රටක් ලෝකයෙන් (ඇමරිකාවෙන්) වෙන් වුනාම, ඒ රටේ තොරතුරු අනෙක් රටවල ඉන්න අයට දැනගන්න විදිහක් නැතිවුනාම මිනිස්සු, ඒ ගැන එක එක දේවල් ඉමැජින් කරගන්නව... එක එක කට කතා නිර්මාණය කරගන්නව...
හැබැයි ඇත්තටම ලෝකයෙන් වෙන් වුනා කියල ඒ මිනිස්සු සොම්බි වගේ ජීවත් වෙනව කියල හිතන්න බෑනෙ.. උනුත් ඔහෙ සාමාන්‍ය විදිහට ඉන්නව ඇති...
සමහර විට ලෝකෙ අනික්රටවල් වල ඉන්න අයට වඩා හොඳ ජීවිතයක් ගතකරනවත් ඇති...
අද මිනිස්සු ජීවිතේ සතුටින් ගතකරනව කියන්නෙ සෝශල් මීඩියා වල පෝස්ට් බලලනෙ... එහෙමයි කියල සෝ.මී පාවිච්චි කරන්නෙ නැති මිනිස්සු දුකින් ඉන්නව කියන්න බෑනෙ... ගොඩක් වෙලාවට සෝ.මී වල කුණු හොයන්නෙ නැති මිනිස්සු අනික් මිනිස්සුන්ට වඩා හොඳින් ජීවිතේ ගතකරනව...
උන් කොච්චර දුක් වින්දත් උන් හිතන්නෙ ඒක තමා උන් විඳින උපරිම සැප කියල. මොකද උන් දන්නෙ නෑනෙ උන්ගෙ රටෙන් පිට මිනිස්සු කොහොමද සැප විඳින්නෙ කියන එක.
දැන් අපි සැප විඳිනව කියලද කියන්නෙ....
අපි ගැන කතාකරන්න ඕනෙ නෑ...
ඇමරිකාවෙ ඉන්න මිනිස්සු දුක් විඳින්නෙ නෑ කියල හිතනවද...