උතුරු නැගෙනහිරට සාධාරණ බලය බෙදීමක් අවශ්
copyright: ada derana
උතුරු නැගෙනහිරට සාධාරණ බලය බෙදාදීමකට ප්‍රධාන පක්ෂ එකඟවිය යුතු බව වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ අද(04) මහනුවර, හාරගම ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින්ය.
නව ආණ්ඩුවක් බිහිවී පළමු දින සියය තුළ විශාල වැඩ කොටසක් සිදුකළ ආණ්ඩුවක් තමා නොදැක ඇති බවත්, මේ වන විට මෙරට තුළ යහපාලනයක් ඇති බවත්, හෙතෙම එම අවස්ථාවේදී පෙන්වා දුන්නේය.
මේ වන විට ලෝකයේ සිටින නායකයින් ලංකාවට පැමිණීමට පොරකමින් සිටින බවත්, ඇතැම් කාල වකවානුවලදී එම ලෝක නායකයින් ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කර ඇති බවත්, ඒ මහතා අවධාරණය කර සිටියේය.
එසේම එළඹෙන මස පාර්ලිමේන්තුව විසිරුවා හැර මැතිවරණයක් පැවැත්වීමට නියමිත බවත්, මැතිවරණයෙන් පසු ජාතික ආණ්ඩුවක් පිහිටුවන බවත් ඔහු කීවේය.
ජාතික ආණ්ඩුවක් යනු ඇමතිධූර බෙදා ගැනීමක් නොවන බවත්, සෑම පක්ෂයක්ම එක මතයක සිට ප්‍රශ්න වලට මුහුණදීම ජාතික ආණ්ඩුවක කාර්යය බවත් කිරිඇල්ල මහතා සඳහන් කළේය.
එසේම එක මතයක නොසිට කටයුතු කළහොත් අනාගතයේදී ප්‍රශ්න රාශියකට රටක් ලෙස මුහුණදීමට සිදුවන බවත්, ඉන් එක් ප්‍රශ්නයක් වනුයේ උතුරු නැගෙනහිර ප්‍රශ්නය බවත් ඒ මහතා පැවසුවේය.
තවද උතුරු නැගෙනහිර ප්‍රශ්නයට ප්‍රධාන පක්ෂ දෙක එකතුවී සාධාරණ බලය බෙදීමකට එකඟවිය යුතු බවත්, යුද අපරාධ ප්‍රශ්නයටද ප්‍රධාන පක්ෂ එකතු වී මුහුණ දිය යුතු බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එම අවස්ථාවේදී වැඩිදුරටත් කියා සිටියේය.

bayyonge mole tarama tama