උතුරේ හමුදාව තහනම්
උතුරේ පාසල් උත්සවවලට හමුදාව ගෙන්වීම තහනම්
පළාත් සභාවට යෝජනාවක්
උතුරේ පාසල්වල හා සිවිල් කටයුතුවලට හමුදාව සම්බන්ධ කර ගැනීම තහනම් කිරීම පිණිස උතුරු පළාත් සභාව යෝජනාවක් කෙටුම්පත් කර සම්මතකර ගැනීමට පියවර ගෙන ඇත.
උතුරු පළාත් සභාවේ සභාපති එස්. සිවඥානම් ඊට මුල් වී තිබේ.
මෙම යෝජනාවට අනුව කිසිදු පාසලක ක්රීඩා තරග හෝ වෙනත් උත්සවවලට හමුදා නිලධාරීන් ගෙන්වා ගැනීම තහනම් කරන නියෝග පාසල් ප්රධානීන් වෙත යවනු ඇත.
මෙයට හේතු වී ඇත්තේ මෑතකදී උතුරේ පාසල් උත්සවයකදී හමුදා නිලධාරියකු ජාතික කොඩිය එසවීම යෑයි උතුරේ ආරංචි මාර්ග පවසයි.
කීර්ති වර්ණකුලසූරිය
<divaina>