පැස්ටෝල් ගැසීමට ගොස් සංස්ථා ෂෙඩ්වල ගෑස් බැලූ යුගයට තිත.
නුදුරේදීම IOC පැස්ටෝල් ෂෙඩ් වලටත් වඩා සුපිරි පන්තියේ ෂෙඩ් වලින්, තරඟකාරී මිළ ගනන් යටතේ තෙල් ගසාගැන්මට අපට වාසනාව ලැබෙනවා ඇත.
ඒ දැනට පවතින ඉන්දියාවේ IOC වලට අමතරව, චීනයේ Synopec, ඇමරිකාවේ Shell හා ඔස්ට්‍රේලියාවේ United යන සමාගම් ලංකාවේ තෙල් බෙදාහැරිමේ කටයුතු වලට එකතු වන බැවිනි.
සංස්ථාව විසින් භාන්ඩාගාරයෙන් ඩොලර් ගෙන ගෙන්වනු ලබන ඉන්ධන විකුණා ලැබෙන රුපියල් තවමත් භාන්ඩාගාරයට නොලැබෙන අතර, නැවත ගෙන්වීමට භාන්ඩාගාරයෙන් ඩොලර් ඉල්ලා සිටීම තව දුරටත් සිඳුවේ. ඊට හේතුව වන්නේ සංස්ථාවේ වියදම් වලට, උපයන මුදල් සියල්ල වියදම් වීමයි. එනම් ඇත්තේ බ්රේක් ඊවන් එකක් පමණි.
එහෙත් ඉන්ධන පිරවුම් හල් 250 ක් පවත්වාගෙන යන ඉන්දියන් IOC සමාගම පසුගිය කාර්තුවේ පමණක් ලබා ඇති ලාබය, රුපියල් බිලියන 9 කි. මීට හේතුව සංස්ථාවේ ඔරොත්තු නොදෙන සේවක පිරිස පමණක්ම නොවේ.
සංස්ථාව සතුව පවතින ඉන්ධන හල් 1300 ක් පමණ වූ ප්‍රමාණයෙන් මේ ආයතන තුනට, එක් ආයතනයකට 150 ක් වශයෙන්, 450 ක් ඔවුනට ලැබෙන අතර, පළමු වසරේදී එකඳු ඩොලරයක් හෝ රටෙන් පිට කළ නොහැකිවා පමණක් නොව ඉන්ධන හල් සියල්ලම නවීකරණය කරනු ලබන්නේ ඔවුන්ගේ වියදමෙනි.
එමෙන්ම Synopec සමාගම පිරිපහඳු කිරීමේ අංගනයක් හම්බන්තොට ඉඳිකිරීමටත්, Shell සමාගම ලංකාවේ ගෑස් නිධි ඩ්‍රිල් කිරීමේ ආයෝජනයන්ටත් මේ වන විට කැමැත්ත පලකර සාකච්ඡා ආරම්බ කර අවසානය.
පට්ටම වැඩේ කියන්නේ, ඉන්දියන් IOC සමාගමේ හා ඉන්දියාවේ එකාධිකාරියක් වීමට ගිය ලංකාවේ ඉන්ධන වෙළඳාම, ලෝක බලවතුන් වන ඇමරිකාව හා චීනය අතර බෙදාහැරීමට රනිල් වික්‍රමසිංහ සමත් වීමය.
දැනට පවතින ගෝලීය දේශපාලනය අනුව මෙය අපට ඉතා වාසි සහගත වන්නේ, මොවුන් අතර අනිවාර්යය තරඟයක් ඇතිවන නිසාමය.
එහෙත් හාල් මෝල් කාරයෝ වගේ, බිත්තර මාෆියාව වගේ, මුන් ඔක්කෝම ලංකාවේදී.... නහී වේරෙන වේරානී.... කියා එකට එකතු වී අපට ඇරියත්, ලෝක සාමය උදාකළ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ නොබෙල් තෑග්ග ලබන දිනයේ සතිඤ්ඤා දමා ආඩම්බර වීමට හැකි වාතාවරණයක් ඇති වන්නේය.
ඒ වගත් මෙසේය.....
මාතලන්