ලංකාවේ පොදු ප්‍රවාහනයේ ප්‍රතිපත්තියක් නොමැතිකම.....

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113


    මෝටසයිකලේ ගිය දැරියක් ඊයෙත් බස් එකකට යටවෙලා. අපේ නිලධාරී දේශපාලකයෝ ජනතාව සහ මාධ්‍ය දෙස් දෙවොල් තියෙනවා. ඊට පස්සේ බයිලා ගහනවා. එච්චරම තමයි.

    දවසකට දහයක් විතර පාරේ මැරෙනවා වගේම මේ රටේ ආර්ථිකයත් වලපල්ලට යවන්න ප්‍රධාන හේතුවක් වුණා පොදු ප්‍රවාහනය. Public transport පුළුවන් තරම් යට ගහලා මෝටසයිකල් කාර් වලින් වැඩේ කරගන්න මිනිස්සු පුරුදු වුණා.

    නමුත් පවතින ක්‍රමය වෙනස් කරන්න කිසිදු නිලධාරියෙක් දේශපාලකයෙක් ක්‍රියාත්මක වෙන්නේ නෑ. කාර් ගේන්නේ කවද්ද කියලා අහනවා මිසක් මාධ්‍යත් බලපෑම් කරන්නෑ.

    තනි අයිතිකාරයන්ගේ බස් තියෙන තාක් කල් බස්වල විනය තියා අඩුම ගානේ කාලසටහනකට ධාවනය වත් හදන්න බෑ! මේක ලෝකයේ කොහේවත් නැති ක්‍රමයක්! පෞද්ගලිකකරණය යනු ස්වයං රැකියා දීම නෙමෙයි.

    බලපත්‍රය දෙන්න ඕනේ බස් වලට නෙමෙයි. මුළු මාර්ගයටම තනි අයිතිකාරයෙක් ආයතනයක් මුළු මාර්ගයම හෝ ඒ හා ආසන්න සියලු මාර්ගවල කාලසටහන ආරක්ෂා වෙන විදියට සේවය සපයන විදිහට.

    එහෙම නැතුව මොන පැලැස්තරේ දැම්මත් මේ රටේ ප්‍රවාහනය හදන්නත් බෑ, පාරේ මිනිස්සු මැරෙන එක නවත්තන්නත් බෑ.

    තව ප්‍රශ්න ගොඩක් තියෙනවා. නමුත් මේවා සත පහක වියදමක් නැතුව බොහොම ලේසියෙන් කරන්න පුළුවන් වැඩ. ඒකවත් නොකරන අපි ලොකු දේවල් ගැන කතා කරලා වැඩක් නෑ.

    මේ අපිට වැඩිය මෝටසයිකල් තියෙන චීනේ. ඒවා යන්නේ වෙනම ලේන් එකක. ඒ වගේම වේග සීමා ආරක්ෂා කරනවා. බස් තරගයක් නෑ, ඔක්කොම එක සමාගමක නිසා. Bus & Taxi ප්‍රයොරිටි.

    ලන්ඩන් වේගය 20 m/ph. අපේ වගේම එහෙත් බොහෝ පාරවල් පළල නෑ, ලේන් එකයි හෝ දෙකයි. ලෝකෙ ගොඩක් තැන් වල එහෙමයි. පාරවල් පළල් කරාට ප්‍රශ්න විසඳෙන්නෑ. තියෙන පාර ඵලදායී කිරීමයි කළ යුතු.

    අපිට අපේම ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් තිබිය යුතුයි, හැබැයි අවම වශයෙන් මං තීරු නීතිය lane discipline ආරක්ෂා කරන්න බැරි, පාර දෙපැත්තේ වාහන නවත්වන, තනි අයිතිකාරයන්ගේ බස් තියෙන රටක ලොකු ටෝක් දීල වැඩක් නෑ

    ------ Post added on Dec 17, 2024 at 1:24 PM
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    බස් බයික් ත්‍රිවිල් කාර්...එලවන බහුතරයක් ලයිසන් එකක් ලබන්න සුදුසු නැහැ, හැම මෝඩ පකයටම ලයිසන් දෙන එක තමයි ලොකුම ප්‍රස්නේ, ලයිසන් දෙන විදිහ හරියට රෙගුලේට් කරත්, අරගත්තට පස්සේ අඩු කුලේ ඇටිටුඩ්ස් නිසා ආයේ මාර්ග නීති, ලේන් ඩිසිප්ලීන්, රෝඩ් එතික්ස් සත පහකට ගනන් ගන්නැහැ, ඩිපෙන්සිව් විදිහට එලවන එක තමයි ඇගයි වාහනෙයි දෙකම බේරගන්න තියෙන එකම විදිහ ලන්කාවේ
     
    • Like
    Reactions: waca and vito

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,362
    8,501
    113
    ඕව ඔහොම තමා. අට පාස් පගයොනේ බස් එලවන්නේ.
     
    • Like
    Reactions: waca

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    බස් බයික් ත්‍රිවිල් කාර්...එලවන බහුතරයක් ලයිසන් එකක් ලබන්න සුදුසු නැහැ, හැම මෝඩ පකයටම ලයිසන් දෙන එක තමයි ලොකුම ප්‍රස්නේ, ලයිසන් දෙන විදිහ හරියට රෙගුලේට් කරත්, අරගත්තට පස්සේ අඩු කුලේ ඇටිටුඩ්ස් නිසා ආයේ මාර්ග නීති, ලේන් ඩිසිප්ලීන්, රෝඩ් එතික්ස් සත පහකට ගනන් ගන්නැහැ, ඩිපෙන්සිව් විදිහට එලවන එක තමයි ඇගයි වාහනෙයි දෙකම බේරගන්න තියෙන එකම විදිහ ලන්කාවේ
    ehema karama ko anduwata salli. yakuwanta pagawa
     
    • Like
    Reactions: Fiona Dabare

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,374
    5,099
    113
    හැදුනොත් හොද කරන්න බැරි පිස්සුවක් රට ඉදන් ලංකාව හදන්න යන එක
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,751
    2,222
    113
    Nugegoda
    ලංගම තිබුණු කාලෙ බස්වල මීට වඩා විනයක් තිබුණා, දැන් බස් එලවන එකයි කොන්දයි පාතාලෙ වගේ.