උතුරු කොරියානු ගැහැණුන්ගේ ඇත්තම තත්ත්වය දැනගන්න කැමති ද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,850
    39,877
    113
    Homagama

    උතුරු කොරියානු ගැහැණුන්ගේ ඇත්තම තත්ත්වය දැනගන්න කැමති ද?​


    TyeMkXW.jpg


    උතුරු කොරියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ ලෝකයට එතරම් නිරාවරණය නොවුණු උතුරු කොරියාවේ අභ්‍යන්තර තත්ත්වය පිළිබඳව ලෝකයාගේ අවධානය වැඩිපුර යොමු වන්නට වුණා.

    ඇත්තෙන්ම ලෝකයාගේ අවධානය ට ලක් වූ මේ ජාතික රාජ්‍යයේ කාන්තාවන් කුමක් කරන්නේද? රසට ආහාර පිසිනවාද, ගෙවතු අලංකරණය කරනවාද, එම්බ්‍රොයිඩර් මල් සැරසිලි කරනවාද? ඇත්තටම ඇය රැුකියාවක නිරත වෙනවාද, ප‍්‍රමාණවත් අධ්‍යාපනයක් ලබනවාද, එහෙමත් නැත්නම් හමුදාවේ ඉහල තරු සොයා දුවනවාද? ඇත්තෙන්ම ඔවුනගේ ජීවිත මොන වගේද කියල අපි දන්නේ නැහැ. මේ වගේ ප‍්‍රශ්න මට වගේම ඔබටත් මතු වෙලා තියෙන්න තියෙන්න පුළුවන්.

    උතුරු කොරියාවට සංචාරකයින් ඇතුල් වූ පසුව ඔවුනට කළ හැක්කේ මොනවාද යන්න පිළිබඳව දැනුවත් කෙරෙන අතර විශේෂයෙන් ඡායාරූප ගැනීම තහනම් බව දැනුම් දෙනවා. රේගු නිලධාරීන්ට ඕනෑම පරිගණකයක්, පරිගණක දෘඨ තැටි, ජංගම දුරකථන, හෝ මෙමරි කාඞ් පරීක්‍ෂා කළ හැකි අතර ඡායාරූප හසු වුණොත් ඒවා රාජසන්තක කරනවා. මේ නිසා බොහෝ විට ඡායාරූප රටින් පිටතට යන්නේ නැහැ.

    රජයේ නිල වාර්තා පවසන අන්දමට එරට කාන්තාවන්ට පිරිමින් හා සමාන අයිතිවාසිකම් තිබෙනවා. මේ වාර්තාවල සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත් මෙම ඉන්ස්ටග‍්‍රෑම් ඡුායාරූප පෙළ දුටු සැණින් එරට කාන්තාවන් ගැන අවබෝධයක් ඔබටත් ලබා ගන්න පුළුවන්.


    උතුරු කොරියානු ගැහැණු අධ්‍යාපනය ලබනවා

    EeTFLeP.jpg

    http3.bp.blogspot.com



    උතුරු කොරියානු ශිෂ්‍යයාවන් විශේෂිත වූ නිල ඇඳුමක් අඳිනවා. ප‍්‍රාථමික, මධ්‍යම, පාසල්, විශ්ව විද්‍යාල වශයෙන් තමන්ගෙ අධ්‍යාපන මට්ටම පෙන්වන බැජ් එකක් ඔවුන් පැළද සිටිනවා. තවද නිල ඇඳුම පිටතින් රට සහ නායකයින්ට ගෞරවය පෙන්වන සලකුණක් ඇඳ සිටිනවා.

    හමුදා සේවය අත්‍යවශ්‍යයි

    uCNiwgt.jpg

    New York Post



    ජාතික හමුදා සේවය ශක්තිමත් කිරීම සඳහා 2015 ට කළින් අවුරුදු 23 දක්වා කාන්තාවට හමුදා සේවය අත්‍යවශ්‍ය කෙරෙන නීතියක් පනවා තිබුණා. එම කාලය තුළ හමුදා සේවය ලබා දිය යුතු වූයේ ස්වෙච්ඡාවෙන්. එහෙත් මෙම වසරේ අපේ‍්‍රල් මාසයේදී උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් අතර ඇති වූ උණුසුම් වාතාවරණය හේතු කොටගෙන කිම් ජොන් උන් පැවසුවේ යුද්ධයක් පැන නැගුණහොත් කාන්තාවන් ලක්ෂ පහක් (500,000 ක්) සටන් පෙරමුණට යැවීමට සූදානම් බවයි. එය එසේ නොවේවායි පතමු.

    කොණ්ඩය සකස් කරන්න ඔවුන් සැලෝන් වලට යනවා

    fVuAW3b.jpg

    pickle.nine.com.au

    උතුරු කොරියාවේ රූපලාවන්‍යාගාර නැත්නම් සැලෝන් පවත්වාගෙන යනු ලබන්නේ රජයෙන්. සාම්ප‍්‍රදායික ශක්තිමත් කොණ්ඩ වලට ඔවුන් ඉතා ප‍්‍රිය කරනවා. උතුරු කොරියාවේ සිටින අය පවසන්නේ අලූ‍ත් ජනප‍්‍රිය විලාසිතාවලට කැමති යෞවනියන් රජයේ බලපත‍්‍ර රහිතව නීති විරෝධී ලෙස නිවෙස්වල පවත්වාගෙන යන සැලෝන් වලට ගොස් තමන්ගේ කොණ්ඩය සකස් කරගන්න බවයි.


    විවාහ උත්සව සිද්ධ වෙන්නේ මෙහෙමයි

    jdlqFk7.jpg

    Daily Mail


    උතුරු කොරියාවේ විවාහයන් තවමත් සම්ප‍්‍රදායක යි. ඒක වෙන්නේ මෙහෙමයි. මනාල යුවළ මංගල ඇඳුමින් සැරසිලා නිල විවාහ උත්සවයට සහභාගි වෙනවා. තමන්ගේ අසහාය නායකයාගේ පිළිරුව ඉදිරියට ගොස් පුෂ්පෝපහාරය දක්වනවා. මෙතැනදි තමයි මංගල ඡායාරූප ගන්නෙත්. ඊළග දවසේ නැවත සේවයට වාර්තා කරනවා.


    රැකියාවල නිරත වෙනවා

    ty8QHtI.jpg

    d.ibtimes.co.uk

    උතුරු කොරියාවෙ දැඩි හමුදාකරණයක් පවතින සහ පුරුෂ මූලික වූ සමාජයක් තුළ යුද බිමේ සේවයේ නිරත කාන්තාවන් දැක ගත හැකිය. උතුරු කොරියානු රජය යටතේ ක‍්‍රියාත්මක වන ජාතික සමානාත්මතාව පිළිබඳව කොරියානු ආයතනය පර්යේෂණයක් මගින් හෙළිකරගෙන ඇත්තේ නිවසේ ආදායමෙන් සියයට හැත්තෑවක් කාන්තාවන් විසින් උපයනු ලබන බවයි. සිය සැමියා රාජ්‍ය ආයතන වලට සහ හමුදා රැකියා වල සිරවී සිටින අතර ඇය වෙනත් ක‍්‍රමවලින් ආදායම් උපයනවා. එරට රැකියා නියුක්තිකයින්ගෙන් බාගයක්ම කාන්තාවන්.

    උතුරු කොරියාව තුළ ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ පූර්ණ කොමියුනිස්ට්වාදය නොවන අතර එරටට විශේෂිතව සකස් කර ගත් සමාජවාදී ප්‍රතිපත්තියකි. බටහිර රටවල් උතුරු කොරියාවේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් කුමක් ප්‍රකාශ කළත් එරට කාන්තාවන්ට යම් අයිතිවාසිකම් කොටසක් හිමිව තිබෙන බව උතුරු කොරියාවෙන් වාර්තා වී තිබෙන තොරතුරු අනුව පෙනී යයි.

    නිළ වශයෙන් කාන්තා අයිතිවාසිකම් මර්දනයක් සිදු වී නැති නමුත් පාලන තන්ත්‍රයට සම්බන්ධ වීම ඇතුළු යම් සීමා කිරීම්වලට ලක් වූ කාන්තා අයිතිවාසිකම් ද තිබේ. එමෙන්ම අනෙකුත් රටවල්වල ජීවත්වන බොහොමයක් කාන්තාවන් සේම සංස්කෘතිකමය වශයෙන් ව්‍යුහගත ස්ථාපනවලට කොටු වී සිටින්නට උතුරු කොරියානු කාන්තාවන්ටත් සිදුව ඇතැයි කිවහොත් එහි වරදක් නැත.



    මුලාශ්‍ර
    whimn.com.au
    රෝර්මීඩියා
    nypost.com

    ව"ල්ඩ් හෙල්ත් එකේ වැඩකට ලංකාවේ කෙනෙක් උතුරු කොරියාවේ ගිහින් ආවා. මිනිහා කියව්ව විදිහට, ඒ රටේ අවුල් තිබුනත් පෙන්න තරම්ම සාමාන්‍ය ජනයාට අවුලක් නැලු. මිනිස්සු තියන ටික මැ⁣නේජ් කරන් සේපට ඉන්නවා කියන්නේ. ඒ ලෝකෙන් වෙන්වෙලා නිසා උන්ට බාහිර ගැන ට්‍රෙන්ස්ඩ් නැති නිසාත්, පොලිටිකල් ඇජන්ඩා එක ගානට මිනිස්සු මැනිපියුලේට් කරලා තියන් ඉන්නවා කියන්නේ. රටට වැදගත් කියලා හිතන ෆොරිනස්ලාට නවතින්න රජයෙන්ම ඉන්විටේෂන් දෙනවාලු.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,898
    15,708
    113
    Ursa Major
    ව"ල්ඩ් හෙල්ත් එකේ වැඩකට ලංකාවේ කෙනෙක් උතුරු කොරියාවේ ගිහින් ආවා. මිනිහා කියව්ව විදිහට, ඒ රටේ අවුල් තිබුනත් පෙන්න තරම්ම සාමාන්‍ය ජනයාට අවුලක් නැලු. මිනිස්සු තියන ටික මැ⁣නේජ් කරන් සේපට ඉන්නවා කියන්නේ. ඒ ලෝකෙන් වෙන්වෙලා නිසා උන්ට බාහිර ගැන ට්‍රෙන්ස්ඩ් නැති නිසාත්, පොලිටිකල් ඇජන්ඩා එක ගානට මිනිස්සු මැනිපියුලේට් කරලා තියන් ඉන්නවා කියන්නේ. රටට වැදගත් කියලා හිතන ෆොරිනස්ලාට නවතින්න රජයෙන්ම ඉන්විටේෂන් දෙනවාලු.
    The entire country is a stage for the Truman Show. and what your friend sees is an elaborate hoax. not the truth.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,877
    113
    Homagama
    The entire country is a stage for the Truman Show. and what your friend sees is an elaborate hoax. not the truth.
    ඒ ලෝකෙන් වෙන්වෙලා නිසා උන්ට බාහිර ගැන ට්‍රෙන්ස්ඩ් නැති නිසාත්, පොලිටිකල් ඇජන්ඩා එක ගානට මිනිස්සු මැනිපියුලේට් කරලා තියන් ඉන්නවා කියන්නේ.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    උන් කොච්චර දුක් වින්දත් උන් හිතන්නෙ ඒක තමා උන් විඳින උපරිම සැප කියල. මොකද උන් දන්නෙ නෑනෙ උන්ගෙ රටෙන් පිට මිනිස්සු කොහොමද සැප විඳින්නෙ කියන එක.
    ඔක අනිත් පැත්තටත් හරි ඉතිං.අපි දුක් විදිනවා,එකාදිපති අනන්මන් හිතුවට වුන් සතුටින් ඉන්නවත් ඇති.අපි උතුරු කොරියාව ගැන දන්නේ ඒ ටික විතරයිනේ.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,805
    5,811
    113
    මම බැලුවා උතුරු කොරියාවේන් පැන ලා ගියපු කෙල්ලෙක්ගෙ video එකක්. දුක හිතෙනව.
    ඕක ඇහුවාම මට මතක් වෙන්නේ සදාම් කුවේට් අල්ලපු වෙලාවේ කුවේට් වලින් පැනලා ආපු කෙල්ලේක් UN ඒකේ කරපු කතාව. ඉරාක සොල්දාදුවෝ නොමේරු ළදරු ඒකකයේ හිටපු ළමයින්ව වෙඩි තියලා මරපු හැටි පොඩි ගෑනු ළමයින් දූශණය කරපු හැටි එහෙම ඒ කතාවේ කියනවා ලස්සනට. පස්සේ ඉතින්.......
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    නෝත් නෙවෙයි සවුත් කොරියන් කෙල්ලෙක් එක්ක වැඩ කරන්න සෙට් උනා කලින් වැඩ කරපු තැනක, උන් ඔක්කොම එහෙමද දන්නෙ නම් නෑ, පෙනුන විදියට උන්, උන්ට හොඳටම ෆිට් උනොත් මාර ලෝයල්, දන්න හැමදේම බොක්කෙ ඉඳන් කියල දෙනව, එකම අවුල හැමතිස්සෙම මොකක් හරි එකකට පුදුම වෙලා වගෙ ඉන්නෙ, මොකක් හරි දේකට කතා කරොත් ඉන්න තැනින් කඩාගෙන බිඳගෙන එනව :lol: කම්මැලි අයිස් සීන් නෑ...
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඕක ඇහුවාම මට මතක් වෙන්නේ සදාම් කුවේට් අල්ලපු වෙලාවේ කුවේට් වලින් පැනලා ආපු කෙල්ලේක් UN ඒකේ කරපු කතාව. ඉරාක සොල්දාදුවෝ නොමේරු ළදරු ඒකකයේ හිටපු ළමයින්ව වෙඩි තියලා මරපු හැටි පොඩි ගෑනු ළමයින් දූශණය කරපු හැටි එහෙම ඒ කතාවේ කියනවා ලස්සනට. පස්සේ ඉතින්.......
    ඉතිං මොකද උනේ
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    The entire country is a stage for the Truman Show. and what your friend sees is an elaborate hoax. not the truth.
    True.. one of my friends who visited said the same thing.. he was accompanied by the government given tour guide. He could only take photos of the places they only allow. He was not free to roam. He had to go only where they took him..