මාර්ග තදබදය ගැන සහ මංතීරු නීතිය ගැන ආයෙත් කතාබහක් ඇතිවෙලා. මංතීරු නීතිය පිටුපස තියන ආර්ථික විද්‍යාව පැහැදිලි කරන්න හිතුවා.
ඕනම ප්‍රවාහන පද්ධතියක තියෙන මූලික ප්රශ්නය තමයි මිනිස්සු වැඩි ප්‍රමාණයක් අඩු වාහන වල ගමන් කරනවා වෙනුවට, අඩු මිනිස්සු ප්‍රමාණයන් වැඩි වාහන ප්‍රමාණයයකින් ගමන් කිරීම.
තවත් සරල කරලා කියනවනං බස් එකක කොළඹට මිනිස්සු එනවනං තිස් දෙනෙක්ට යන්න එක බස් එකයි ඕන. ඒත් හැමෝම තමන්ගෙ වාහනයේ කොළඹට ආවොත් වාහන තිහක් කොළඹට එකතු වෙනවා. එතකොට පාරෙ තදබදය වැඩි වෙනවා වගේම අනතුරු ප්‍රමාණයත් වැඩි වෙනවා.
ආර්ථික විද්‍යාත්මකව දැන් කරන්න ඕනේ තමන්ගෙ වාහනේ කොළඹට එන මනුස්සයට තමන්ගේ පුද්ගලික වාහනය වෙනුවට බස් එකේ යන්න හිතෙන්න සල්ස්වන එක.
ඕක දැකපු ගමන් ගොඩක් අය හිතන්නේ බස් වැඩිපුර දාලා, තියෙන බස් AC කරලා, බස් වලට සිංදු ලයිස්තුවක් දීල මේක කරන්න පුළුවන් කියල. ඒක තමයි මතුපිට උත්තරය.
එහෙම කරන්න බැරි නිසා තමයි මොරටුව විශ්ව විද්‍යාලය වගේම ලෝකයේ ප්‍රවාහනය ගැන ඔස්තාර්ල අවුරුදු ගණන් අධ්‍යයනය කරලා 1940 ගනන් වල මංතීරු ප්‍රමුඛතා ක්‍රමය හඳුන්වලා දුන්නේ. ඒක ලංකාවේ ක්‍රියාත්මක වුණේ මට මතක විදිහට විදියට 2017.
බස් මං තීරු ක්රමයේ තියෙන න්‍යාය තමයි බස් වල වැඩි පිරිස්කට ගමන් කරන්න පුලුවන් නිසා බස් මං තීරුවට ඉතුරු සියලු වාහන ඔක්කොම අයින් කරලා ප්‍රමුඛතාවයක් ලබා දෙනවා. එතකොට වැඩි මිනිස්සු ප්‍රමාණයක් එකපාර ප්‍රවාහනය වෙනවා. නැත්තං වෙන්නේ වැඩි වාහන ප්‍රමාණයක් ප්‍රවාහනය උනාට අඩු මිනිස්සු ප්‍රමාණයක් තමයි ඇත්තටම ප්‍රවාහනය වෙන්නේ.
එතකොට පුද්ගලික වාහනයක එන මනුස්සයට වඩා ඉක්මනට පොදු ප්‍රවාහනයේ එන කෙනාට ඉක්මනට ගමන් කරන්න පුළුවන්. අන්න එතකොට තමන්ගෙ පෞද්ගලික වාහනය පාරට දාලා සල්ලි, තෙලුයි, වෙලාවයි පුච්ච ගන්නවට වඩා පොදු ප්‍රවාහනය භාවිතා කිරීමට සාමාන්‍ය මනුස්සයට හේතුවක් තියනෙනවා. අන්න ඒ හේතුව ආර්ථික විද්‍යාත්මකව නිර්මාණය කිරීම තමයි බස් මං තීරු ප්‍රමුඛතා කියලා කියන්නෙ. "පාරවල් වල ඉඩ" කියන සීමිත සම්පත "ප්‍රවාහනය" කියන අසීමිත වුවමනා සපුරා ගැනීමට දරන වෑයම තමයි ඔය ප්‍රමුඛතා මං තීරු ක්‍රමය කියන්නෙ මගේ දැනුමේ හැටියට.
මට හිතා හිතාගන්න බැහැ බස්රථ මං තීරුවට ත්‍රීරෝද රථ සහ මෝටර් සයිකල් ධාවනය කරන්න ඉඩ දීම ඒ සමීකරණයත් එක්ක ගැලපෙන්නෙ කොහොමද කියලා. බස්රථ මං තීරුවෙන් යතුරු පැදි, 3wheeler රථ වගේ අනිත් වාහන ඉවත් කරල ප්‍රමුඛතාවයක් ලබා දීම තමයි මේ පිටුපස තියෙන විද්‍යාත්මක ක්‍රමය. මොරටුව විශ්ව විද්‍යාලයේ ප්‍රවාහන විශේෂඥ මහාචාර්යවරයාට දුරකථනයෙන් කතා කරලා ඇහුවම එතුමත් එහෙම න්‍යායක් ගැන දන්නේ නැහැ. විනය පිළිබඳව ප්‍රශ්නයකට වඩා තියෙන්නෙ ආර්ථික විද්‍යා ප්‍රශ්න.
මේ ගැන කාලෙකට කලින් මං ලියපු සටහන් කැමති අයට නැවත කියවලා බලන්න පුළුවන්. ඒ ගැන ලියපු ෆේස්බුක් සටහනත් පළවෙනි කමෙන්ට් එකේ. මංතීරු නීතියකින් විතරක් ලංකාවේ ප්‍රවාහන ප්රශ්නය විසදන්න අමාරුයි. ගොඩක් දිගුකාලීන වැඩ තියෙනවා කරන්න.
සංවර්ධිත රටවල් කියලා කියන්නෙ දුප්පත් මිනිස්සුන්ටත් car තියන රටවල් නෙවෙයි, පොහොසත් මිනිස්සු පොදු ප්‍රවාහනය භාවිතා කරන රටවල්. මෙහෙම කිව්වේ Gustavo Petro.
http://www.themorning.lk/public-transport-reform-covid.../?

Last edited: