උපත් පාලන පෙති ( 18+)

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    උපත් පාලන පෙති ( 18+)


    parmacy-new.jpg



    උපත් පාලන පෙති හෙවත් පවුල් සෙලසුම් පෙති හෙවත් කාන්තාවන් සදහා වූ ගිලින පෙති එසේත් නැතිනම් ලංකාවේ නම් ‘මිතුරි’ පෙත්ත ලොවට හදුන්වා දුන්නේ මීට වසර 50 පෙරය. ඉතින් තම 50 වන උපන් දිනය සමරන මේ වසරේම ‘උපත් පාලන හෙවත් පවුල් සෙලසුම්සැලසුම් ‘ පෙත්ත හරහා සමාජ ප්‍රගමනයට , විශේෂයෙන්ම ලංකාව වැනි රටවල කාන්තාවන්ගේ ජීවන තත්වය කෙරෙහි වූ බලපෑම ගැන මදක් විමසා සිටීම වටී. උපත් පාලනයේ අවශ්‍යතාවය පටන් ගන්නේ මීට වසර දහස් ගණනකට ඉහතදීය. ඒ ප්‍රදාන වශයෙන්ම ලිංගික තෘප්තිය කෙරෙහි හදිසි ගැබ් ගැනීම් කල බලපෑම නිසාය. බොහෝ ලිංගිකව ක්‍රියාකාරී කාන්තාවන් හා පිරිමින්ට තෘප්තිමත් ලිංගික ජීවිතයක් ගත කිරීමට තිබු ප්‍රධානතම ගැටළුවක් නම් මේ හදිසි ගැබ් ගැනීම්ය. නබි තුමා පවා එකල තිබු එකම පවුල් සැලසුම් ක්‍රමය වන ශුක්‍ර බැහැරලීම අනුමත කලේ මෙකී කරනා නිසාය

    ක්‍රමයෙන් කාර්මීකරණයත් සමගම කාන්තාවන්ද මිලක් ලැබෙන රැකියා වලට ඇතුල් වීම ආරම්භ වුනි.අඩු වැටුපකට වුවත් කාන්තා ශ්‍රමය සදහා ඉල්ලුමක් ගොඩ නැගුණි. ගෙදර දොරේ ස්‌වය රැකියා පවා කාන්තාවන් අතර ඉතා ප්‍රචලිත විය. නමුත් දිගින් දිගටම ගැබ් ගැනීමත්, තමන්ගේ ශරීර සෞඛ්‍ය පිරිහී යාමත් ඔවුන්ගේ රැකියා හා අදායම් තත්වයන්ගේ ස්ථීරත්වට කෙලින්ම බලපෑවේය. මෙම රැකියා වෙළදපොලේ ඉල්ලුමත් සමග කාන්තා අධ්‍යාපනය සදහා වූ පසුබිමද ඉහල ගියේය. බොහෝ කාන්තවන් ඉහල අධ්‍යාපනයක් ලබා ගැනීමටත් තමන්ගේ රැකියාවට ගැලපෙන වෘතිය සුදුසුකම් තහවුරු කරගැනීමටත් පෙළබුනි. නමුත් විවාහ වූ සැනින් මේ සියලු සිහින බොද වී යන්නේ දිගින් දිගටම ගැබ් ගැනීම හෙවත් තමුන්ගේ ප්‍රජනනය තමුන්ට පාලනය කිරීමට නොහැකි වන නිසාය

    මේ සියල්ලටම වඩා භයානකම කාරණය වන්නේ කාන්ත සෞඛ්‍යයි. මීට දශක කීපයකට පෙර දරුවකු බිහි කිරීම යනු ජීවිතයත් මරණයත් අතර සටනකි. වැඩි දුරක නොව, අපේ කිරි අම්මලාගේ පරම්පරාවද මේ ඛේදවාචකයට උරුමකම් කිව්වේය. ප්‍රසුතියේදී දරුවන් හෝ මව්වරුන් හෝ එම දෙදෙනාම මිය යාමේ අවසනවන්තත තත්වය නතර කිරීම අපහසු කරණයක් වී තිබුණි. එහි සමාජ පිරිවයද අති විශාලය. බොහෝ කාන්තාවන් වසරක් වැනි කුඩා කාල පරතරයක් අතර මීලග දරුවා බිහි කල අතර එය දරුවාගේත් මවගේත් පෝෂණයට මෙන්ම මුළු පවුලේම සුභසිද්දියට විශාල බලපෑමක් එල්ල කළේය. බෞද්ධ ඉතිහාසයේ ස්වර්ණමය යුගය අරබන්නේත් සිදුහත් කුමාරයාගේ උපත සමග සිදුවන මාතෘ මරණයකිනි. අදටත් ඉන්දියාව, නේපාලය හා බංගලදේශය වැනි රටවල දහස් ගණනක් අම්මාවරු තවත් ජීවිතයක් ලොවට දායාද කිරීමේදී මිය යති. ලොව පුර සිදු වන මිලියන ගණනක් මාතෘ මරණ වලින් 80% වඩා වලක්වා ගැනීමට කල යුතුව තිබුනේ ඉතා සරල දෙයකි, ඒ දරුවා පිළිසිද ගැනීම සුළු කලකට පමා කිරීමයි

    අවසනයදී වසර 50 පෙර උපත් පාලන පෙත්ත ලොවට හදුන්ව දුනි. විවිධ මිත්‍යා මත, නීති බලපෑම් , ආගමික ආකල්ප දහසකුත් මැද ලොව පුරා සීග්‍රයෙන් පැතිරී ගිය මෙම කාන්ත ආරක්ෂකයා අද ලෝකයේ කාන්ත සමාජ ප්‍රගමනයේ මුලික සාධකය බවට පත්වී ඇත. ලිංගිකත්වය හා ප්‍රජනනය සදහා කාන්තාවන්ට නොතිබූ අයිතිය, තම ශරීරය පිලිබදව තීරණයක් ගැනීමට නොතිබූ නිදහස, තමාගේ සෞඛ්‍ය – ජීවිතය – මරණය පිළිබද තීරණයක් ගැනීමට කාන්තාවන්ට නොතිබූ අවස්ථාව, හොද අධ්‍යාපනක් කෙරෙහි නොතිබූ බලාපොරොත්තුව , නිසි අදායම් මාර්ගයක් හෝ තෘප්තිමත් රැකියාවක් සදහා නොතිබූ මුලික අයිතිය සමස්ථ කාන්තා පරපුර වෙත නැවතත් ඇද ගෙන ඒමට පවුල් සැලසුම් පෙත්තට හැකි විය. බොහෝ රජයන්, ආගමික සංවිධාන හා නොයෙකුත් සමාජයීය ආයතන පවසන පරිදි ‘පවුල් සැලසුම්’ පෙත්ත යනු කාන්ත අරගලයීදී විවිද මත බේද දුරලා සැමට එකට එක්වීමට අවස්ථාවක් ලබා දුන් සම බිමක් ලෙසය.
    පවුල් සැලසුම් පෙත්ත ලංකාවේ දහස් ගණනක් කාන්තාවන්ට විවාහයෙන් පසු රැකියාවක් කිරීමට, විවාහයෙන් පසු තමාගේ අධ්‍යාපන කටයුත් වල නිරත වීමට, මනා සෞඛ්‍ය තත්වයක් පවත්වාගෙන යාමට උපකාරී විය. ලංකාව ලෝකයේ මාතෘ මරණ අනුපාතය අඩුම රටවල් අතරට ඔසවා තැබීය. නමුත් තවමත් පවුල් සෙලසුම් පෙති සම්බන්ධ විවිධ මිත්‍යා මත දහස් ගණනකි. අවාසනාවකට මෙන් අප අතර තවමත් කිදා බැස ගෙන ඇති මෙම දුර්මත ලෝකයේ බොහෝ රටවලින් මීට දශක ගණනාවකට පෙර කුඩු පට්ටම් කර දැමු ඒවාය.

    උපුටා ගැනීමකි
     
    Dec 11, 2012
    1
    0
    0
    මචන් මිතුරි පෙති ගැන වැඩි විස්ටර ටිකක් කියන්ඩ පුලුවන්ද ????????????????????.
     

    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    Me peththa 99% sure machanla.... ekama seen eka ithin hamadama bonna oni... oka davasak bonna amathaka unoth ilaga davase dekaka bonna oni.... kaha pata peththi 24kda koheda thiyenava ita passe red color eva, eka eke gahala thiyena piliwelata bonna oni ethakota gab ganne ne
     

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    TFS
    machan 16+ kiyala dapan lankawe 16+ onama kenek sex karana eka leagal.eth 18- ayata dan laws walata anuwa marry karanna baha e nisa oka wadagath wewi 16-18 ayata godak.