උතුරු මැද සසල කල
"උතුරු මැද සසල කල අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්ලකළ ප්‍රහාරයයෙන් එය බේරාගත් වීරයන්ගේ මහා සෙනවියා කියන ඒ නොඇසූ කතාව........ "
~විශේෂ බළකායේ ලුතිනන් කර්නල් ජෝෂප් ප්‍රදීප් චන්දිමාල් පීරිස් RWP.~
(ඉහත ජායාරුපයේ කළුපැහැ නිලඇදුමින් සිටින්නේ ඔහුය )
“එදා අපේ විශේෂ බලකා පුහුණු පාසලේ පුනරීක්ෂණ පාඨමාලාවක් අවසන් කළ භට පිරිසක් ආපසු යුද පෙරමුණට යන්න සූදානමින් හිටියා. මම ඒ වෙලාවේ හිටියේ මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ. පුහුණුව අවසන් කළ භට පිරිස නිලධාරීන් පහක් සමඟ සංඛ්‍යාවෙන් හැටක්. අපි රාත්‍රියේම පිටත්වෙලා වවුනියාවට ආවා. ඒ වෙනකොට අපේ සටන් පෙරමුණු පැවතුණේ කල්මඩුවල. ඔක්තෝබර් විසි දෙවැනිදා පාන්දර කල්මඩු සටන් පෙරමුණට යන්න තමයි අපි සූදානමින් සිටියේ. ඒත් පාන්දර තුනයි තිහට විතර මට දුරකථන ඇමතුමක් ලැබුණා. කතා කළේ බ්‍රිගේඩියර් නිර්මාල් ධර්මරත්න. ඔහු තමයි ඒ අවස්ථාවේ විශේෂ බළකායේ බලසේනාධිපති වශයෙන් ක්‍රියා කළේ. ඔහු මට කතා කරලා කිව්වා අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වෙනවා. මාත් සමඟ වවුනියාවට ඇවිත් ඉන්න භට පිරිස කඳවුර මුදා ගන්න යවන්න කියලා.
මම ඉක්මනින්ම තත්ත්වය සොයා බැලුවා. මරාගෙන මැරෙන ත්‍රස්තවාදී කණ්ඩායමක් කඳවුර ඇතුළට ඇවිත් ප්‍රහාර එල්ල කරනවා. යානා විනාශ කරනවා. තත්ත්වය බැරැරුම් කියලා තමයි මට තේරුණේ. මම භට කණ්ඩායම සූදානම් කරන අතර ආපහු බලසේනාධිපති තුමාට කතා කළා. තත්ත්වය වාර්තා කරලා භට පිරිස එක්ක මුදා ගැනීමේ මෙහෙයුමට මමත් දායක වන බව මම ඔහුට දැනුම් දුන්නා. බලසේනාධිපති තුමාගේ අවසරය මත අපි ගුවන් හමුදා කඳවුරට යනකොට දෙපිරිස වෙඩි ප්‍රහාර එල්ල කර ගනිමින් හිටියේ. ඉක්මනින්ම ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා මට තේරුණා. ත්‍රස්තවාදීන් කී දෙනෙක් කඳවුර ඇතුළේ ඉන්නව ද? ඔවුන් හැංගිලා ඉන්නේ කොහේද කියන ප්‍රධාන ප්‍රශ්නවලට පිළිතුරු හොයා ගන්න සිද්ධ වුණා. ගුවන් හමුදා කඳවුරු ප්‍රධානියාගෙන් කඳවුර ගැනත්, දැනට ප්‍රහාර එල්ල කරන භට පිරිස් ගැනත් ඉක්මන් විස්තරයක් මම ලබා ගත්තා.
ඊට පස්සේ මගේ භට පිරිසෙන් මේජර් කෝසල විජේකෝන් සමඟ අට දෙනෙක් ගෙන් සමන්විත පිරිසක් තෝරා ගත්තා. මේ කඳවුර අපි නිතර ආව ගිය තැනක්. ඒ නිසා කඳවුරේ ගුවන් පථය හා අවට ගැන සරල අදහසක් මගේ හිතේ තිබුණා. ඒ අතරේ කඳවුරේ ආයුධ ගබඩාවත් තෙල් ගබඩාවත් ස්ථානගත වෙලා තියෙන්නේ කොහේද කියලා මම හොඳින් හඳුනා ගත්තා. මොකද ත්‍රස්තවාදීන් ඒවාට ප්‍රහාර එල්ල කිරීම වැළැක්විය යුතුම වුණා. එහෙම නැත්නම් වෙන හානිය බරපතළයි. දෙපාර්ශ්වය වෙඩි ප්‍රහාර එල්ල කර ගනිද්දී අපි කොහොමහරි ගුවන් යානා රඳවනය ළඟටම ගියා. දැන් මට සතුරා ප්‍රහාර එල්ල කරන්නේ කොහේ ඉඳල ද කියලා හොයා ගන්න ඕනේ.
ඒත් හැම පැත්තෙන්ම වෙඩි ප්‍රහාර එල්ල වන නිසා සතුරා හඳුනා ගන්න අමාරුයි. කඳවුරේ සංඥා කුලුන තිබුණේ අපේ අතේ. මම ඒක ප්‍රයෝජනයට අරගෙන සෙබළුන් දෙදෙනෙක් සන්නිවේදන උපකරණ එක්ක කුලුන උඩට නැංගෙව්වා. ඊට පස්සේ බීටීආර් රථයක් ගුවන් පථය මැදට යැව්වා. අපේ ගුවන් හමුදා භට පිරිස් බීටීආර් රථයට වෙඩි තියන්නේ නැහැ. ඒත් සතුරා හිතන්නේ රථය සමඟ ඔවුන්ට ප්‍රහාරයක් එල්ල වෙනවා කියලා. ඒ අනුව සතුරා ප්‍රහාර එල්ල කරන්නේ කොතන ඉඳන් ද කියලා මම හඳුනා ගත්තා. කුලුන උඩ හිටපු භටයන් නිවැරැදි තොරතුරු ලබා දුන්නා. සතුරන් ඉන්න තැන් හඳුනා ගත්තාට පස්සේ විශේෂ බලකා භට පිරිසෙන් තවත් අට දෙනෙක් ගේ කණ්ඩායම් දෙකක් තෝරගෙන සතුරා විනාශ කිරීමට ඔවුන් යෙදෙව්වා. පසුදා උදේ දහය වෙනකොට අපි කඳවුර සම්පූර්ණයෙන්ම සතුරාගෙන් මුදා ගත්තා.”
''මෙවන් විරුදරුවන් රටට ඉමහත් ආඩම්බරයකි ඔවුන් හට යෝද බල යෝද වීර්ය ලැබේවා ....!''