හාහ්! ඔන්න එහෙනම් අහ ගන්නකෝ මචන් මගේ ලව්ස්ටෝරිය.... මගේ ජීවිතේ ප්‍රථමවාතාවට ආදරයක් ඇති උනේ 4 වසරෙදි.ඒ අපේ class එකේ හිටපු සුරංගි කියලා කෙල්ලෙකුට.කෝම හරි 5 වසර වෙනකන් බොලඳ ආදරයක් තිබුනා.පොඩි එවුන් නේ මචන්...

ශිෂ්‍යත්වෙන් පස්සේ අපි දෙන්නම කොළඹ school දෙහෙකට ගියා.ඒකෙන් අපේ ආදරේ කැඩුනා.පස්සේ මට එයාව මුන ගැහුනේ නෑ.O/L කාලෙදි මට එයාව ආයේ මුන ගැහුනා,මහරගම දයියගේ ක්ලාස් එකේදි.ඒ වෙනකොට එයා ගොඩක් වෙනස් වෙලා.ඔහොම A/L ආවා.ඒ කාලේ එයා ගොඩක් නාස්ති උනා.එයා කොල්ලෝ ගොඩක් දෙනෙක් එක්ක Rooms ගානේ ගියා.අන්තිමට එයාට චරිතයක් නැති උනා.

එයාලට සල්ලි තිබුන නිසා එයාව යැව්වා පිට රට වෛද්‍ය උපාධියක් ගන්න.දැන් එයා එහේ Final Year.ඒක එහෙම්ම ඉවර උනා.
පස්සේ මගේ හිත ගියා කෙල්ලො කීප දෙනෙකුටම.... මගේ ඒකාලේ ඉඳන් එක දුර්වල කමක් තිබුනා.කෙල්ලෙක් එක්ක කථා කරන්න බය කම.ඇඟ වෙවුලනවා,තොල කට වේලෙනවා....

ලඟට යන්න බෑ.. ඔය වගේ.(අද වෙනකොට ඒ ගතිය නෑ..) ඔය කාරණාව නිසා මාත් එක්ක යාළුවෙන්න හිටපු ගෑණු ළමයිනට මාත් එක්ක යාළු වෙන්න බැරි උනා.මට මතකයි O/L කාලේ දයියගේ class එකේ බ්‍රයිට්ම කෙල්ල මට සෙට් උනා.දිලිනි....... ආආආහ්හ්... මතක් වෙද්දිත් සුන්දරයි.class එකේ ලස්සනම කෙල්ල.ඒකට මං මාර විදියට ට්‍රයි කලා.අන්තිම දවසේ එයා බස් හෝල් එක ලඟ මං අහනකන් හිටියා ගොඩක් වෙලා.... හ්ම්ම් මගේ තියෙන බයට මං ඇහුවේ නෑ.පස්සේ එයාව මුන ගැහුනේ නෑ අවුරුද්දක් යනකන්.ඔය අතරේ මං දැන ගත්තා එයා කොමර්ස් කරන්නේ කියලා.එයා සක්‍යා යනවා. අවුරුද්දකට පස්සේ එයාව දකිද්දි එය ගොඩක් වෙනස් වෙලා.අඳුරන්නත් බැහැ.... පස්සේ අවස්ථා කිහිපයකදිම මට එයාව මුණ ගැහුණා.එයා මාව මග ඇරලා යනවා.දැන් එයා ජ'පුර සරසවියේ අවසන් වසරේ සිසුවියක්..... කොල්ලෙක් ඉන්නවළු....

ඔය අතරේ සෙට් උනා ගොඩක්..... පවිත්‍රා ආහ්හ්හ් සිරිමාවෝ එකේ කෙල්ලෙක්

.ස්කූල් බස් එකේ යන කාලේ සෙට් උනේ.සාමාන්‍යයෙන් මම කෙල්ලෙක් දිහා එක පාරක් බලපුවාම ඒ කෙල්ල ඊට පස්සේ අනිවා බලනවා.... මගේ තියෙන Look එකටද දන්නේ නෑ.(පොර ටෝක් දුන්නා නෙමේ

) ඒ හැටි මචන්ලා... පස්සේ සෙට් උනා A/L Maths class එකේ කෙල්ලෙක්.තුෂාණි... හ්ම්ම්ම්ම් මගේ ජීවිතේ මං බලාපොරොත්තු උන ජාතියේ කෙල්ලෙක්.ඒකි ඇඳන් එන්නේ චීත්ත ගවුම්.කොන්ඩ දෙක ගොතලා... දේවි එකේ.පට්ට ලස්සනයි

.ඒකිටත් මං බොක්කෙන් ට්‍රයි කලා.කාලයාගේ ඇවෑමෙන් ඒකත් ඉවර වුනා.පස්සේ දැන ගත්තා ඒකි කොලඹ කැම්පස් එකේ කියලා.ඒකිටත් කොල්ලෙක් ඉන්නවලු.

රොටරි එකෙත් මං කෙල්ලො බර ගානකට ට්‍රයි කලා.
ඔහොම ගියපු ජීවිතේ මට SLIIT එකේදි තමයි චාරුව සෙට් උනේ.GET එකේදි බීලා(බිව්වේ මං

) මාත් එක්ක ඒකී ඩාන්ස් කරන්න ආවා.ඒකිට මං කලින් පාඩම් කියල දුන්නා.ඒ ෆිට් එකටයි මගේ හිතේ ආදරයක් ඇති උනා.එයා මට ගොඩක් හෝප්ස් දුන්නා.මම හිතුවේ කවදා හරි බඳින්නේ මෙයාව කියලා. කෝම හරි GET එකෙන් පස්සේ මං එයාගෙන් ඇහුවා.ඒකි කිව්වා "අයියේ මං ඔයාව ආශ්‍රය කලේ සහෝදරයෙක් විදියට, සොරි කිව්වා........"



ඔය සිද්ධියෙන් මං ගොඩක් වැටුනා මචන්ලා..... පිස්සෙක් උනා...... කෙල්ලොන්ව එපා උනා.

අන්තිමට මගේ මස්සිනා තමයි මාව ගොඩ දැම්මේ.උට පින්.ඌ මගේ බොක්ක

.ඉතින්කෝම හරි ඒකිත් මිස් උනා.දැක්කම දුකක් මුලදි ඇති උනත් පස්සේ හරි ගියා.
ඔය අතරෙදි තමයි මට මගේ ජීවිතේ ඇත්ත ආදරේ හම්බ උනේ... ඒ වෙන මොකෙන්වත් නෙමේ.මේ එළකිරියෙන්මයි.........................



ආආආආආආආහ්! ඒක හරි සුන්දර අත් දැකීමක් මචන්ලා.උඹලා බලයි මගේ Join date එක.හේ හේ...

මම මේකේ සීනියර් පොරක්.

මේක Fake නෙමේ.අරක දැන් යූස් කරන්නේ නෑ.මුලදි යාළුවො උන අපි පස්සේ පෙම්වතුන් උනා.එයාව මුන ගැහුනා.ජීවිතේ ප්‍රථම වතාවට මං කෙල්ලෙක්ව සිප ගත්තේ..................................


ඒක නම් අමතක වෙන්නේ නෑ මචන්ලා. අදටත් ඒකි මට පණ වගේ ආදරෙයි...... උඹලා දන්නවනේ අද කාලේ කෙල්ලෝ..... රට කාලා වතුරු බීපු එවුන් ඉන්නේ.(ගොඩ දෙනෙක්) ඉතින් මං කෙල්ලෝවත් ආදරේවත් විශ්වාස කලේ නෑ........ NEVER....

ඒ කෙල්ල තමයි මචන් මට ආදරේ ඉගැන්නුවේ... මම අවුරුදු 23ක් වෙනකන් Mobile Phone එකක් යූස් කලේ නෑ.අපේ බැජ් එකේ හැමොටම phones තිබ්බා,මට විතරයි නැත්තේ..... ඒ කෙල්ල තමයි මචන් මට ජීවිතේ 1st phone එක අරන් දුන්නේ. අදටත් යූස් කරන්නේ ඒක.මං ඒකට පණ වගේ ආදරෙයි............ තව බඩු ගොඩක් මට එයා අරන් දුන්නා.ඒ මට ආදරේ නිසා.දැන් අපේ ආදරේට අවුරුදු දෙකක් වගේ ඇති.....

වලි නම් යනවා.බට් ඒකි මට පුදුම ආදරෙයි.මමත් එහෙමයි.but මට එයාව මගේ කර ගන්න විදියක් නෑ මචන් ලා..... හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.
ඔය අතරෙ මගෙ හිත ගියා නදීශා කියලා කෙල්ලෙකුට.ඒකත් Down.... පස්සේ FB එකෙන් සෙට් උනා තිලිනි කියලා කෙල්ලෙක් USA වල.ඒකිත් එක්ක චැට් කරලා පස්සේ ඒකිම මට ආදරෙයි කිව්වනේ.

හ්ම්ම්ම් ඒක හෙන පිස්සු කේස් එකක්..... ලස්සන කෙල්ල.ඒකිට මාව වැදිලා නසරාණි වෙන්න... හ්ම්ම්ම්ම්ම්..... එහෙ එන්න මට ටිකට්ස් පවා එවන්නම් කිව්වා.

පිස්සුද අප්පා.....

ඔන්න ඔහොමයි මගේ ජීවිතේ.....

මම ඉන්නවා මගේ පාඩුවේ...... දවසක කෙල්ලෙක් ලැබෙයි.නැත්නම් තනිකඩ.....
