උතුරට දේශපාලන විසඳුමක්‌

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    උතුරට දේශපාලන විසඳුමක්‌

    උතුරට දේශපාලන විසඳුමක්‌ දීමට ඇමරිකාව මැදිහත් වනවා
    - ජෝන් කෙරී ටීඑන්ඒ මන්ත්‍රීන්ට පවසයි



    උතුරු නැගෙනහිර අර්බුදයට දේශපාලන විසඳුමක්‌ ලබාගැනීමට රජය සමග සාකච්ඡා කිරීමට ඇමරිකාව මැදිහත් වන බව තමන්ට විශ්වාස යෑයි ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා (03 දා) දෙමළ ජාතික සන්ධානයේ නායකයින්ට කොළඔදී ප්‍රකාශ කොට ඇත.

    දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු පිරිසක්‌ කොළඹදී ජෝන් කෙරී සමග සාකච්ඡා කළ අවසථාවේදී ඔහු මෙසේ පැවසූ බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පැවසීය.

    නව රජය සමග ඉතා සුහදව කටයුතු කරමින් දෙමළ හා සිංහල ජනතාව අතර සංහිඳියාව ගොඩ නැංවීමට ක්‍රියා කරන මෙන් දෙමළ ජාතික සන්ධානයෙන් ඉල්ලීමක්‌ කොට ඇති ජෝන් කෙරී ඒ සඳහාද ඇමරිකානු සහය ලබාදෙන බව පවසා ඇත.

    දෙමළ ජාතික සන්ධානය විසින් ඉදිරිපත් කරන ලද සියලු ඉල්ලීම් හා ගැටලු රජය වෙත ඉදිරිපත් කරන බව පවසා ඇති ජෝන් කෙරී මහතා ලබන සැප්තැම්බරයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් මණ්‌ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත චෝදනා ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කරන බව පවසා ඇත්තේද දෙමළ ජාතික සන්ධානයේ නායකයින් විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    මෙම සාකච්ඡාවේදී දෙමළ ජාතික සන්ධානයේ නායකයින් පවසා ඇත්තේ උතුරු නැගෙනහිර පළාත් දෙක ඒකාබද්ධ කොට බලය විමධ්‍යගත කෙරෙන පාලන ව්‍යහයක්‌ ඇති කිරීමේ අවශ්‍යතාව රජයට පැහැදිලි කොට දෙන ලෙසයි.

    යුද්ධයෙන් විපතට පත් උතුරේ වැසියන් 67000 ක්‌ තවමත් යළි පදිංචි කරවීමට නොහැකිව ඇත්තේ ඔවුන්ගේ ඉඩම්වලින් යුද හමුදාව මෙතෙක්‌ ඉවත් නොවීම නිසා බව පෙන්වා දී ඇති දෙමළ ජාතික සන්ධානයේ නායකයින් මෙම කරුණ කෙරෙහිද රජයේ අවධානය යොමු කරවන මෙන් ජෝන් කෙරීගෙන් ඉල්ලා තිබේ.


    link
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉඩම් හා පොලිස් බලතල ලබදීමට අවැසි උපදෙස් ජනපතිට හා අගමැතිට ලබා දුන් ජෝන් කෙරී රටින් පිටවීමට පෙර සම්බන්දන් හමුවී දෙමල ඩයස්පෝරාවට එය දන්වන ලෙස මතක් කොට ඇත,,,ඇමරිකාවට වූ පොරොන්දු ඉටු කිරීමට ජනතා විමුක්ති පෙරමුණද බැදී සිටින බවත් නැතහොත් ඔවුන්ට ලබා දුන් මුදල් පිලිබදව වාර්තාවක් මාධ්‍ය වෙත නිකුත් කරන බවත් ජෝන් කෙරී පවසා ඇතැයි වාර්තා වේ,,දෙමල ජනතාවට වෙනම රටක් ලෝකයේ තිබිය යුතු බවත් එය ලංකවේ ස්ථාපිත කිරීමට සැලසුම් සකස් කොට වත්මන් නායකයන් පත් කල බවත් පෙන්වාදී සම්බන්දන් වැලදගනිමින් සමුගත් බවත් වාර්තා වේ
    11009090_1589227881348767_6268131753140768788_n.jpg
     
    Last edited:
    මෙහෙමයි. ඉස්සෙල්ලම චීනෙ අයින් කරනවා.
    අපි වෙනුවෙන් කවුරුවත් නෑ.
    ඊට පස්සේ කියනවා වෙනම රාජ්‍යය දීපං නැත්නම් මානව හිමිකම් මතකනේ? කියල.
    අපි අනාථයි. මොකද චීනෙට යන්න කිව්වනේ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    අංගුලිමාල;18298454 said:
    ඒ විතරද වෙලේ සුදා ගෙනාව.:rofl::rofl::rofl:

    ඇයිබන් විමල්ගෙ ගෑණි අත් අඩංගුවට ගත්තෙ අරගෙන රටට ඉතිරි කල මහා ධනස්කන්දය
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අංගුලිමාල;18298448 said:
    මෙහෙමයි. ඉස්සෙල්ලම චීනෙ අයින් කරනවා.
    අපි වෙනුවෙන් කවුරුවත් නෑ.
    ඊට පස්සේ කියනවා වෙනම රාජ්‍යය දීපං නැත්නම් මානව හිමිකම් මතකනේ? කියල.

    අපි අනාථයි. මොකද චීනෙට යන්න කිව්වනේ.
    අපෙ අයියලට මේව තේරෙන් නැ බන්...