උපතින්ම

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    උපතින් ම මුහුණ විකෘති වීම හේතුවෙන් මව්කිරි පවා උරාබීමට නොහැකිව සිටි දරුවකු පැය හයක සැත්කමකට ලක් කිරීමෙන් සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට හැකි වූ බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මුඛ, හනු හා මුහුණ පළිබද ශල්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු කියති.

    20160125_084219.jpg


    20160126_121543.jpg


    Child-01.jpg


    Child-02.jpg


    DSC00796.jpg


    DSC00799.jpg


    image-b337a5503ccfebd9b2177bac88a3d85d49027e1bb37d2b7b853cf84c1b4fa602-V.jpg


    ඇඹිලිපියේ යුවලකට දාව උපන් මේ දරුවා විශ්මිත ලක්ෂාන් නමැතිය. වයස අවුරුදු එකයි මාසයකි. දරුවාගේ මුහුණේ වම් පැත්ත බැලූ විට පෙනෙන්නේ ඔහුට කටවල් දෙකක් පිහිටා ඇති බවයි. වම් පසින් බැලූ විට දරුවාගේ කටත් ඇසත් අතර ඉඩක් නැතිව ඒ දෙක එකට ඇලී පවතින අයුරක් දක්නට ලැබිණි.

    සැත්කම සිදුකළ මුඛ, හනු හා මුහුණ පිළිබද ශල්‍ය වෛද්‍ය විශේෂඥ ඩී.කේ.ඩයස් මහතා පවසන්නේ දරුවාගේ දකුණු පැත්තේ උඩ හනුව අර්ධ වශයෙන් දෙකට බෙදී තිබූ බවයි. වම් පැත්තේ උඩ හනු අස්ථිය හා ඇස් කුහරය හා උඩහනුව එකිනෙක බද්ධ වී තිබූ බවත් ඔහු කියා සිටියේය.

    ‘‘ අපි මේ දරුවාගේ මුහුණ ප්‍ර‍කෘත්තිමත් කිරීමේ සැත්කමක් කළා. එහිදී ඔහුගේ මෘදු පටක හා පේෂි යළි සකස් කරලා මේ විකෘතිය හැකිතාක් අඩු කළා. ඉදිරියේ දී ඔහු සම්පූර්ණයෙන් ම යථා තත්ත්වයට පත්කිරීමටනම් තවත් සැත්කම් දෙකක් පමණ සිදුකළ යුතු වනවා. ඒ සදහා දරුවාගේ අස්ථි තව වැඩෙන්න අවශ්‍යයි. මේ කාලයේ දී එය කළ නොහැකියි. “

    නිර්වින්දන විශේෂඥ වෛද්‍ය කේෂරී ද සිල්වා මහත්මිය සැත්කම සදහ දරුවා නිර්වින්දනය කළාය. මුඛ, හනු හා මුහුණ පිළිබද ශල්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු හා කාර්ය මණ්ඩලයත්, කරාපිටිය රෝහලේ ඊ සහ එෆ් ශල්‍යාගාර කාර්ය මණ්ඩලයත්, ළදරු දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරුත් මේ දරුවා සාමාන්‍ය තත්ත්වයට පත්කර ගැනීම සදහා මහත් වෙහෙසක් දැරූහ.

    මෙතෙක් උදරයට බටයක් දමා ආහාර ලබා දීම සිදුකර දරුවා දැන් ළදරු දැඩි සත්කාර ඒකකයේ ප්‍ර‍තිකාර ලබයි. ඉදිරි දින කිහිපයේ දී උගුරට ආහාර ඇතුළු කිරීමට කටයුතු කරන බවත් ඉතා ඉක්මනින් දරුවාට සාමාන්‍ය පරිදි ආහාර ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි ද වෛද්‍යවරුන්ගේ බලාපොරොත්තුවයි.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    අම්මෝ සංසාරෙ ගැන බය හිතෙනව බං....අපිත් ඔහොම කී වතාවක් ඉපදිල ඇතිද :sorry:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල


    ඔය කටින්ම තමයි මිනිස්සු දොස්තරලාට බනින්නෙත් .

    වෛද්‍ය වෘත්තිය කියන්නෙ සේවයක්. පෞද්ගලික වරදාන වරප්‍රසාද වෙනුවෙන් ලෙඩ්ඩුන්ගෙ ජීවිත අනතුරේ දාල ස්ර්ටයික් කරනවනම් උන්ට බනින්නෙ නැතුව?
     

    andrewsmith

    Member
    Feb 26, 2011
    2,839
    136
    0
    issara kotahena den gampaha pette
    ape mamage duwat ipadune katai nahayai open wela, operation godak karanna one awurudu gaanak yanakan, bones strong unama tama last surgery eka karanne, hema awuruddakatama eka paarak australian docs la set ekak enawa free karala yanna, a chance eka nisa lankawei aurstralia walai degoloma balanawa, den nam lassanai, hitannat be mehema ipadune kiyala,me wage doctors lata pin denna one