උතුරු කොරියානු න්‍යෂ්ඨික බලය මෙතරම් දියු

Captain jack sparrow

Active member
  • May 8, 2017
    199
    211
    43
    15°N 75°W
    උතුරු කොරියානු න්‍යෂ්ඨික බලය මෙතරම් දියු

    උතුරු කොරියානු න්‍යෂ්ඨික බලය මෙතරම් දියුණු වුණේ කොහොමද?

    agfb5y.jpg


    උතුරු කොරියානු න්‍යෂ්ඨික බලය යනු අතිශයොක්ති කතාන්දරයක් නම් නොවේ. උතුරු කොරියාව විසින් න්‍යෂ්ඨික අත්හදාබැලීම් සිදුකළ අවස්ථාවන්හිදී ඇතිවුණු භූකම්පන සැලකූ ලොව වටා විද්‍යාඥයින් විසින් ඒ කම්පන පරමාණුබලයෙන් සිදුකළ පිපිරීම් මිසක අන් කිසිවක් නොවන බවට ප්‍රබල මත පළකර තිබුණි.

    GgksvE.jpg
    උතුරු කොරියාව න්‍යෂ්ඨික අත්හදා බැලීම කරන ලද අවස්ථා සහ ස්ථාන

    මෙම ඉහත සටහන බැලූ විට එන්න එන්නම උතුරු කොරියානු පිපිරීම් වල තීව්‍රතාවය ඔවුන් වැඩිකරගෙන ඇති බව පැහැදිලිව පෙනෙන කාරණාවක්.


    උතුරු කොරියාව යනු

    45FL1z.png


    උතුරු කොරියාව කියන්නේ ලෝකයෙන් දුරස් වූ රටකි. දැඩි සම්බාධක හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල් සමග උතුරු කොරියාවට සම්බන්ධතා පවත්වන්නට අවකාශ නැත. චීන බෝඩරය හරහා අවධානම් ගමනක් ගෙවා චීනයට පැමිණෙන උතුරු කොරියානුවන් පවසන ආකාරයට නම් උතුර කොරියානු සාමාන්‍ය ජන ජිවිතය සාගතයෙන් පීඩාවට පත් බොහෝම කර්කශ ජීවිතයක්. වෙබ් අඩවි 28ක් පමණක් ඇති උතුරු කොරියාව ලෝකයේ අන්තර්ජාල භාවිතය අඩුම රටක්. පෘථිවියේ රාත්‍රී භාගයේ අහස නිරීක්ෂණය කරන විට දියුණු වී ඇති නාගරික ප්‍රදේශ විදුලි ආලෝකයෙන් ඔපවත් වී තිබෙනු දකින්නට පුළුවන්. එහෙත් ඒ දර්ශනයෙන්ද උතුරු කොරියාව කිසිදු ආලෝකයක් නොමැති කාන්තර ප්‍රදේශයක් ලෙස දිස්වන්නේ එහි මිනිසුන් විදුලි පහනක් වත් දැල්වීමට තරම් වත් හැකියාවක් නොමැති කම නිසාවෙනි.

    බොහෝ අවධානම් විෂයය ක්ෂේත්‍රයක් වූ න්‍යෂ්ඨික පරමාණුක විෂයය ක්ෂේත්‍රය උකහාගෙන ඉන් නොනැවතී ඒවායින් ආයුධ නිපදවන්නට මේ හුදකලා රට සමත් වීම සමස්ථ ලෝකවාසී සාමාන්‍ය ජනයාට මෙන්ම විද්‍යාඥයින්ට පවා පුදුම හිතෙන කාරණාවකි. උතුරු කොරියාවේ පිහිටීම අනුවත් බල තුලනය අනුවත් පරමාණුක බලය උතුරු කොරියාවට රුසියාවෙන් හෝ චීනයෙන් කෙලින්ම ලැබෙන්නට ඇති බවක් බොහෝ දෙනා දෙවරක් නොසිතාම තීරණය කරනවා ඇති. සුළු පරිමාණ පිපිරීමක් වුව මැඩපැවැත්වීමට අපහසු වීම, එහි බලපෑම සහිත ප්‍රදේශය වැඩිවීම, කාලයක් යනතුරු බලපෑම් පහව නොයෑම ආදී කරුණු සැලකූ කල සිය අල්ලපු වැටේ හිතුවක්කාර මිත්‍රයාට රුසියාව සහ චීන මිතුරන් මෙම බලය ලබාදේ යැයි සිතන්නට බැහැ.


    XCJH2W.jpg
    මිසයිලයක් පෙන්වන කිම් නායකයා

    සෝවියට් රුසියාව එදා 60 දශකයේදී උතුරු කොරියාවට දුන් පරමාණුක තාක්ෂණය

    SZgTRi.jpg


    දෙවන ලෝක මහා සංග්‍රාමය අවසානයේදී ඇමරිකානු ලැදි දකුණු කොරියාවද සෝවියට් හිතවාදී සමාජවාදී උතුරු කොරියාවද ලෙස සමස්ථ කොරියාව පලු දෙකක් වන පරිදි බෙදී ගියේය. සීතල යුද සමයේ 1960 දී සෝවියට් රුසියාව Yongbyon Nuclear Research Center නැමැති උතුරු කොරියාවේ ප්‍රමුඛතම පරමාණුක රසායනාගාරය බිහිකිරීමට සහාය උතුරු කොරියාවට ලබා දුන්නේය. එවකට උතුරු කොරියානු විද්‍යාඥයෝ රැසක් සෝවියට් රුසියාවට යවා ඔවුනට පරමාණුක තාක්ෂණය ලබා දෙන්නටද සෝවියට් රුසියාව සක්‍රියව දායක වුනි.

    දෙවන ලෝක යුධ සමයෙන් පසු 1964 දී චීනයද සිය පරමාණුක ශක්තිය දියුණු කරගන්නට වෙහෙසුනි. එම කාලයේදී උතුරු කොරියානු පාලකයා වූ කිම් ඉල් සුන් චීනය හා සමග එක්ව පරමාණුක තාක්ෂණය වැඩිදියුණු කරගන්නට වෙහෙසුනි. මේ අවස්ථා දෙකේදීම යාබද රටවල් දෙක උතුරු කොරියානුවන්ට පරමාණුක තාක්ෂණය ලබාදෙන්නේ ආයුධ නිපදවාගැනීමට නොවේ. බලශක්ති උත්පාදන කටයුතු සදහා උතුරු කොරියානුවන්ට මෙම තාක්ෂණික දැනුම ලබාදෙන්නට ඇති බව පොදු පිලිගැනීම වේ.


    lUnReF.jpg
    යුද්ධ පෙරහැරක ගෙනයන උතුරු කොරියානු මිසයිලයක්

    සකසා ඇති දෙයින් අවබෝධය ලැබීම

    JiZ2BG.jpg


    කුඩා කල ඇතැම් දක්ෂ දරුවන් ලැබෙන සෙල්ලම් බඩු පවා ගලවා නැවත සවිකර ඒවායෙන් ඉගෙන ගනිති. උතුරු කොරියාවේ මිසයිල සහ පරමාණුක බලයද එසේය. ඔවුන් ලැබුණ ඥාණයෙන් සහ සිමිත උපකරණ සහ අමුද්‍රව්‍ය භාවිත කොට වඩ වඩාත් දියුණු තියුනු මට්ටමේ පරමාණුක අවි තැනීමට වෙහෙස වූයේය.

    රොකට් තාක්ෂණය සම්බන්ධයෙන් නම් ඔවුන්ගේ මූලික රොකට්ටු බොහොමයක් ඔවුන්ට සෝවියට් දේශයෙන් ලැබී තිබූ රොකට්ටු හැඩය ගත් ඒවා වෙයි. එහෙත් ඒවායේ තාක්ෂණය සෝවියට් දේශයෙන් ලැබුනු පැරණි රොකට්ටු වලට වඩා ඉදිරිගාමීය. උතුරු කොරියාව ප්ලූටෝනියම් ක්‍රියාකාරක පිළිබඳ තාක්ෂණය මුලින්ම ලබාගන්නේ 1977 තරම් ඈත කාලයේදී එවකට සෝවියට් දේශයෙනි. මුල් කාලයේදී සෝවියට් දේශය විසින්ද ගිවිසුම් ගතව අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව උතුරු කොරියාවට තාක්ෂණය ලබා දුන් නමුත් වඩාත් අනතුරු දායක වූ මෙම පරමාණුක තාක්ෂණයෙන් ඔවුන් පර්යේශණ දිගින් දිගටම පවත්වා ඇත.


    පාකිස්ථාන සම්බන්ධතා

    1qlv1Y.jpg


    ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇති යුද්ධ උණුසුමට වර්ථමානයේ න්‍යෂ්ඨික අවි ද ඇතුලත් වී තිබේ. දකුණු ආසියානු රටක් ලෙස එය ලංකාවටද අභියෝගයකි.

    පාකිස්ථානය සහ උතුරු කොරියාව අතර සම්බන්ධතාවය 1970 දක්වා දිව යන්නකි. පාකිස්ථාන අලි භූතෝ සහ කොරියානු කිම් පරම්පරාව අතර සබඳතා ඇතිවන්නේ 1971 කාලයේදීය. එහෙත් වඩාත් ම සඵලදායී ලෙස එම සබඳතා වර්ධනය වන්නේ 1994 දී අලිභූතෝ ගේ දියණිය බෙනාසීර් භූතෝ ගේ කාලයේදීය. එම අවස්ථාවේදීද අදද කොරියානු පාලකයින් කිම් පරපුරට අයිති වූ අතර 1994 දී පාකිස්ථානයේ අගමැති බෙනාසීර් භූතෝ යනු 1973 පාකිස්ථාන අගමැති වූ අලි භූතෝ ගේ දුවණිය ය.


    xY0PX2.jpg
    සබ්මැරීනයක සිට උඩ අරින්නට සැරසෙන මිසයිලයක්

    ඇමරිකානු බුද්ධි අංශ වාර්ථා පවසන පරිදි පාකිස්ථානු පරමානුක විද්‍යාඥ AQ Khan කිහිප වතාවක්ම උතුරු කොරියාවේ සංචාරය කොට තිබේ. ගුවන් ගමන් වාර්ථා වල දැක්වෙන පරිදි පාකිස්ථාන සහ උතුරු කොරියාව අතර ගුවන් ගමන් රැසක් රහසේම සිදුව තිබේ. පාකිස්ථාන රජය විසින් මෙම කාරණා ප්‍රතික්ෂේප කරනු ලැබුවත් පාකිස්ථාන න්‍යෂ්ඨික තාක්ෂණික උපකරණ පවා උතුරු කොරියාව වෙත ලැබී තිබුණු බවට ඇමරිකානු රහස් ඔත්තු සේවාවන් විසින් වාර්ථා කොට තිබිණි. උතුරු කොරියාව සහ පාකිස්ථානය අතර මුහුදු ගමන්ද 2010 න් පසු ලෝක බලධාරින් විසින් තහනම් කොට තිබේ.

    නිල නොලත් වාර්ථා අනුව අබ්දූලි කදීර් ඛාන් නැමැති පාකිස්ථාන හමුදා විද්‍යාඥයා පවසා ඇති පරිදි ඔහු උතුරු කොරියාවට ගිය 1994 කාලයට වඩා 2001 වන විට උතුරු කොරියානු න්‍යෂ්ඨික සහ මිසයිල තාක්ෂණය ඔවුන් සැලකිය යුතු ලෙස වර්ධනය කොට ගෙන තිබේ.


    අන්තර්ජාතික වෙළඳ ජාලය

    උතුරු කොරියාව සහ චීනය අතර ඇත්තේ භූමිගත දේශසීමාවකි. න්‍යෂ්ඨික බලගැන්විම් වලට මෙන්ම රොකට්ටු තාක්ෂණයට ද මෙම චීන දේශසීමා හරහා අන්තර්ජාතික වෙළඳ ජාල ඔස්සේ බඩු භාණ්ඩ ගෙන්වාගන්නට ඇති බවට විශ්වාස කෙරේ. එසේම අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සමග අවි ආයුධ සහ පරමාණුක තාක්ෂණික උපාංග හඳුනාගත නොහැකි ලෙස කොටස් කොට උතුරු කොරියාවට ගෙන එන්නට ඇති බවට තාක්ෂණික විශේෂඥයෝ අදහස් පල කරති.


    kOpFyj.jpg

    බලය

    උතුරු කොරියාව සතු පරමාණුක බලය කෙතෙක්ද යන්න නිසියාකාරව කිව නොහැකි මුත් පොදු පිලිගැන්ම වන්නේ ජපානයට හෙලූ විශාල පරමාණු බෝම්බය මෙන් අඩක බලයක් වත් කොරියානු බෝම්බ සතුව ඇති බවකි. ඔවුන් 2016 දි අත්හදා බැලූ එක් පරමාණුක අවියකින් නිකුත් වූ භූමි කම්පාවේ ප්‍රමාණය රිච්ටර් මාපකයේ 5.3කි. එවන් සුවිශාල කම්පනයක් විශාල ප්‍රදේශයකට ඇති කරමින් භූගර්භයේදී පුපුරාගිය එම බෝම්බය කම්පන ආකාරය අනුව පරමාණු බෝම්බයක්ම බව චීන සහ අමරිකානු විශේෂඥ අධිකාරින් විසින්ද තහවුරු කොට තිබේ.

    මිසයිල ආකාර කිහිපයක්ම අත්හදා බැලූ මුත් තවමත් උතුරු කොරියාවට ඇමරිකාවට පහරදීමට අන්තර්මහද්වීපික බැලැස්ටික් මිසයිල තාක්ෂණය සවිමත් කොට ගෙන ඇත. ඒ සමගම යුද්ධ අවස්ථාවකදී පරමාණු බෝම්බ පතිත කිරීම කෙතරම් සාර්ථක වේදැයි තවත් ගැටලුවකි. එනම් අදාල ඉලක්ක වෙත පරමාණු බෝම්බය ප්‍රක්ෂේපණය කිරීම සාර්ථක වේදැයි විද්‍යාඥයින්ට ඇත්තේ ගැටලුවකි.


    tQzArw.jpg


    සම්බාධක වලින් බරපතල අවි නැවතුණා ද?

    uJsKUU.jpg


    උතුරු කොරියාව කොතරම් ලොවෙන් හුදකලා වුවත් , කෙතරම් සම්බාධක පැනවූවත් එයින් තවත් අසරණ වන්නේ එරට සාමාන්‍ය වැසියා පමණි. මුළු ලොවෙන්ම හුදකලා වූ උතුරු කොරියානු සාමාන්‍ය වැසියට ලොවේ අනෙක් රටවල් කෙබඳුද ජන දිවිය කෙබඳුද යන්න දැනගත නොහැකි වේ. එනම් මිලිටරිකරණයෙන් තොර වූ නිදහස කවර ආකාරදැ‘යි පරම්පරා ගණනාවක් තිස්සේ ඒකාධිපති පාලනයක සිටින උතුරු කොරියානුවන්ට වැටහෙන්නේ නැත. ඔවුන් සිය අසහාය නායකයාට වින කරන්නට සිටින යාබද දකුණු කොරියාවට සහ අමරිකාවට දෙස් දෙවොල් තබමින් නිතරම යුද්ධයකට සැරසෙමින් ලෙස සිය දිවිය යුද්ධ පිණිස කැපකරමින් සිටිති.

    අන්තර්ජාතික සම්බාධක වලින් උතුරු කොරියාව තව තවත් මුරණ්ඩු වීමක් ලෝකයෙන් සැඟවීමක් සිදුවන බවද ප්‍රකට මතයකි. එසේම මෙතෙක් සම්බාධක තිබියදීත් ලොව යුද්ධ තාක්ෂණයෙන් අගතැන්පත් රටක් ලෙස මිසයිල තාක්ෂණය සහ පරමාණුක බලයෙන් දියුණු ජාතියක් බවට පත්වීමට උතුරු කොරියාවට හැකිව තිබේ. එනම් ඒ පැනවූ සම්බාධක වලින් තව දුරටත් විනාශකාරී රෙජීමයේ බල බිඳීම වෙනුවට සැබෑ ලෝකයේදී සිදුව ඇත්තේ හාත්පසින්ම වෙනස් ප්‍රථිපලයකි.

    කෙසේ වෙතත් පරමාණුක අවි පිපිරීමක් ඇති තැන සිදුවන්නේ අදාල පලාතේ මුලුමහත් ජීවි අජීවි සියල්ල විනාශ වී යාමකි. අප රටවැසි සහෝදර සේවක සේවිකාවන් පිරිසක්ද යාබද උතුරු කොරියාවට සතුරු දකුණු කොරියාවේ සිය අඹුදරුවන් වෙනුවෙන් අපහසු රාජකාරි වල යෙදෙමින් රැකියා අවස්ථාව සලසා ගනිති.


    pLfqjI.jpg


    මූලාශ්‍ර:
    Roar Media
    bbc.com
    Wikipedia
     

    kasun69

    Well-known member
  • Mar 14, 2011
    1,748
    560
    113
    TFS ...

    You must spread some Reputation around before giving it to Captain jack sparrow again.