උපන් ලප වලින් කියවෙන ලක්ෂණයන් ...!
උපන් ලප වලින් කෙනෙකුගේ ජීවිතයේ විවිධ සුභ සහ අසුභ ලක්ෂණ ගැන කියවෙන ශාස්ත්රයක් තිබෙන බව ඔබ ආසා ඇති. ඔබ හැම දෙනාගේම ශරීරයේ උපන් ලප පිහිටා තිබෙනවා. මෙහි දැක්වෙන්නේ 1925 වර්ෂයේ පල කරන ලද ඉපැරණි ග්රන්ථයකින් උපුටා ගත් උපන් ලප වලින් කියවෙන ලක්ෂණයන් පිළිබදවයි.
මෙහි දක්වා තිබෙන්නේ පිරිමින්ගේ උපන් ලප වලින් කියවෙන ලක්ෂණයි.
කාන්තාවන්ගේ ලක්ෂණ ගැන දැන ගැනීමට නම්,
පුරුෂයින්ගේ දකුණු පස ගැන කියවෙන කරුණු කාන්තාවන්ගේ වම් පස ගැනත්, පුරුෂයින්ගේ වම් පස ගැන කියවෙන කරුණු කාන්තාවනගේ දකුණු පස ගැනත් කියවෙන බව මතක තබා ගන්න.
________________________________________
කාන්තාවන්ගේ ලක්ෂණ ගැන දැන ගැනීමට නම්,
පුරුෂයින්ගේ දකුණු පස ගැන කියවෙන කරුණු කාන්තාවන්ගේ වම් පස ගැනත්, පුරුෂයින්ගේ වම් පස ගැන කියවෙන කරුණු කාන්තාවනගේ දකුණු පස ගැනත් කියවෙන බව මතක තබා ගන්න.
________________________________________
උදු, මුන් ප්රමාණයේ උපන් ලප වලින් කියවෙන සුභ ලක්ෂණ
හිසේ වම සහ දකුණු පස - ප්රසිද්ධියට පත්වේ, කීර්තිය ලබයි
හිසේ වම සහ දකුණු පස - ප්රසිද්ධියට පත්වේ, කීර්තිය ලබයි
හක්කේ දකුණු පස - ජයග්රහණ ලැබේ, හොද මිතුරන් හිමිවේ.
හක්කේ වම් පස - දියුණුව, අභිවෘදිය, සැපය ලැබේ.
දකුණු කන - ප්රීතියෙන් ජීවිතය ගත කරයි, අන් අයට ගුණ ගරුකව කටයුතු කරයි. සෙනෙහෙවන්ත දරුවන් ලැබේ.
උඩු තොල දකුණු පස කපොලේ - ඉතාමත් ධනවත් වේ. තමන් යන යන තැන සියළු වැඩ සාර්ථක වේ.
දකුණු උරහිසේ - ඉතාමත් කීර්තියට පත්වේ.
වම් උරහිසේ - ධන ලාභ ලැබේ.
දකුණු පියයුරේ - ධන ලාභ ලැබේ.
වම් පියයුරේ - හොද මිතුරන් ලැබේ.
දකුණු වෘෂණ කෝෂයේ - ධාන හානි සිදුවේ.
වම් වෘෂණ කෝෂයේ - ජයග්රහණ සිදුවේ.
දකුණු කලවයේ - බොහෝ ස්ත්රී ලාභ ලැබේ.
උදු, මුන් ප්රමාණයේ උපන් ලප වලින් කියවෙන අසුභ ලක්ෂණ
නළලේ දකුණු පස - සැම විටම සිතේ දුක, නිතරම රෝග
දකුණු ඇහි බැමේ - කාන්තාවන් සමග ගැටුම් ඇතිවේ.
දකුණු ඇසේ - විපත් වලට ගොදුරවේ
නාසයේ දකුණුපස - බොහෝ දුකින් ජීවත් වීමට සිදුවේ
යටිතොලේ දකුණුපස - දුකින් තැවෙමින් ජීවත් වීමට සිදුවේ.
බෙල්ලේ දකුණුපස - නිතර රණ්ඩු වලට පැටලේ
දකුණු අතේ වැලමිටෙන් උඩ - දුක හිමිවේ
දකුණු අතේ වැලමිටෙන් පහළ - ධනය හානි වේ
දකුණු කිසිල්ලේ - දුක ශෝකය නිතරම හිමවේ.
තල ඇට ප්රමාණයේ ලප වලින් කියෙවන සුභ ලක්ෂණ
හිසේ වම් පස - බොහෝ ධන ලාභ
නළලේ වම් පස - රාජ්ය, මැති ඇමති වරුන්ගේ කරුණාව
බෙල්ලේ වම් පස - සෑම දෙයකින්ම ජයග්රහණය ලැබේ.
වම් අතේ වැලමිටෙන් පහල - බොහෝ දරුවන් ලැබේ.
වම් අත්ලේ - හොද මිතුරන් හිමිවේ.
පිටේ වම් පස - යාන වාහන හිමිවේ.
පපුවේ වම් පස - ප්රීතිය, සතුට හිමවේ.
වම් කලවයේ - සියලු කටයුතු සාර්ථක වේ.
වම් කෙන්ඩයේ - සතුට හිමවේ.
තල ඇට ප්රමාණයේ ලප වලින් කියෙවන අසුභ ලක්ෂණ
දකුණු ඇසේ - දුකට පත්වේ.
නාසයේ දකුණු පස - ගත රෝගී තත්වයට පත්වේ.
නිකටේ දකුණු පස - ශෝකය
දකුණු අත්ලේ - ධනය විනාශ වේ.
පිටේ දකුණු පස - සොර බිය ඇතිවේ.
දකුණු ඇලය, ලිංගයේ දකුණු පස - රාජ්ය, මැති ඇමති වරුන්ගේ උදහසට ලක්වේ.
දකුණු උකුලේ - උන් හිටි තැන් අහිමවේ.
දකුණු කලවයේ - ගින්නෙන් කරදර සිදුවේ.
දකුණු පිටි පතුලේ - තමන්ගේ පියා විනාශ කරයි.
දකුණු යටි පතුලේ - දරුවන් විනාශ කරයි.


