උපාධිය ඕනේ නම් ඇඳුම් ගලවන්න කියයි

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    උපාධිය ඕනේ නම් ඇඳුම් ගලවන්න කියයි

    තම උපාධි පාඨමාලාව සම්පූර්ණ කිරීම සඳහා නිරුවත් වන්නට සිදු වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් පිළිබඳව මේ පුවත වාර්තා වන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන්. මෙම විශ්ව විද්‍යාලයේ දෘශ්‍ය කලාව පිළිබඳ මහාචාර්ය රිකාඩෝ ඩෙමින්ගේ, තම සිසු සිසුවියන්ට පවසා ඇත්තේ, උපාධි පාඨමාලාව සම්පූර්ණ කිරීමට නම්, නිරූපණ කලාව විෂය යටතේ අවසාන පරීක්ෂණය ලෙස, නිරුවත්ව අභිනයන් ඉදිරිපත් කල යුතු බවයි. ඔහු මෙය හඳුන්වා ඇත්තේ “ස්වයං ශෘංගාර අභිනය” ලෙස යි. මෙහි දී ඉටිපන්දම් දැල්ලකින් පමණක් ආලෝකවත් වූ අඳුරු කාමරයක් තුළ, සිසු සිසුවියන් 20ක් සමඟ තමා ද නිරුවත් වීමට නියමිත බව ද, මෙයට සහභාගී නොවන්නේ නම් අවසාන පරීක්ෂණයෙන් අසමත් වන බව ද මහාචාර්යවරයා ප්‍රකාශ කොට තිබෙනවා.

    තමන් මෙයින් මහත් සේ කම්පනයට පත්ව ඇති බවත්, තම දියණිය විශ්ව විද්‍යාලයට යැව්වේ මෙවැනි විකාරරූපී පරීක්ෂණයන්ට මුහුණ දීම සඳහා නොවන බවත්, සිසුවියෙකගේ මවක් CNN පුවත් සේවයට පවසා තිබුණා. මහාචාර්යවරයා සහ විශ්ව විද්‍යාලය පිළිබඳව මහත් සේ ලැජ්ජාවට පත් වන බව ඇය වැඩි දුරටත් පැවසූවා. CNN පුවත් සේවය මහාචාර්ය ඩෙමින්ගේව දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් සිදු කල විමසීමක දී ඔහු ප්‍රකාශ කර සිටියේ, මෙම පරීක්ෂණය පිළිගත් ක්‍රමවේදයකට අනුව සිදු කෙරෙන්නක් බවත්, එය තුළ මනා ශික්ශණයක් පවතින බවත් ය.

    කෙසේ වෙතත්, තම 11 අවුරුදු ඉගැන්වීම් කාලය තුළ විවිධාකාර වූ අමුතු ක්‍රියාකාරකම් රැසකට මහාචාර්ය රිකාඩෝ ඩෙමින්ගේ සම්බන්ධ වී ඇති අතර, විශ්ව විද්‍යාල ප්‍රධානීන්ගේ පරිගණකවලට අනවසරයෙන් ඇතුල් වීම වැනි සිදුවීම් ද ඊට ඇතුළත්.




    Asianmirror
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    අර ලන්කාවේ කැම්පස් එකකත් මේ ඊයේ පෙරේදා මොකක්ද රැග් එකක් ගැන දැක්කා මතකයි. ඒ සින් එක දන්න කෙනෙක් ලින්ක් එක දාන්න