උදයන්තිගේ අනග රැගුමෙන් ෂූටින් නවතියි 18+

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    උදයන්තිගේ අනග රැගුමෙන් ෂූටින් නවතියි 18+

    උදයන්තිගේ අනග රැගුමෙන් ෂූටින් නවතියි 18+




    udayanthi.gif







    ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘මිලා’ මෙගා ටෙලි නාට්‍යහි අත්තනගල්ල ප‍්‍රදේශයේ වලව්වක පසුගියදා සිදුකළ රූගත කිරීම් හදිසියේ නවතා දැමීමට සිදුවී ඇතැයි වාර්තා වේ.
    මොහාන් නියාස් මහතා විසින් අධ්‍යක්‍ෂණය කරනු ලබන මෙම ටෙලියේ රූගත කිරීම් හදිසියේ නැවැත්වීමට සිදුව ඇත්තේ එහි ප‍්‍රධාන චරිත සඳහා පණ පොවන උදයන්ති කුලතුංග හා ධනංජය සිරිවර්ධන නිසා බව පැවසේ.

    මොවුන් දෙදෙනාගේ අනග රැගුමක් අදාළ රූගත කිරීම් සිදු කළ වලව්වේ හිමිකරුට හසුවීම හේතුවෙන් ඔහු මෙම ටෙලිය එම වලව්වේ රූගත කිරීමට විරුද්ධ වී ඇතැයි වාර්තා වේ.


    පසුව එහි නිෂ්පාදක කණ්ඩායම හා නළු නිළියෝ සියළුම බඩු බාහිරාදිය රැගෙන නැවත ගෙවල්බලා පිටත්වූ බවද පැවසේ.


    ප‍්‍රවීණ රංගන ශිල්පී සරත් දික්කුඹුරගේ කතා සංකල්පයක් ඇසුරින් මාධ්‍යවේදී දයා රාජපක්‍ෂ විසින් මිලා හි තිර පිටපත සකස් කර තිබේ.


    ජගත් විෙඡ්නායකගේ නිෂ්පාදනයක් වන මිලා කොටස් සියයකින් සමන්විත ටෙලි නාට්‍යකි.

    කුඩා කාලයේදී දෙමාපිය රැකවරණය අහිමි වීම මත කන්‍යාරාමයක (කොන්වන්ට්) නේවාසිකව හැදෙන ගැහැනු දරුවෙක් මූලික කරගනිමින් මිලා කතාව ගෙතී තිබේ.


    ඇය වයස අවුරුදු දහ අටේදී කන්‍යාරාමයෙන් නික්ම තම දෙමාපියන් කවුරුන් දැයි සොයාගෙන යන ගමනේදී සමාජය සමග ගැටෙන ආකාරය, විඳින දුක් ගැහැට හැල හැප්පීම්, මිලා හි ප‍්‍රධාන චරිතය නිරූපණය කරන උදයන්ති කුලතුංග ඔස්සේ නිරූපණය වේ.


    කතාවේ මැද භාගයේදී තම පියා මිය ගොස් ඇත්තේ මිනී මැරුමකින් බවත් ඇය සොයාගනී.


    වසන්ති චතුරානි, කිංස්ලි ලෝස්, ජී. ආර්. පෙරේරා, උදයන්ති කුලතුංග, ධනංජය සිරිවධන, සරත් දික්කුඹුර, සේනක විෙඡ්සිංහ, අංජල් මල්ලවාරච්චි, බුද්ධික ලොකු කැටිය සහ නවක ශිල්පීන් වන දිනුෂා ජයරත්න, තිස්ස ගුණතිලක මෙහි චරිත නිරූපණය කරති.


    චමින්ද වික‍්‍රමසිංහ මෙහි විධායක නිෂ්පාදකයා ලෙස කටයුතු කරනු ලබයි.

    udayanthi.jpg


    meela.gif



    Udayanthi+Kulathunga+Hot+Blue+Dress+2.jpg
    udayanthi+kulathunga+%252814%2529.jpg

    udayanthi+kulathunga+%25288%2529.jpg
    udayanthi+kulathunga+%25281%2529.jpg

    Udayanthi+Kulathunga+Hot+Blue+Dress.jpg


    melaaa.gif

    udayanthi+kulathunga+%2813%29.jpg
    udayanthi+kulathunga+%2811%29.jpg
    udayanthi+kulathunga+%287%29.jpg
    udayanthi+kulathunga+%286%29.jpg

    udayanthi+kulathunga+%282%29.jpg
    udayanthi+kulathunga+%283%29.jpg


    Lk-Model-Actress-Udayanthi-Kulathunga%2527s-Cute-Photos1.jpg
    udayanthi.jpg
    Lk-Model-Actress-Udayanthi-Kulathunga%2527s-Cute-Photos3.jpg




    hapo ubala atha wana wana yanne nathiwa mata REP+ deela palayalla nikan atha kahanwata wage :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:
    Aug 13, 2010
    423
    106
    0
    නරකමුල්ල
    ඇයි මේ උදයන්ති ගැන විතරක් කියන්නේ. උදයන්ති තනියම නිදාගන්න එකක් නැහැනේ...අනිත් එකා ගැනත් කතා කරපල්ලකෝ. හැම තැනම වෙන්නේ මේකයි. කෙල්ල වේසබඩුව, කොල්ලා හොඳ එවුන්. පහුගිය කාලේ පෝන් ස්ටාර් වුනෙත් අහිංසක කෙල්ලෝ. ඒවා කරපු කොල්ලෝ නිදහස්.

    මේ අවුරුද්දේ දවසක අවසන් කතාව පවත්වනවා
    ධනංජය සිරිවර්ධන
    http://www.divaina.com/2011/02/13/cineart02.html

    "නළුවා" කියන වචනයට මම කැමති නැහැ..

    dananjaya.jpg


    තමන් දායකවුණු පළමු නිර්මාණයෙන්ම සම්මානයට පාත්‍රවීම රංගන ශිල්පියෙකුගේ ජීවිතයේ විශාල කඩඉමක්‌ කියලයි බොහෝ දෙනා කියන්නේ. ධනංජය සිරිවර්ධන නමැති රංගන ශිල්පියාද යෞවනයේ සිටින රංගධරයන් අතරින් එම කඩඉම ජයගත් තරුණයෙක්‌ ලෙස සඳහන් කළ හැකියි. මේ දිනවල ඔහු වැඩිපුර කතා බහට ලක්‌වන්නේ ස්‌වාධීන රූපවාහිනියේ විකාශය වන මිලා හි අභීත් වගේම සිරස නාලිකාවේ පූජා හි ජීවන්ත ලෙසයි. එපමණක්‌ නොව ජාතික රූපවාහිනියේ සුන්දරයි පාන්දර ටෙලියේ ආකාශ් යන චරිතයෙනුත් ඔහු රංගන හැකියාවන් පෙන්වනවා. මේ නිසා අපි ධනංජයගේ අලුත්ම තොරතුරු මොනවද කියල දැනගන්න අදහස්‌ කළා.

    ධනංජය රහස්‌ පරීක්‍ෂකයෙක්‌ වෙලා කියන්නේ ඇත්තද?

    මේ දවස්‌වල විකාශය වන මිලා ටෙලි නාට්‍යයේ අභීත් ප්‍රතාපසිංහ කියන චරිතයෙන් නිරූපණය වෙන්නේ රහස්‌ පරීක්‍ෂකවරයෙක්‌. එය අමුතුම හැඩයක්‌ ගත් ටෙලි නාට්‍යයක්‌. මොකද කුතුහලය දැනවීම වැඩි නිසා. මේ නාට්‍යය ආරම්භයේදී කතාව තේරුම් ගැනීමට අපහසුයි.

    මිලා ගැන මොකද හිතෙන්නේ ?

    මිලා කියන වචනයට හින්දියෙන් කියන්නේ හමුවීම කියලා. ඉතිං මේ නාට්‍යයේදී මට මිලා හමුවෙයිද නැද්ද කියලා දන්නේ නැහැ. මම තවම මිලා සොයාගෙන යනවා.


    සැබෑ ජීවිතයේදී නළුවෙකුට වඩා රහස්‌ පරීක්‍ෂකවරයෙක්‌ වුණා නම් හොඳයි කියලා හිතෙන්නේ නැතිද?

    සැබෑ ජීවිතයේදීත් රහස්‌ පරීක්‍ෂක වැඩ කරනවානේ. ඒක ඉතිං පොඩි රසවත් වැඩක්‌. තරුණයො විදිහට රහස්‌ පරීක්‍ෂක වැඩවලට කැමැතිනේ.

    ඔබට වැඩිපුර ලැබෙන්නේ මොනවගේ චරිතද?

    මුල් කාලයේදී නම් මට වැඩිපුර ලැබුණේ දුෂ්ඨයා, සල්ලාලයා, පාතාලයේ වැනි කළු චරිත. නමුත් දැන් දැන් අධ්‍යක්‍ෂකවරුන්ට මගෙන් ආදරණීය බවක්‌ පෙනෙන්න පටන්අරන්. ඒ නිසා මේ දවස්‌වල ආදරවන්තයාගේ චරිත තමයි මට ලැබෙන්නේ. ඒa චරිත ඒකාකාරී වුණත් එය තුළ පොඩි පොඩි වෙනස්‌කම් තිබෙනවා.

    වඩාත්ම ගැලපෙන්නේ මොනවගේ චරිත කියල ද හැඟෙන්නේ ?

    ඇත්තටම කැමති දුෂ්ඨයාගේ චරිතවලට. මොකද මම දැකලා තිබෙන මිනිසුන් ප්‍රතිනිර්මාණය කරන්න ආසයි. මිනිසුන්ට හිතාගන්න බැරි චරිත කරන්න තමයි කැමැති.

    ඇත්තද ධනංජයත් සමාජයට දුෂ්ඨකම් කරන කෙනෙක්‌ කියන්නේ ?

    සැබෑ ජීවිතයේදී දුෂ්ඨයා වගේම අහිංසකයොත් ඉන්නවා. මම කරපු හැම චරිතයක්‌ම මගේ සැබෑ ජීවිතයේදීත් තියෙනවා. අවශ්‍ය වෙලාවට ඒ චරිතය මට එළියට ගන්න විතරයි තියෙන්නේ.

    නළුවෙකු කියන චරිතය ගැන ඔබ හිතන්නේ මොන විදිහටද?

    නළුවා කියන වචනයට වඩා මම කැමැති රංගන ශිල්පියා කියන වචනය පාවිච්චි කරනවාට. මොකද ලංකාවේ නළුවා සහ රංගන ශිල්පියා අතර ලොකු වෙනසක්‌ තිබෙනවා. රංගන ශිල්පය කියන්නේ විද්‍යාත්මකව හැදෑරිය යුතු විෂයක්‌. අපිට එය ඉගෙන ගෙන අවසන් කරන්න බැරි දෙයක්‌.

    ආපහු මෙගා නාට්‍යවල රඟපාන්න හිතුණේ ඇයි ?

    දැනට ලංකාවේ වැඩිපුර රූගත කෙරෙන්නේ මෙගා නාට්‍ය. නමුත් මිලා කියන්නේ එතරම් දිග නාට්‍යයක්‌ නොවෙයි. මෙහි මුල සිට අගට සිදුවන කතා සාරංශය අපි දන්නවා. මොකද සත්‍ය කතාවක්‌ පසුබිම් කරනගෙනයි මිලා නාට්‍ය දිගහැරෙන්නේ. මේක ගොඩක්‌ මිනිස්‌සුන්ට එපාවෙයි කියන මට්‌ටමට ඇදෙන එකක්‌ නොවෙයි කියලා මම පැහැදිලිවම දන්නවා.

    වෙනදාට වඩා අද වන විට ක්‍ෂේත්‍රයට නවකයන් බිහිවෙනවා. ඔවුන් අභියෝගයක්‌ද?

    කොහෙත්ම නැහැ. හැබැයි මම අභියෝගයක්‌ කරගන්නවා වෘත්තීය මට්‌ටම තුළ. මොකද මට යම්කිසි තරගයක්‌ තිබ්බේ නැතිනම් මාවවත් හැදෙන්නේ නැහැනේ. අද ඉන්න තරුණයන්ට හොඳ හැකියාවක්‌ තිබෙනවා. මම හරි කැමැතියි ඔවුන් සමග වැඩ කරන්න. මොකද මටත් ඔවුන්ගෙන් දෙයක්‌ ඉගෙන ගන්න තිබෙන නිසා.

    ධනංජයට මේ හැම දෙයක්‌ම ලැබුණේ කලා පවුලකින් පැවත එන නිසා නේද?

    වෙන්නත් පුළුවන්. අපි කලාව පොඩි කාලේ ඉඳන් දැක්‌කා. සමහර වෙලාවට හිතනවා ඇති අපි කලාව ගැන දන්නවා වැඩිද කියලා. නමුත් බලන් ගියහම අපි කලාව ගැන දන්නේ නැහැ. මම ගෙදර පාවිච්චි කරලා නළුවෙක්‌ වුණේ නැහැ. අදටත් මම කාගෙ කවුද කියල දන්නේ නැති පිරිසක්‌ ඉන්නවා.

    ළඟදීම අරවින්ද යායේ මල් පිපෙනවා. එතකොට ධනංජය...

    මගේ නම ඉවසන ධනා. තවම මට ඉවසන්න කල් තිබෙනවා. මගේ යාළුවො මට කියන්නේ ධනා කියලා. කට කතා වලින් මිනිස්‌සු මා ගැන ගොඩක්‌ දේවල් කතා කරනවා. මම නොදන්න දේවලුත් ඒ අය දන්නවා. ඉතිං ඒ ඔක්‌කොටම අවස්‌ථාව දීලා මේ අවුරුද්දේ කවදාහරි දවසක මම අවසාන කතාව පවත්වනවා.

    හැබැයි ඉතිං ගින්නක්‌ නැතුව දුමක්‌ නඟින්නේ නැහැ නේද?

    ගින්නකුත් ඇති. එය අතරේ මීදුමකුත් හමනවා. ඔවුන් මට අවස්‌ථාව දෙනවා. ඔය ඔක්‌කොමලා කතා කරපු දෙන්. අන්තිම කතාව කරන්න මට අයිතියක්‌ තියෙනවානේ.

    ඒ කියන්නේ කසාඳ බඳිනවා කියලනේ..

    ඒක මගේ අන්තිම කතාවේ සඳහන් වෙයි.

    ඇයි ඒ ගැන කියන්න ඔය තරම් අකමැති ?

    මම කැමැතියි මිනිස්‌සුන්ට කුතහලයක්‌ දෙන්න. මොකද මගේ ජීවිතයේ ගොඩක්‌ දේවල් වලදී මම මිනිස්‌සුන්ට කුතුහලයක්‌ දීලා තියෙනවා. අනික මට අයිතියක්‌ තියෙනවා මගේ ජීවිතයේ දී දේවල් බොහොම ලස්‌සන විදිහට සුන්දර විදිහට මිනිස්‌සුන්ට තිළිණ කරන්න.

    http://www.divaina.com/2011/02/13/cineart02.html
     
    Last edited: