උපදේශයක්_ලැබුනා අක්කාගෙන්...

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    උපදේශයක්_ලැබුනා අක්කාගෙන්...

    ඊයේ මට වැදගත් උපදේශයක් ලැබුනා අක්කාගෙන්...

    බලනවා තමුසෙගේ හැටි. පොඩ්ඩක් දැන්වත් මනුස්සයෙක් වෙනවාකෝ...
    බලනවා කොම්පියුටරේ ගාව ඉඳගෙන ඉන්න හැටි. එක කකුලක් පුටුව උඩ.

    //(ඒ කකුල බිමට දැම්මා.)

    අන්තිම වතාවට කොන්ඩේ පීරුවේ කවද්ද?

    //මම හිතන්නේ ඉපදුනාට පස්සේ නර්ස් ඇන්ටි පීරුවාට පස්සේ පීරන්ටම නැතිව ඇති. නැත්තං පොඩි කාලේ අම්මා පීරුවාට පස්සේ ආයේ පීරලාම නැහැ.

    ඒකනේ කියන්නේ. අනිත් දේ... තේරුම් ගනින් මෝඩ මී හරකෝ... කෙල්ලෝ කියන්නේ කොල්ලොන්ට නෙමෙයි. උඹ කෙල්ලොන්ටයි කොල්ලොන්ටයි එකම විදියට සලකන්නේ.

    උඹ, මචන්, අඩෝ... ඕවා කෙල්ලොන්ට හරියන්නේ නැහැ. පොඩ්ඩක් Soft විදියට කතාකරන්ට කෙල්ලොන්ට.

    //මේකි මඟුලක් කථා කරනවා.

    ඔව්, මඟුලක් තමා කථා කරන්නේ. දැන් බලනවා, උඹට තාමත් කෙල්ලෙක් නැත්තේ උඹ කෙල්ලොන්ට ඔහොම සලකද්දී එක කෙල්ලෙක්වත් උඹ දිහා හීනෙකින්වත් හැරිලා බලයිද?

    //ඉතින් මට අලයෑ...

    මේකට කියන කට හොදයි...

    { හැබැයි කියපු කතා සේරම ඇත්ත. දැන්වත් හැදෙන්න ඕනේ. ආයේ මින්පසු කෙල්ලන්ට

    මගේ පැටියා/සුදූ/වස්තුව/උම්මා එක/සීනි බෝලේ/ආදරේ/රන් කඳ යනුවෙන් අමතන අතර කොල්ලන්ට

    අඩෝ/මචන්/බ්‍රෝ/ෆිට් එක/වැද්ද/හු.../හුංඟා ආදී නානාප්‍රකාර නම් වලින් අමතනු ඇත. රැවුල කොටටම කපන අතර එය සෑම දිනකම වනු ඇත.

    කොන්ඩය තෙල් ටිකක් ගා ගැනීමට නවරත්න ඔයිල් (මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි) බෝතලයක් ගෙන ආ අතර, එය සතියකින් ඉවර කිරීම මගේ අභිප්‍රායයි.

    තවත් මෙකී නොකී කාරණා බොහෝමයක් ඉදිරියට වෙනස් වන අතර, තව ඇත්තේ කෙල්ලෙක්ගේ අඩුපාඩුව පමනි.}

    ඔබත් වයස අවුරුදු 18 සපිරුණු යුවතියක්ද? එසේනම්

    ♦ඔබට බත් හා පරිප්පුවක් සමඟ පපඩම් ඉවීමට හැකිද? (හරි ඔයි, බැදගනින් පපඩම)
    ♦රෙදි කීපයක් සෝදා දිය හැකිද? මාසෙකට 5ක් වගේ :p
    ♦පරිගණකය භාවිතා කරන අවස්ථා වලදී නොදැක්කා සේ සිටිය හැකිද?
    ♦මහ රෑ කෝල් එකක් එහෙම ආවාම යන්ට අවසර දිය හැකිද?


    එසේනම් මම සොයන්නේ ඔබවයි. අදම සම්පූර්ණ විස්තරයක් හා ලඟදී ගත් ඡායාරූපයක් ඇතුලත් ලිපිනයැති ලියුම් කවරයක් එවන්න. (ලිපිනය මැසේජ් කොරලා අහගන්ට)
     

    Bart Simpson

    Member
    Jul 5, 2013
    34
    2
    0
    ඔහොම ඉන්න ජීවිතේ හොඳයි මචං :yes:....කෙල්ලෙක් සෙට් කරගන්නවාට වඩා. උඹටම තේරේවි පස්සේ..එත් ඉතින් කෙල්ලක් එක්ක යාලු වෙන්නත් එපයි හැමදාම ඔහොම ඉන්නත් බෑ නේ :cool:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඔහොම ඉන්න ජීවිතේ හොඳයි මචං :yes:....කෙල්ලෙක් සෙට් කරගන්නවාට වඩා. උඹටම තේරේවි පස්සේ..එත් ඉතින් කෙල්ලක් එක්ක යාලු වෙන්නත් එපයි හැමදාම ඔහොම ඉන්නත් බෑ නේ :cool:


    :yes::yes::yes:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    ඔහොම ඉන්න ජීවිතේ හොඳයි මචං :yes:....කෙල්ලෙක් සෙට් කරගන්නවාට වඩා. උඹටම තේරේවි පස්සේ..එත් ඉතින් කෙල්ලක් එක්ක යාලු වෙන්නත් එපයි හැමදාම ඔහොම ඉන්නත් බෑ නේ :cool:

    apppppa ow mara dukak vidinna :sorry::sorry:
     

    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    හිකි හිකි හිකි.. අක්කගේ FB පිටුව පොඩ්ඩක් දෙන්නකෝ
    icon_flow_smart_phone_loop_sm_wm.gif