මේ දැනුම් මට්ටම ලබන්න උසස් පෙළ කරලම එන්න ඕනේ කියල එකක් තියෙනවද? මම නම් දකින්නේ උසස් පෙළ කියන්නේ හමොමවම එකම මට්ටමේ විභාගෙකට මුහුණ දෙන්න සලස්වල, එතනින් යම් කිසි පිරිසක් තෝරාගන්නවා විශ්වවිද්‍යාල වලට ඉඩ තියෙන තරමට ඇතුලත් කරගන්න...උබ කියන ඒක ඇත්ත..අවස්ථා තුනම අසමත් වෙච්ච එකෙක් නම් ඉතින් උගේ මොකක් හරි අඩුවක් අනිවාර්යෙන් තියෙනවනේ...
ඒ උනත් අර වගේ ස්ටෑන්ඩර්ඩ් එකක් හදල කොහෙන් ඉගෙන ගත්තත් මේ දැනුම ඒ මට්ටමට තියෙනවා කියල පෙන්නන්න ක්‍රමයක් හැදුවනම් හොඳ නැද්ද? මොකද මචන් දැන් මෙහෙම එකක් තියෙනවනේ...
කැම්පස් එකට හැමෝටම යන්න බැහැ...
කොළඹින් හොදටම සමත් වෙලත් ගන්න ප්‍රමානේ සීමා වෙන නිසා ඊට අඩු ලකුණු තියෙන දුර පලාතක ළමයෙක් ට අවස්තාවක් හිමිවෙනවා...මෙතන හොදට සමත් වෙච්ච කෙනා හැලෙනවා...උබ කියන්නේ ඌ ආයේ කරන්න ඕනේ කියලද? එහෙම කරාම නාස්ති වෙන්නේ උගේ කාලය විතරයි...අවුර්ර්දක් හරි නාස්තියක් වෙන්නේ නිරපරාදේ එකම දේ කරන්න ඌට හැකියාව දැනුම තියෙද්දී..
ඉතින් ඊට වඩා සාර්ථකයි ඒ වගේ කෙනෙක් පුද්ගලික අධ්‍යාපනයට යොමු වෙනවනම්


අර වගේ ස්ටෑන්ඩර්ඩ් එකක් තිබ්බනම් ඔක්කොම ලෙවල් වෙනවා අවසානයේ