදා නැගෙන
    සුනිල දිය දහර වෙමු
    එකම ගඟකට ඇදෙන
    :love:


    thanks :)
     

    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    කට්ටට බෙට්ටට ආත්මේ පාවලා දෙන කලාකාරයෝ ඉන්න රටක ඔබ දෙවියෙක්


    සබඳ අපි කඳු නොවෙම
    උණුන් පරදා නැගෙන
    සුනිල දිය දහර වෙමු
    එකම ගඟකට ඇදෙන
    :love:

    :yes::yes::yes::yes: mageth favorite ma singer