උපුල් තරන්ග සමාව ගනී.
“ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගෙන් සහ ක්‍රීඩාවේ නිරතව සිටින ක්‍රීඩකයන්ගෙන් මම සමාව ඉල්ලා සිටිනවා” තහනම් උත්තේජක භාවිතා කිරීමේ චෝදනාවට හසුවී අයි.සී.සී.ය මගින් මාස 3ක තරග තහනමක් පැනවීමෙන් පසුව උපුල් තරංග ප්‍රකාශ කළේය.
“මගේ කණ්ඩායමේ සෙසු සගයන්ට මා ලැබූ අත්දැකීම ඔවුනගේ ක්‍රීඩා අනාගතයට පිටිවහලක් වේවි. වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේදී බොහෝ දුරට ප්රවේශම්කාරි වීමට ඔවුන් දැන් පෙළඹේවි” තරංග වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා පිලේ හිටපු ආරම්භක පිතිකරු උපුල් තරංගට මාස 3ක තරග තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කළේ පසුගිය ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී කළ මුත්‍රා පරීක්ෂණවලින් ඔහු තහනම් උත්තේජක ලබා ඇති බවට තහවුරු වීමේ හේතුවෙනි.
කෙසේ වුවද උපුල් තරංග හිතාමතාම මේ වරද කර නොමැතිබව අවබෝධවීම නිසා ඔහුට පැනවූ තරග තහනම පසුගිය මාසයේ එනම් මැයි මාසයේ 9වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට අයි.සී.සී.ය තීරණය කර ඇත. ඒ අනුව ඔහුගේ තරග තහනම අගෝස්තු 9වැනිදායින් අවසන් වීමට නියමිතය.

Last edited by a moderator: