උපදේශ කතා මාලාව - 001
ළඟ නොබලම දුර බැලීම.
එක රටක ඉතා ප්‍රසිද්ධ තරුණ තාරකා විද්‍යාඥයෙක් සිටියා. එයා හැම රාත්‍රියකම එයාගෙ දුර බලන ක්ණ්ණාඩියෙන් අහස දිහා බල්ලා හඳ, තරු, වල්ගා තරු ආදිය සෝදිසි කළා. ගම්මු එයා හඳේ තියෙන ආවාට ගැන කරපු විස්තර අහගෙන හිටියේ පුදුමයෙනුත් පුදුමයට පත්වෙලයි. දවසක් මේ තාරකා විද්‍යාඥයා තමන්ගෙ දුර බලන කණ්ණාඩියෙන් හඳ දිහා බලනකොට හඳෙ අපූරු සත්ත්වයෙක් ඉන්නවා දැක්කා. තම නවතම සොයාගැනීම ගැන බොහොම සතුටු වුණු, ආඩම්බර වුණු එයා ගමේ හැමෝටම ඒ සතා ගැන කීවා. ආරංචිය අහපු කවුරුත් විද්‍යාඥයාගෙ ගෙදරට ඇවිත් එම දුර බලන කණ්ණාඩියෙන් හඳ බලා හඳේ සිටි කකුල් හයක්, පියාපත් දෙකක් හා ලොකු ඇස් දෙකක් ඇති ඇඟ පුරා ලෝම තියෙන අපූරු සත්ත්වයා නැරඹුවා.
මේ අත්භූත ප්‍රවෘත්තිය ඇහුව තවත් සුප්‍රසිද්ධ තාරකා විද්‍යාඥයෙක් ඒ ගමට ඇවිත් තරුණ විද්‍යාඥයා හමුවුණා. ඔහුත් අර දුර බලන කණ්ණාඩියෙන් හඳ දිහා බැලුවා. බලලා හිනාවක් පහළ කළා. ඊට පසුව දුර බලන කණ්ණාඩියෙ අඟ කෙළවරේ තිබුන වීදුරුව ගැලෙව්වා. එහි ඇලී තිබුණ යමක් හීන් සීරුවෙම ඇඟිලි තුඩින් ගත්තා. "යාලුවේ දැන් හඳ දිහා බලන්න. ඕං මං ඒ සතා අතුරුදන් කලා." කියා කීවා.
තරුණ විද්‍යාඥයා දුර බලන කණ්ණාඩිය අරන් එතුළින් හඳ දිහා බැලුවා. "ඇත්ත නේන්නම් ඌ පේන්න නෑ. අනේ මටත් ඒ අතුරුදන් කරන සාත්තරේ උගන්නන්න." කියා ඔහු මහලු විද්‍යාඥයාගෙන් ඉල්ලා සිටියා.
මහලු විද්‍යාඥයා, තරුණ විද්‍යාඥයාව හිමින් සීරුවෙ පැත්තකට රැගෙන ගොස් රහසේ මෙසේ කීවා. "මෙන්න ඒ හඳේ සිටි අත්භූත සතා." මෙහෙම කියල මැරුණ මැස්සෙක් ඔහු අතේ තැබුවා. "මූ තමයි කණ්ණාඩියේ වීදුරුවෙ ඇලිල හිටියෙ. යාලුවා මීට පස්සෙ අහස පරීක්ෂා කරන්න ඉස්සර ඔබේ දුර බලන කණ්ණඩිය හොඳින් පරීක්ෂා කරන්න පුරුදු වෙන්න." යනුවෙන් මහලු විද්‍යාඥයා පැවසුවා.

කතාවෙන් ඔයාලත් ආදර්ශයක් ගත්තනම් rep දෙන්න අමතක කරන්න එපා.