උදාවන වසර ඔබට කොහොමද?
උදාවන වසර ඔබට කොහොමද?..........
පොදු තත්ත්වය
මේෂ ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති කුජ හා ලග්න නැකත් අධිපතින් ශූභා ශූභ මිශ‍්‍ර බලයෙන් සිටින මොහොතේ උදාා වන නව වසර ඔබගේ අත්‍යවශ්‍ය කාර්යය කටයුතු කෙරෙන් ද ශූභා ශූභ මිශ‍්‍ර බවක් ඇති කරයි. බාධා මධ්‍යයේ නමුදු ක‍්‍රමයෙන් අරමුණු සැලසුම් සාර්ථක කර ගත හැකිය.
අධ්‍යාපනය
ඉගෙනීම් කටයුතු වලට අවහිර බාධා ඇති කරයි. පොතපතට ඇති උනන්දුව යොමුවීම අඩුවී විනෝදයට බරවන බැවින් එවැනි දෙයට නතු නොවී සිය අධ්‍යාපනික කටයුතු වලට ප‍්‍රමුඛත්වයක් දී ක‍්‍රියා කරන්න. අධ්‍යාපනික ආයතන කෙරෙන්ද කළකිරීම් සහගත දෑ ඇති කරයි. ඔබ වැඩි වශයෙන් ඉගෙනීමට යොමුවන, ඊට කැමැත්ත ඇති යහළු යෙහෙළියන් ආශ‍්‍රය කරන්නට මේ වසරේදි උනන්දු වන්න.
ආර්ථික, රැකියා හා ව්‍යාපාර
ධන අය භාවාධිපතීන් ශුභා ශුභ මිශ‍්‍ර බලයෙන් යුක්ත බැවින් ඔබට මේ වසරේ අපේක්‍ෂිත මිල මුදල් ලාභ ලැබුණත් වියදම් ද එ් අයුරින්ම ගෙනදේ. විටෙක අපේක්‍ෂිත මුදල් එ් අයුරින්ම නොලැබීමටත් ඉඩ ඇත. ණය ගනු දෙනු බලාපොරොත්තු කල් යයි. ගමන් බිමන් වලට අමතර මුදල් වැය වේ. කල්පනාවෙන් සැලසුම්සහගතව ඉපැයීම් මාර්ගවල නිරත වන්න. කෙසේ නමුත් ජුනි මැදභාගයෙන් පසු යම් යම් ආර්ථික ලාභ ලැබෙන මංපෙත් විවර වේ
පේ‍්‍රමය සහ විවාහ දිවිය
මේ වසරේ තමන් අදහස් කළ අන්දමට සැලසුම් කළ ආදර කටයුතු හෝ විවාහ කටයුතු සිදුනොවීම නිසා සිතේ සහනය සතුට පහව යයි. ඇතැම් හිතවතුන් හිතවතියන් මාර්ගයෙන් කිසියම් විවාහ යෝජනාවන්ද ගෙන දේ. කෙසේ වෙතත් මේ වසර පුරාවටම මෙන් ආදර සබඳතා හා විවාහ කටයුතු වලට යම් යම් ප‍්‍රශ්නකාරී ගති මතු වන නිසා තමා ඇසුරු කරන විරුද්ධ ලිංගිකයාට දෙන පොරොන්දු කෙරේ සැලකිලිමත් වන්න. විරුද්ධවාදීකම් හා ප‍්‍රශ්නකාරී දෑ වුව මේවාට බලපානු ඇත. අපවාද චෝදනාවලට ලක්වන දෙයින් ද ඔබ මේ වසරේ වළකින්න.
සෞඛ්‍යය
රත් පිත්,රක්ත දෝෂ, අමාශය ආශි‍්‍රත ආසාදන, අර්ශස් මුලාග්නියට සම්බන්ධ රෝග වැඩි වශයෙන් ඔබට මේ වසරේදි හට ගනී.
පොදු තත්ත්වය
වෘෂභ ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති ශුක‍්‍ර හා ලග්න නැකත් අධිපතින් ශුභාශුභ බලයෙන් යුක්තව සිටින මොහොතේ උදාවූ මේ වසරේ ඔබට සිය කාර්යය කටයුතු කර ගැනීමට සිදුවන්නේ ද නොයෙකුත් අවහිරතා මධ්‍යයේය. අවබෝධයෙන් කටයුතු කළහොත් අනාගත අභිවෘද්ධියට හේතුවන ප‍්‍රයෝජනවත් දෑ රැසක් සිදුකර ගත හැක. ඔක්තෝබර් මැදභාගය පසුවන තෙක් තමාගේ අත්‍යවශ්‍ය වැඩවලට විවිධ අවහිර බාධක යෙදේ
අධ්‍යාපනය
විද්‍යස්ථානය බලවත් නිසා මේ වසරේ ඉගෙනීමේ කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට හැකිවන්නේය. සිතේ සහනයෙන්, කි‍්‍රයාශීලීබවෙන් පොතේ පතේ කටයුතු කරගෙන යාමටත් එමෙන්ම හැකිවනු ඇත. අහිමි වූ නේවාසික පහසුකම් වැනි දෑ වුව නැවත ලැබේ. ඉගෙනීමට යහපත් වසරකි. අවබෝධ ඥානය, ධාරණශක්තිය මැනවින් ගොඩනැගේ
ආර්ථිකය, රැකියා හා ව්‍යාපාර
ඔබට ආර්ථික වශයෙන් අඟහිඟතා මේ වසරේදී ඇති නොවන්නේය. ආදායම් වැඩිකර ගැනීමටත් ඔබ වෙහෙසී ක‍්‍රියා කරයි. ස්ථිර ලෙස ආදායම් ලැබෙන සේ කටයුතු පිළියෙළ කර ගනී. අනවශ්‍ය වියදම් සීමා වී මූල්‍ය පාලනයක් සිදුවන වසරක්ද වෙයි. උරුම හිමිකම්, ලාභ, නිශ්චල චංචල දේපළ මිලදී ගැනීම්වලටද යෝග්‍ය වන්නේය. 2014 ජූනි තෙක් ලැබීමට ඉපැයීමට වාසනාව මතුවන්නේය.
පේ‍්‍රමය සහ විවාහ දිවිය
ඔබට මේ වසරේ ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් අයහපත්ම නොවුණත් මීට අදාළ කටයුතුවලදී හොඳින් සොයාබලා තීරණ ගන්න. මේ වසරේ අවසන් මාස 6 තුළ ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් සිත්තැවුල් මතු වන දෑ වුවත් සිදුවේ. එම නිසා යම් යම් අය ඇසුරු කිරීම් වලදී කල්පනාකාරි වන්න. කෙසේ නමුත් හැඟීම් වලට වහල් නොවිය යුතු වසරකි.
සෞඛ්‍යය
ඇසේ, හිසේ රෝගාබාධ විටින් විට මතු කරන අතර පපුවේ අසනීප ඇති අය ඒ කෙරේ වඩාත් ආරක්‍ෂා වන්න.
පොදු තත්ත්වය
මිථුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති හා ලග්න නක්‍ෂත‍්‍රාධිපතින් බලයෙන් යුක්තව සිටින මොහොතේ උදාා වූ නව වසර වැඩි වශයෙන් සුබ ඵල වසරක් බවට පත් වේ. තම වැඩ කටයුතු වලට අවශ්‍ය අයගේ අධාර උපකාර මැනවින් ලැබෙන අතර අරමුණු සැලසුම් සාර්ථක වේ. මෙය ඔබ මනා කළමනාකරණයකින් යුතුව කටයුතු කරන වසරකි.
අධ්‍යාපනය
මේ වසරේ ඉගෙනීම් කටයුතු අවහිර බාධාවකින් තොරව හා උනන්දුවෙන් උද්යෝගයෙන් යුතුව කරගෙන යා හැක. 2014 ජූනි මාසය තෙක් කාලයේ අධ්‍යාපනයට යම් යම් බාධා අවහිර මතුවන බැවින් ඒ කෙරේ සැලකිලිමත් වන්න. කෙසේ නමුත් සතුටුවිය හැකි අධ්‍යාපන ජයග‍්‍රහණයක් ද ඔබට මේ වසරේ හිමි කර ගත හැක.
ආර්ථිකය, රැකියා හා ව්‍යාපාර
ඔබට ජුනි 20න් පසු ආර්ථිකයේ වැඩි දියුණුවට කටයුතු සිදුවේ. ලාභ අපේක්‍ෂාවෙන් කරන ඉපැයීම් හා ගණුදෙනු වලින් වාසි ප‍්‍රයෝජන අත්පත් වන්නේය. ආදායමෙහි වැඩි දියුණුවක් සැලසෙන අතර අයකර ගැනීමට ඇති මිල මුදල් ලැබෙනු ඇත. විකිණීම් මිලයට ගැනීම් වලින් ලාභ ප‍්‍රයෝජන අත්වේ. කෙසේ නමුත් අවිශ්වාස අය සමග ගණු දෙනු නොකරන්න. මුල් මාස 6 ආර්ථිකයේ සමබරතාවක් ඇතිනොවේ.
පේ‍්‍රමය සහ විවාහ දිවිය
මේ වසර තුළ ඔබ පහසුවෙන් විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණයට ලක්වේ. පේ‍්‍රම සබඳතා හා විවාහ දිවිය කෙරෙන් පැවති ගැටලූ නිරාකරණය වනු ඇත. මේවා කෙරෙහි බලපා තිබූ යම් යම් අවුල් සහගත තත්ත්ව පහව යයි. සාර්ථක විවාහ තීන්දු තීරණ ගැනීමටත් ඉඩකඩ සැලසේ. කල්ගත වූ විවාහ ගිවිසුම් ස්ථීරව තහවුරු වන්නේය. පේ‍්‍රම දිවියේ හා යුග දිවියේ නවෝදයක්, සාර්ථකභාවයක් ඇති කරන වසරක් ද වනු ඇත. වසරේ අවසන් මාස 6 මේවා කෙරෙන් වැඩිවශයෙන් සුබපල ඇතිකරයි.
සෞඛ්‍යය
ඇස්වල හා උදරගතව යම් යම් රෝගී ගති මතුවන වසරක් වුවත් වැඩි වශයෙන් නිරෝගි බවක් ඇති කරයි.
පොදු තත්ත්වය
කටක ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති මෙන්ම ලග්න නැකත් අධිපතීන් දැඩි පීඩාවකින් තොරව වසරේ ගමන් කරන නිසා කරදර බාධක විඳ දරාගෙන අභියෝග මැඩගෙන ඉදිරිය කරා ගමන් කළ හැක. දුරදිග බලා තීරණ ගැනීමටත්, අනාගතය සම්බන්ධ පැහැදිලි සැලසුමකින් යුතුව කටයුතු කරගෙන යෑමටත් අවස්ථාව සැලසෙන වසරකි. අවහිර බාධා මැඩගෙන තම අරමුණු සැලසුම් ඉටුකර ගැනීමට හැකි වන්නේය.
අධ්‍යාපනය
විශේෂයෙන් තාක්‍ෂණික හා කාර්මික ක්‍ෂේත‍්‍රයේ විෂයන්ගෙන් විවිධ දක්‍ෂතා පෙන්නුම් කිරීමට ඉඩ ලැබේ. කෙසේ වෙතත් ඔබට මේ වසරේ අධ්‍යාපනික පාඨමාලා හා අධ්‍යාපන ආයතනයන්ට සම්බන්ධව බල පෑ ප‍්‍රශ්න විසඳා ගැනීමට හැකිවෙයි. මේ වසරේ මුල් මාස හය තුළ ඉගෙනීම් කටයුතු වල ප‍්‍රගතියක් ඉදිරියට යාමක් පෙන්නුම් නොකරයි. එසේම මුල් මාස හය පොතට පතට ඇති උනන්දුව අඩු වී යන නිසා උනන්දුවෙන් කටයුතු කරන්න.
ආර්ථිකය, රැකියා හා ව්‍යාපාර
පසුගිය කාලයේ පසුබැස හා අඩපණව තිබූ ධනෝපායන මාර්ගයන්හි ක‍්‍රමවත් වර්ධනයක් මේ ජුනි මාසයෙන් පසු ගොඩනැගේ. යම් යම් මුදල් හා ද්‍රව්‍ය ලාභය මෙහිදී හිමිවන තැනට කටයුතු පිළියෙල වේ. ණය ගනුදෙනුවකින්ද නිදහස් වීමටත් අවස්ථාව සැලසේ. ජුනි පසුවන තෙක් ගණුදෙනු හා විකිණීම්, මිලට ගැනීම් වැනි කටයුතුවලදී පරිස්සම් වන්න. පොදුවේ ඔබට ගතවූ වසරට වඩා මේ වසරේදී ආර්ථික වශයෙන් අග හිඟතා ඇති නොවනු ඇත
පේ‍්‍රමය සහ විවාහ දිවිය
ආදර සබදතාවන්ට හා විවාහ යෝජනාදියට ශුභදායී වාතාවරණයක් ගොඩනැගුණත්, තමා ඇසුරු කරන තැනැත්තාට හෝ තැනැත්තියට සම්බන්ධව සැක සංකා මතු වීමෙන් සමගිය, සමාදානයට අහිතකර දෑ සිදුවේ. සුදුසු වයසේ නම් විවාහ යෝජනා ගෙන එයි. විරුද්ධ ලිංගිකයන් සමග නව සබඳතා ගොඩනැගේ. මේ වසරේදී ඔබට වැඩි වශයෙන් විරුද්ධ ලිංගික ඇසුර ලැබේ. දැන හැඳිනුම් පේ‍්‍රම සබදතා පහසුවෙන් ඇතිවන වසරක්ද වේ. පේ‍්‍රමය හා විවාහ දිවියට සම්බන්ධ කියන කරන දේ සාර්ථක වන වසරකි.
සෞඛ්‍යය
මුත‍්‍රා ආසාදන, මල බද්ධය, අර්ශස් වැනි රෝග පවතින ඔබ මේ වසර පුරාවට ඒ කෙරේ වඩාත් ආරක්‍ෂා වන්න.
පොදු තත්ත්වය
ඔබේ ලග්නාධිපති හා යෝගකාරකයන් ශුභා ශුභ මිශ‍්‍ර බලයෙන් යුක්තව හැසිරෙන මේ වසර ඔබටද ශුභා ශුභ මිශ‍්‍ර ඵල ගෙන දෙන්නේය. 2014 ජුලි මාසය තෙක් අවහිර බාධා මැඩගෙන කටයුතු කිරීමට හැකියාව ලැබුණත් ඉන් පසු යම් යම් ප‍්‍රශ්න මධ්‍යයේ කටයුතු කිරීමට සිදුවන බැවින් සැලකිල්ලෙන් විමසිල්ලෙන් කටයුතු කරන්න.
අධ්‍යාපනය
විද්‍යස්ථානාධිපති තරමක් දුර්වල බැවින් උනන්දුවෙන්, කැපවීමෙන් අධ්‍යාපන කටයුතුවල නිරත විය යුතුයි. දක්‍ෂතා පෙන්වූ විෂයන් කෙරේ උදාසීන ගති මතු කරයි. අධ්‍යාපනික කටයුතු, පාඨමාලා වැනි කටයුතු සඳහා විදේශගත වීමට හෝ දුර බැහැර පෙදෙසක යාමට සිත යොමුවෙයි. පොදුවේ ඔබ මේ වසරේ සියලූ අධ්‍යාපන කටයුතු වලට උනන්දු වන්න. ජුනි මාසය අවසන් වන තෙක් බාධක මැඩගෙන මේවායේ කාර්යන් ඉටුවේ.
ආර්ථිකය, රැකියා හා ව්‍යාපාර
මේ වසරේදී ඔබගේ අපේක්‍ෂිත මූල්‍ය සැලසුම් ඉටුවන්නේ නමුදු අනවශ්‍ය වියදම් ද යෙදේ. පොදුවේ අනුන් වෙනුවෙන් වැඩිපුර වියදම් යෙදෙන වසරකි. කෙසේ නමුත් ලාභ බලාපොරොත්තුවෙන් වියදම් කරන දෙයින් ලාභ ලැබේ. මුල් මාස 6 තුළ බලාපොරොත්තු වන ආර්ථික සහන ඔබට හිමිවනු ඇත. එහෙත් ගණුදෙනු වලදි හා මුදල් පරිහරණයේදි කල්පනාකාරී වන්න. විටෙක ශරීර සනීපය රැක ගැනීමටත් අමතර මිල මුදල් වියදම් කරන්ට සිදුවේ.
පේ‍්‍රමය සහ විවාහ දිවිය
මේ වසරේ මුල් මාස හය තුළ ආදර සබඳතා හා දැන හැඳිනුම් වැනි දෑ කෙරෙන් යහපත් වන අතර, අවසන් මාස හයේදී මේවා කෙරෙන් අසහන, සිත් තැවුල් මතුවන පසුබිමක් ගොඩනැගේ. විශේෂයෙන් මේ වසරේදී ඔබට නුසුදුසු හා නොගැලපෙන සබඳතා ගොඩනැගීමට ඉඩ ඇති බැවින් එවැනි දේට නතු නොවන්න. දෙදෙනා තුළ සැක උපදවන දෑ සිදු නොවන ලෙස අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කරන්න. පේ‍්‍රම දිවිය හා යුග දිවිය ශුභා ශුභ මිශ‍්‍රයි.
සෞඛ්‍ය
ඔබ වැටීම්, තැලීම්, හදිසි පීඩා අනතුරු අබාධවලින් ආරක්‍ෂා විය යුතු වසරකි. ශරීර සනීපයද විටින් විට දුර්වල කරයි.
උදාවන වසර ඔබට කොහොමද?
2013 දෙසැම්බර් මස 31 15:29:41 | ලංකාදීප කර්තෘ මණ්ඩලය