උතුම් මිනිසා නම් කලාකරුවා කපුගේ
පුද සත්කාර ගෞරව නම්බුනාම සල්ලි මාලා වලට පයින් ගැසූ හෙතෙම උතුම් මිනිසා නම් කලාකරුවා වූයේය
අයියණ්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ
ගිණි ඇවිළුණා කැණි මඬලට අපෙ නිවසේ
එක පත අනා එකටම කෑ පෙර දවසේ
මං අමතක ද නුඹ රජ වූ අද දවසේ....
අම්මා එක්ක දබරව පැන ගිය වැන්නේ
ළැම දා ගියා පත හිරවුණි කුස ගින්නේ
දෑසේ කඳුළු වැහි පොද ලෙස වෑහෙන්නේ
වී පෑලකට ඇයි උඹ විරසක වෙන්නේ
ඉරට සැපක් දෝ නියඟය දළුලෑම
සඳට සැපක් දෝ ඝණඳුර පීදීම
නුඹට සැපක් දෝ අපි තනිකර යෑම
මහ පොලොවකට නඩු හබ ඇයි ගතු කීම
------
------
සබඳ අපි කඳු නොවෙම
උණුන් පරදා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට ඇදෙන
-------
-------
මේ සසර දනව්වේ
අපි අසරණ වෙලා වගේ
හිතට දැණෙනවා
බුදු හාමුදුරුවනේ
------
-----
අහස උසට නැග ගියාට
නෑනෙ අහසෙ රැඳෙන්නේ
අහසෙ මාලිගා හැදුවට
අපි පොළොවේ සිටින්නේ
සිමෙන්ති කඳුලින් දිය කර
ටජ් මහලයි තනන්නේ
පලංචියේ කිරි කිරියයි
අපේ දුකට හඬන්නේ
ලඹ කැටයේ අත්වාරුව
බිත්ති දිගේ නගින්නේ
බිත්තිය ඉහළට යනකොට
අපි පොඩියට පෙනෙන්නේ
------
------
හීත හුලං හිරිකඩයි කැලේ අපට උරුමේ
උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ
ඉහිරුණු කිරි කොතලෙට ඉකි බිඳලා ඵල නෑ
නුඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ
සංසාරේ හැටි තමයි වියෝග ඇති වන්නේ
නිවනට ගිය දා මේ හැම දුක් නැති වන්නේ
------
කිසිදින නොමියෙන, සෞන්දර්යාත්මක , උණුවෙන හදවතක් ඇති, සරල සාමාන්‍ය, උතුම් ගතිගුණ වලින් හෙබි, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ කලාකරුවාණෙනි.....!
මනුෂ්‍ය හදවත් තුළ ඔබ සදා විරාජමානය.....!
පුද සත්කාර ගෞරව නම්බුනාම සල්ලි මාලා වලට පයින් ගැසූ හෙතෙම උතුම් මිනිසා නම් කලාකරුවා වූයේය
අයියණ්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ
ගිණි ඇවිළුණා කැණි මඬලට අපෙ නිවසේ
එක පත අනා එකටම කෑ පෙර දවසේ
මං අමතක ද නුඹ රජ වූ අද දවසේ....
අම්මා එක්ක දබරව පැන ගිය වැන්නේ
ළැම දා ගියා පත හිරවුණි කුස ගින්නේ
දෑසේ කඳුළු වැහි පොද ලෙස වෑහෙන්නේ
වී පෑලකට ඇයි උඹ විරසක වෙන්නේ
ඉරට සැපක් දෝ නියඟය දළුලෑම
සඳට සැපක් දෝ ඝණඳුර පීදීම
නුඹට සැපක් දෝ අපි තනිකර යෑම
මහ පොලොවකට නඩු හබ ඇයි ගතු කීම
------
------
සබඳ අපි කඳු නොවෙම
උණුන් පරදා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට ඇදෙන
-------
-------
මේ සසර දනව්වේ
අපි අසරණ වෙලා වගේ
හිතට දැණෙනවා
බුදු හාමුදුරුවනේ
------
-----
අහස උසට නැග ගියාට
නෑනෙ අහසෙ රැඳෙන්නේ
අහසෙ මාලිගා හැදුවට
අපි පොළොවේ සිටින්නේ
සිමෙන්ති කඳුලින් දිය කර
ටජ් මහලයි තනන්නේ
පලංචියේ කිරි කිරියයි
අපේ දුකට හඬන්නේ
ලඹ කැටයේ අත්වාරුව
බිත්ති දිගේ නගින්නේ
බිත්තිය ඉහළට යනකොට
අපි පොඩියට පෙනෙන්නේ
------
------
හීත හුලං හිරිකඩයි කැලේ අපට උරුමේ
උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ
ඉහිරුණු කිරි කොතලෙට ඉකි බිඳලා ඵල නෑ
නුඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ
සංසාරේ හැටි තමයි වියෝග ඇති වන්නේ
නිවනට ගිය දා මේ හැම දුක් නැති වන්නේ
------
කිසිදින නොමියෙන, සෞන්දර්යාත්මක , උණුවෙන හදවතක් ඇති, සරල සාමාන්‍ය, උතුම් ගතිගුණ වලින් හෙබි, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ කලාකරුවාණෙනි.....!
මනුෂ්‍ය හදවත් තුළ ඔබ සදා විරාජමානය.....!



