උතුරු_කොරියාවේ_දේශපාලන_සිර_කඳවුරු

siripala

Member
Oct 10, 2006
2,869
442
0
උතුරු_කොරියාවේ_දේශපාලන_සිර_කඳවුරු

උතුරු කොරියාවේ දේශපාලන සිර කඳවුරු


131205111527_north_korea_512x288_afp_nocredit.jpg


උතුරු කොරියාවේ පවත්වා ගෙන යන මහා පරිමාණයේ දේශපාලන සිර කඳවුරු ගැන හෙළිදරව් කෙරෙන චන්ද්‍රිකා රූපවාහිනී දර්ශන, ඇම්නෙස්ටි ජාත්‍යන්තරය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

ඇම්නෙස්ටි සංවිධානයේ නැගෙනහිර ආසියානු කලාපයේ පර්යේෂණ අධ්‍යක්ෂිකා රොසෑන් රෛෆ්(Roseann Rife) ප්‍රකාශයක් කරමින්,උතුරු කොරියානු දේශපාලන සිර කඳවුරුවල යටිතල පහසුකම් තවත් වැඩි දියුණු කෙරෙමින් පවතින බවක් ලැබී ඇති චන්ද්‍රිකා ඡායාරූප මගින් පෙන්නුම් කෙරෙන බවයි කියා සිටියේ.

ඇම්නෙස්ටි ජාත්‍යන්තරය තක්සේරු කරන ආකාරයට,උතුරු කොරියානු එක් දේශපාලන සිර කඳවුරක් හතරැස් කිලෝ මීටර් පන්සීයකටත් වඩා විශාලයි.

භූමි ප්‍රමාණය අනුව එය ඇමෙරිකාවේ විශාල නගරයකට සම මට්ටමකයි පවතින්නේ.

දේශපාලන සිර කරුවන් මරා දමනු ලැබීමට පෙර, ඔවුන් ලවාම ඔවුන්ගේ මිනී වල කණින බව හිටපු කඳවුරු නිලධාරියෙක් උපුටා දක්වමින් ඇම්නෙස්ටි ජාත්‍යන්තරය වැඩි දුරටත් කියා සිටියි.

එය දෙලක්ෂයක පමණ දේශපාලන සිරකරුවන් සිර කර තබන කඳවුරු ජාලයක් බවයි,ඇම්නෙස්ටි සංවිධානය පවසන්නේ.

එහෙත් ඉහත කී අදහස් බැහැර ලමින් උතුරු කොරියාව කියා සිටින්නේ,සිය භූමියේ එවැනි දේශපාලන සිර කඳවුරු නොමැති බවයි.


BBC Sinhala Sandeshaya

===========================================
මාගේ මතය : උතුරු කොරියාව වහාම නිරායුධ කොට එහි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කලයුතුයි.