මචන් මට අද මාර සතුටුයි.
මීට මාස කීපෙකට කලින් මම ජොබෙන් අයින් වුණා ස්ට්‍රෙස් ප්‍රශ්නයක් නිසා. කෙලින්ම ෆීලාන්ස් බැස්සා හරියට බේස් එකක්වත් නැතිව, ඒත් ඉතුරු කරපු ගානක් ළඟ තිබුණා. කොහොමහරි ඒකෙන් යූස් කරපු PC එකක් අරන් වැඩේට බැහැලා ෆ්‍රීලාන්ස් පටන් ගත්තා. ටික ටික ඩොලර්ස් එන්න ගත්තම මාර හැපි.
කලින් ඔෆිස් එකෙන් අයින් වෙද්දි ඒකේ ලැප්ටොප්, ෆෝන් බාරදීලා PC එකක් ගත්ත නිසා මට ලැප්ටොප් එකක උවමනාවක් තිබ්බේ නෑ. 2014 කැම්පස් කාලේ ටික ටික ගෙවන්න ගත්ත Toshiba ලැප්ටොප් එකක් මගේ ළඟ තිබුණා. PC එකේ මොකක් හරි කේස් එකක් ගියොත් බැකප් එකට තියාගෙන හිටියේ ඒ ලැප්ටොප් එක.
ඒ අස්සේ ගෙවල් පැත්තේ කෙනෙක් කිව්ව දුප්පත් ළමයෙක් ඉන්නවා මේ අවුරුද්දේ O/L කරන, පරණ පොඩි ෆෝන් එකකින් තමයි ඉගෙනගන්නේ, එයාට ෆෝන් එකක් ගන්න උදව් කරන්න පුලුවන්ද කියලා. මම ළමයට අර ලැප්ටොප් එක දුන්නා.
ටික දවසකට පස්සේ මගේ PC එක කෙල වුණා, දවස් කීපයක් වැඩ කරගන්න විදියක්වත් නැතිව ඉඳලා, ගෙවල් ළඟ උන්ගේ කම්පියුටර් වලිනුත් වැඩ කරලා අන්තිමේ PC එක ගත්ත තැනට රිටර්න් කරලා වෙනත් එකක් ගත්තා.
ඔහොමම මට ලැප්ටොප් සීන් එක අමතක වෙලා ගියා. ඒ ළමයා ගැනත් ආයේ හොයන්න වුණේ නෑ.
අද කෝල් එකක් ආවා, කෙල්ලට රිසාල්ට් ඇවිත්, A9යි
පට්ට හැපි.