උද්ධමනය හොදටම බහී… 📉

sylvaticus

Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 අගෝස්තු මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කරයි.

    ඒ අනුව 2024 ජූලි මාසයේ දී 2.5% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 අගෝස්තු මාසය සඳහා 1.1% ක් දක්වා අඩු වී ඇත.

    2024 ජූලි මාසයේ දී 2.9% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 අගෝස්තු මාසයේ දී 2.3% ක් දක්වා අඩු වී ඇත.

    එමෙන්ම, 2024 ජූලි මාසයේ දී 2.2% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 අගෝස්තු මාසයේ දී 0.2% ක් දක්වා අඩු වී ඇත.