උන් සැවොම ජර්මන් ෂෙපර්ඩ්ය...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    උන් සැවොම ජර්මන් ෂෙපර්ඩ්ය...

    මනෝරම මන්දිරේ අගුපිලක
    පාදඩ බලු රැලකි කටු ලොවන
    මහ ගේට්ටුවෙන් එහා සිටි දනට
    උන් සැවොම ජර්මන් ෂෙපර්ඩ්ය...

    අවරට යන ඉරේ රැස් වලට
    මන්දිරෙන් පිට බලා උන් දනට
    බොඳ ඇසින් දුටු නිලංකාරෙට
    මන්දිරය පෙනුනේ තේජසට...

    දන් පින් කරති දස සිල් රකිති
    මා වැනි බිලිඳුගෙන් දුක් අසති
    සුර ලොවෙන් දේවතා එළි බසිති
    සාදු කියමින් දනෝ තප්පුලති...

    දන්සැල් වසා ඇරි සුරා සැල්
    දූ කෙළිද රති කෙළිද මරඟනන්
    විසි කරයි මන්දිරේ කවුළුවෙන්
    දනන් ඇත ඔද වැඩී අසිරියෙන්...

    මන්දිරේ රජ බොජුන් දුම් දමන
    උරාගෙන නාස් පුඩු පුම්බමින
    මත් වෙමින් තරුණ දන වියරුවෙන
    කැකුළු මල් තලා වනසන අරුම...

    ගුණක් නැති මන්දිරේ බල්ලන්
    සපා කනකොට අසරණ දනන්
    උතුමණි කාරියක් නැහැ ඉතින්
    කැකිල්ලේ රජු දුටිමි හැබැහින්...

    මන්දිරේ වැඩ හිඳින උතුමන්ට
    මන්දිරේ වැට රකින බල්ලන්ට
    මන්දිරේ පිළී කන පණුවන්ට
    මේ සා රජ බොජුන් කොයිබින්ද....

    අපහසුවක් නැතිව වළඳන්ට
    දහඩිය හෙලයි දන දන් දෙන්ට
    මෙන්න උතුමාණෙනි මස් ගන්ට
    නිකම් වාගෙයි අරගෙන යන්ට....

    බලු රොත්ත වට වෙලා සීරුවෙන්
    පිසවනා තැන තැන රජ බොජුන්
    කොටහ අරගෙන යන්ට කෑදරෙන්
    ඇණ කොටා ගන්න හැටි අර බලන්...

    අටු කොටු මදි වෙච්චි රජ බොජුන්
    පිළුණු වී ලං වෙලා ඉහඳයින්
    සුදු පාටින් වැසුණු මන්දිරෙන්
    ඕජස ගලයි ඇස හැර බලන්...

    වරිගේ මක් උනත් ජාතකෙන්
    සුළුදිය ඉසින පා ඔසවමින්
    මන්දිරේ ඉන්න සහචරයින්
    ඔය සේරෝම පාදඩයින්...

    පෙරවාපු මුදු උතුරු සළුවෙන්
    වසාගන්නට බැරි හෙළුවෙන්
    සඟවන්නට අපේ උතුමාණන්
    අනේ ගෙන එයි පිළී සුදනන්....

    -දෙව්රංඟී-

    දෙසැම්බර් 27, 2014
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වදින එක සුපිරි‍යටම වදින්න ලි‍යල ති‍යනවා.......නි‍යම‍යි අක්කේ.......:rofl:

    Rep+
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හිටියත් ලොවට සුදු පිරුවට දරන්
    වැඩියත් සැපෙන් වීදුරු කළු කරන්
    මුත්‍රා කරනු බැහැ කවදත් මුන්ට
    නොඋස්සා කකුල පහත් කරන්​
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගොඩාක් කාලෝචිත නිර්මාණයක්. මේ පවතින ජරා ජීර්ණ ක්‍රමය කවි පන්තියෙන් හොදටම පෙන්නලා තියනවා. සරල වචනයෙන් හිතට කාවදින්න විශිෂ්ඨව. සැහෙන සමජයට සංවේදී වෙන්න් ඕනි ඔහොම අදහසක් එලියට දාන්න.
     
    Last edited:

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    වදින එක සුපිරි‍යටම වදින්න ලි‍යල ති‍යනවා.......නි‍යම‍යි අක්කේ.......:rofl:

    Rep+

    ගොඩක් ස්තුතියි මල්ලි :yes:
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ගොඩාක් කාලෝචිත නිර්මාණයක්. මේ පවතින ජරා ජීර්ණ ක්‍රමය කවි පන්තියෙන් හොදටම පෙන්නලා තියනවා. සරල වචනයෙන් හිතට කාවදින්න විශිෂ්ඨව. සැහෙන සමජයට සංවේදී වෙන්න් ඕනි ඔහොම අදහසක් එලියට දාන්න.

    ගොඩක් ස්තුතියි මල්ලි. දේශපාලනය මම අකමැතිම මාතෘකාවක් උනත්, මේ වෙලාවේ යමක් ලිවිය යුතුයි හිතුනා.
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    :D
    11.gif