මේ පෝස්ට් එකෙන් ඒ මිනිස්සුන්ට තියෙන ප්රශ්න ගැන කතා කරන්නෙ නැති හින්දා මේක අන්තවාදී පෝස්ට් එකක් කියලයි මට හිතෙන්නෙ. පොඩ්ඩක් හොයල බලන්න ඒ මිනිස්සු ජීවත්වෙන තත්වෙ ගැන. මම මේ කියන්නෙ ඒ පලාත් වලින් කැම්පස් ආපු අය එක්ක කතා කරලා තියෙන හින්දයි.
එල්.ටී.ටී.ඊ එකෙන් මැරිච්ච සහෝදරයෙක් නෑයෙක් ඔබට ඉන්නවද? එහෙම නං ඔබට තේරෙයි එහෙම උනාම කොච්චර වෛරයක් ඒ සංවිධානය එක්ක ඇති වෙනවද කියලා. ඒ දේ මේ මිනිස්සුන්ටත් පොදුයි. මොනව උනත් හැමෝම හැගීම් තියෙන මිනිස්සුනෙ.
වෛරයෙන් වෛරය නොසන්සිදේ. අපි කරන්න ඕන ඒ මිනිස්සුන්ගේ තියෙන වැරදි මත නැති කරන එක මිසක් සිංහල මිනිස්සුන්ගෙ ලේ කුපිත කරන එක නෙවේ

