උතුරු අධිවේගී මාර්ගය

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    උතුරු අධිවේගී මාර්ගය

    උතුරු අධිවේගී මාර්ගයට කෝටි 5000 ක් අඩුවෙන් ඇස්තමේන්තුවක් ලැබුණා -මුදල් ඇමති

    උතුරු අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා පසුගිය රජයට ඇස්තමේන්තු ලබාදුන් චීන සමාගම මාර්ගය ඉදිකිරීමට රුපියල් කෝටි 5000 ක් අඩුවෙන් වර්තමාන රජයට නව ඇස්තමේන්තුවක් ලබාදුන් බව මුදල් අමාත්‍යවරයා කියයි.

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද කොළඹදී අදහස් දක්වමින් පැවසුවේ උතුරු අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි 24,800 ක් වැයවෙනු ඇතැයි මෙම සමාගම විසින් පසුගිය රජයට ඇස්තමේන්තුවක් ලබාදී තිබුණු බවයි.

    වත්මන් රජය සංවර්ධන ව්‍යාපෘති නතර නොකරන බවත් දූෂණයට ලක්වී ඇති ව්‍යාපෘති අත්හිටුවා නිවැරදි ඇස්තමේන්තු ලබාගෙන ඒවා සිදුකරන බවත් කරුණානායක මහතා කීය.
     
    • Like
    Reactions: rRASHENTHA

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    රවී කරුණානායක කියන හින්ද පොඩ්ඩක් ඉවසන්න වෙයි වගේ .....

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව සහ විනිමය සුරැකුම්පත් කොමිසම තමා යටතේ ඇති ප්‍රතිපත්ති සම්පාදන හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය වෙතට පවරා ගෙන තිබේ.

    අගමැතිවරයාට මෙසේ ශ්‍රී ලංකා මහ බැංකුව සහ විනිමය සුරැකුම්පත් කොමිසම මුදල් අමාත්‍යංශයෙන් වෙන්කොට තමා යටතට ගැනීමට හේතු වී ඇත්තේ නීතිමය කරුණක් හේතුවෙනි. එනම් වත්මන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් දැනට අවුරුදු 10 ක් තිස්සේ පවත්වාගෙන යන විදේශ විනිමය රෙගුලාසි කඩකිරීම සම්බන්ධ නඩුවේ පැමිණිලි කාර පාර්ශවය වන නීතිපතිවරයාට සහ අධිචෝදනා පත්‍රයට අගතියක් සිදු වෙතැයි යන නීතිමය නිගමනය හේතුවෙනි.

    මුදල් ඇමතිවරයාට එරෙහිව මෙම නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවා වන්නේ විදේශ විනිමය පාලකවරයායි. විදේශ විනිමය පාලකවරයා සේවය කරන ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යංශය යටතේ තිබීම තුලින් මෙම නඩුවට අප්‍රතිකාරී අගතියක් සිදුවන බවට නීතිඥවරයෙකු වන රනිල් වික්‍රමසිංහ මහතා කල්පනා කිරීම නිසා මෙසේ ශ්‍රී ලංකා මහබැංකුව මුදල් අමාත්‍යංශයේ විෂය පථයෙන් බැහැර කොට තිබේ. අගමැතිවරයාගේ මෙම ක්‍රියාව වගවීම (Accountability) පිළිබඳ සිද්ධාන්තය ප්‍රායෝගිකව ක්‍රියාවට නැගීමක් බව නීති විශාරදයන් පෙන්වා දෙති.
     
    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43

    :baffled::baffled::baffled:
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    thanks%25204%2520sharing.gif
    rep+8
     
    Last edited:
    • Like
    Reactions: hemalsilva

    war1911

    Member
    Dec 23, 2008
    556
    25
    0
    රවී කරුණානායක කියන හින්ද පොඩ්ඩක් ඉවසන්න වෙයි වගේ .....
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: