උන්ඩියල් ගැසීම

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    උන්ඩියල් ගැසීම නොහොත් නීත්‍යානුකූල නොවන විදේශමුදල් ගනුදෙනු.....

    ආනයනය සඳහා විදේශ වලට මුදල් යවන්න ඕනේ ඒකට කරන ප්‍රධාන ක්‍රම කීපයක් තියෙනවා...

    PayPal, Western Union, Credit /Debit card payments ....ඕවා ඔක්කොම සුළු පරිමාන දේවල් ....ඉතින් මුදල් යැව්ව හැටි රේගුවට ඔප්පු නොකරම භාණ්ඩ ගෙන්වා ගත් හැකියි.

    Teleghrapic Ttransfers & Letter of Credit ටිකක් ලොකු මුදල් යැවීම සඳහා ප්‍රධාන ක්‍රමයක්. Money transfer ing බැංකු හරහා තමයි 100% නීතියට අදාලයි. රේගුවට බදු ගෙවීමට transfer money, Invoices වල විස්තර දෙන්න ඕනේ.

    තවත් ක්‍රමයක් තමයි උන්ඩියල් කියන්නේ....මේකෙන් වෙන්නේ කළු සල්ලි හුවමාරුවක්....ගොඩක් සීලාංකිකයෝ මේකේ කප්පිත්තෝ....low amount LC,TT කරලා අඩු අගයක් ඉතිරිවා උන්ඩියල් යැවීමෙන් අඩු බදු ගෙවීමකින් , වෙළඳපල ග්‍රහණයට ගන්න ලේසි. (Under value invoicing )

    ලංකාවේ උන්ඩියල් කාරයා අපි දෙන රුපියල් ඕනේම විදේශ රටකට සුලු කාලයකදී අදාල රටේ මුදල් වලින් ලැබෙනවා.ඉතින් මෙය ඉතා අහිතකර දෙයක් දේශීය විදේශ මුදල් සහ බදු සඳහා.අනෙක උන්ඩියල් පොරක් හොයා ගන්නත් ලේසි නෑ.....

    මට තියෙන අපැහැදිලි දේ තමයි.මුදල් නෝට්ටු ව රටකින් රටකට නොයා මේක වෙන හැටි.අනෙක ලංකාව වගේ ආනයන අපනයන ශේෂය වැඩි රටක මේක කරන හැටි අපභ්‍රංශයක්.....ඉතින් ජාත්යන්තර මත්ද්‍රව්‍ය ගණුදෙණු වෙන්නේත් මේ හරහා විය හැකි.

    ඔබගේ අදහස මොනවා ද?

    http://archives.dailynews.lk/2011/10/27/fea04.asp
    z_p09-Shadow.jpg
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මට තේරෙන විදිහටනම් ලංකාවෙ ඉන්න කෙනෙක්ගෙ ඉතාම විශ්වාසවන්ත බිස්නස් පාට්නර් කෙනෙක් වෙන රටක ඉන්නවා (බොහෝ විට පවුලේ කෙනෙක්). පිට රට ඉන්න කෙනෙක්ට සල්ලි ලංකාවට අරින්න ඕන උනාම පිට රට ඉන්න බිස්නස් පාට්නර්ට සල්ලි ටික දෙනවා. ඌ ලංකාවෙ ඉන්න උගේ සඟයට කියනවා අහවල් අකවුන්ට් එකට රුපියල් වලින් මෙච්චරක් දාන්න කියල. එක්ස්චේන්ජ් රේට් එක පැත්තෙන් බලපුවම කස්ටමර්ට ගොඩක් වාසියි. ඒ උනාට ලංකාවට ලැබෙන්න ඕන විදේශ විනිමය ලංකාවට එන්නෙ නෑ. ඒ වෙනුවට ලංකාව ඇතුලෙම තියන රුපියල් වලින් ගනුදෙනුව ඉවර වෙනවා. පස්සෙ බිස්නස් පාට්නර්ලා දෙන්නා ලාභ පාඩු බෙදා ගන්නවා.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Unge agent la innawa hamathnama. Api mehen salli dunnama adaala rate agent ehe mudalin adala pudgalayage ginumata mudal daanawa. Godak ratawala innawa unge kattiya. Pita rata inna samaharu meheta ewanneth ehemai. Mama mehe, mage malli korea. Korean ekata kollek padiya denawa meheta ewanna. Mama mehe pora kiyana account ekata salli danawa. Simple
     
    • Like
    Reactions: Brandy2020

    ඔහොම කිව්වාය සිම්පල් නම් සිංහල එවුනුත් කොරන්න එපෑයෑ....

    ඕකෙන් ලංකාවට ඉතා අවාසි, පිටරටින් එන්න තියෙන විදේශ මුදල් ව USD,Euro,Yen,Yuan නොලැබීම...එවන එකාගෙයි , ගන්න එකාගෙයි වැඩේ වුණාට රටට සෙතක් නැහැ.ඉතින් ඕකේ network චැනල් එකට රින්ගලා බලලා ඕක නැති කරන්න වෙනවා රටක් විදිහට දියුණු වෙන්න නම්.
     
    • Like
    Reactions: Harsh7046

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ඔහොම කිව්වාය සිම්පල් නම් සිංහල එවුනුත් කොරන්න එපෑයෑ....

    ඕකෙන් ලංකාවට ඉතා අවාසි, පිටරටින් එන්න තියෙන විදේශ මුදල් ව USD,Euro,Yen,Yuan නොලැබීම...එවන එකාගෙයි , ගන්න එකාගෙයි වැඩේ වුණාට රටට සෙතක් නැහැ.ඉතින් ඕකේ network චැනල් එකට රින්ගලා බලලා ඕක නැති කරන්න වෙනවා රටක් විදිහට දියුණු වෙන්න නම්.
    කාර් ඉම්පෝර්ට් නැවතුන නිසා දැන් 90% වගෙ උන්ඩියල් කේස් නැවතිලා තියෙන්නෙ.
     
    ඔහොම තමයි වෙන්නේ. අපි අලිබබා එකෙන් ලේසර් කටර් එකක් ගෙන්නුවා ලක්ෂ 27ක්. එකෙන් ලක්ෂ 17ක් යැව්වේ ඔය ක්‍රමේට. මෙහෙන් සල්ලි දීල පැයක් යනකොට චීනේ කොම්පැනියේ ගිණුමට සල්ලි වැටුනා( Agricultural Bank of China ). සිංහල එකෙක් තමයි කරලා දුන්නේ බන්
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ඔහොම තමයි වෙන්නේ. අපි අලිබබා එකෙන් ලේසර් කටර් එකක් ගෙන්නුවා ලක්ෂ 27ක්. එකෙන් ලක්ෂ 17ක් යැව්වේ ඔය ක්‍රමේට. මෙහෙන් සල්ලි දීල පැයක් යනකොට චීනේ කොම්පැනියේ ගිණුමට සල්ලි වැටුනා( Agricultural Bank of China ). සිංහල එකෙක් තමයි කරලා දුන්නේ බන්

    එකේ විශ්වාසවන්ත බව කොහොමද ?අපිද මුලින් දෙන්න ඕනේ, උන් අපේ සල්ලි අරන් මාරු උනොත් ?

    පොලිසියටවත් කියන්න කියලද?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    කාර් ඉම්පෝර්ට් නැවතුන නිසා දැන් 90% වගෙ උන්ඩියල් කේස් නැවතිලා තියෙන්නෙ.

    කියපන් බලන්න වෙන හැටි ඒක. ...
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    එකේ විශ්වාසවන්ත බව කොහොමද ?අපිද මුලින් දෙන්න ඕනේ, උන් අපේ සල්ලි අරන් මාරු උනොත් ?

    පොලිසියටවත් කියන්න කියලද?
    සල්ලි දුන්නේ මැෂින් එක ගෙන්නපු කෙනා. සල්ලි යවාගන්න තියන අමාරුව ගැන කියා කියා ඉද්දි එයාව කාලයක් තිස්සේ දන්න කෙනෙක් තමයි ඕක සෙට් කරලා දුන්නේ. ඒ විස්වාසේට සල්ලි දුන්නේ. අවධානමක් තියනවා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    ඔහොම තමයි වෙන්නේ. අපි අලිබබා එකෙන් ලේසර් කටර් එකක් ගෙන්නුවා ලක්ෂ 27ක්. එකෙන් ලක්ෂ 17ක් යැව්වේ ඔය ක්‍රමේට. මෙහෙන් සල්ලි දීල පැයක් යනකොට චීනේ කොම්පැනියේ ගිණුමට සල්ලි වැටුනා( Agricultural Bank of China ). සිංහල එකෙක් තමයි කරලා දුන්නේ බන්

    සිංහල එකා පිරමීඩේ යටම එකෙක් just a retailer ...ලොවෙත් සිංහල එකෙක්ට ඕක big scale කරන්න දෙන් නෑ ...

    පාර අයිනේ ඉඩම් ගද්දී, පල්ලි අඩියෙන් අඩිය හදද්දී..

    ලොකුවට සමාගම් හැදෙද්දී..
    සල්ලි එන ක්‍රමේ මේකම නේද?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    සිංහල එකා පිරමීඩේ යටම එකෙක්...ලොවෙත් සිංහල එකෙක්ට ඕක කරන්න දෙන්නෑ...
    සිංහල උන් ඕනෑතරම් කරනවා බන්. ජපානේ ඉන්න ගොඩාක් අයගේ පඩි එහෙම මෙහෙ ගිණුම් වලට දාන්නේ සිංහල අයම තමයි. අනිත් රටවලත් වෙනවා ඇති.
     
    7007

    Active member
  • May 31, 2016
    142
    108
    43
    Nagoya
    සිංහල එකා පිරමීඩේ යටම එකෙක්...ලොවෙත් සිංහල එකෙක්ට ඕක කරන්න දෙන්නෑ...
    ලංකාවෙ අයියල ඉන්නවා ඉරාන් වලටත් උන්ඩියල් කරන. ලන්කාවෙ අය නැත්තෙ උතුරැ කොරියාවෙයි ලතින් ඇමෙරිකන් රීජන් එකෙයි විතරයි.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඔය වැඩෙන් සුපිරියට කළු සල්ලි සුදු කරනවා.උදාහරණයක් විදියට LTTE එකේ කළු සල්ලි අම්බානක තියෙනවා.උන්ගේ සාමාජිකයෝ කැනඩාව,ඇමරිකාව,ස්විට්සර්ලන්තය,එංගලන්තය,ඔස්ට්‍රේලියාව වගේ රටවල ඉන්නවා. ඒ රටවල සිංහල,දෙමළ මිනිස්සුත් ඉන්නවා වැඩ කරලා ලංකාවට සල්ලි එවන.
    මේ උන්ඩියල් කරන එවුන්ගේ ඇම තමයි වැඩි රුපියල් අගයක් දෙන එක. උදාහරණයක් විදියට ඇමරිකාවේ ඩොලර් එකක විකුණුම් මිල රුපියල් 188 නම් මුන් 189-190 වගේ ගාණක් දෙනවා. අනික් එක අය කරන ගාස්තුව අඩුයි.
    දැන් කවුරුහරි සල්ලි ලංකාවට හරි වෙන රටකට හරි යවනකොට ඒ කෙනා දෙන්නේ සුදු සල්ලි. ලංකාවෙන් බැංකු ගිණුමට තැන්පත් කරන්නේ LTTE කළු සල්ලි. එතකොට නිකන්ම උන්ගේ සල්ලි සුදු වෙලා.
    අනික් එක සමහර වෙලාවට සල්ලි තැන්පත් කරන්න පරක්කුත් වෙනවලු. උන් ගැණුම් කරුවන්ගේ සල්ලි වලින් කෙටි කාලින අදායම් ලබනවත් ඇති.
     
    • Like
    Reactions: lodbrok