උබේ ඒ ත්‍රෙඩ් එක නම් සුපිරි බන්. වැඩ කරුවෙක් තමා උබ .
ඇත්තම කතාව මචන් මාත් උබ මේ කිව්වා විදිහට නොවනට වෙන විදි වලින් තමා හොයන්නේ. අපි කල ජොබ් වල ක්ලයන්ට් ලා කතා කරලලා ප්‍රොජෙක්ට් කරගන්නවා. එහෙම උන් ගෙන් සෙට් වෙන ඒවා තමා කරන්නේ. ලංකාවේ වගේම වෙන රටවල් 4 ක ඉන්නවා. මෙච්චර කල් හම්බ කරපු ඒවා නම් සැහෙන්න තියෙනවා. මේක කලේ ප්‍රොෆෙෂනල් විදිහට නෙමේ. මොකද ලංකාවේ පිළිවෙලට වැඩ කරන උන් හරිම අඩුයි.(මැරීගෙන දවස් 7 ම වැඩ කරන එක නෙමේ. වැඩ කරන්නේ පැය 2 කද එක හරියට කරන උන්). ඒ නිසා අපේ 3 දෙනෙක් ඉන්නවා 3 ටම එක විදිහට බෙදෙන්නේ. ඒ නිසා 3 දෙනාම කමිට් එකේ වැඩ කරන්න ඕනේ නේ.
බලමු උබේ ක්‍රමේ සාර්ථක නිසා වැඩේට බහින්න. මේක ලොකු ලෙවල් එකක් අපිට. හැබැයි අපේ ලග පාස්ට් වරක් හුගක් ඒවා තියනවා රේඩි මේඩ් . ඒවත් එක්ක ගේමක් ගහගන්න බැරි වෙන්නේ නැති වෙයි
එළ මචන්. බැහැලම කරපන්. අනිවාර්යෙන් ගොඩ දාගන්න පුලුවන්!
මච්න් අයියන්ඩි, මන් දැනට web development වල වැඩ කරනව දැන් අවු: 6 කට කිට්ටුයි , (දැනුත් ඉන්ටෙර්නැශනල් COMPANY යක work කරන්ව) තනියෙන් pos systems / ecommerce website කරන්න පුලුවන් , තව company වලට ගිහින් සල්ලි හම්බ කරන්න ඔනෙ කියල අදහසක් නැහැ ,, මගෙම company website එකක් , Facebook page එකක් හදන් promote කරල, මම බැලුවෙ මාසෙකට පොඩි ගානක් හොයා ගෙන relax එකේ ඉන්න , youtube එකේ web design මාකටින් ගැන videos බැලුව , ඒව් හරියයි ද ? වරදී ද ? කියන්න බැහැ ඒව කරල බැලුවෙත් නැහැ , මට පොඩි හරි අදහසක් දියන්කො ඉන්ටර්නැශනල් client අල්ල ගන්න පුලුවන්ද ? ඉන්දියන් කාරයො... යුරෝප් වල වෙබ් සයිට් වලට , call කරල , email යවල උන්ගෙ වෙබ් ඩිසයින් business ප්‍රමොට් කරන්න ගිහින් වන කරල නෙ තියෙන්නෙ !
මම මේ වෙනකොට ෆෝරින් ක්ලයන්ට්ස්ලා 33ක් එක්ක (ගොඩක් US) වැඩ කරලා තියෙනවා. ඒ ඔක්කොම මම සෙට් කරගත්තෙ ෆ්‍රීලෑන්න්ස් සයිට්වලින් බං.
ලොකල් මාකට් එකට කරද්දි නම් මම ගූගල් එකේ ඇඩ්වර්ටයිස් කලා. ඒත් ෆොරින් මාකට් එකේ කම්පිටිශන් එක වැඩි නිසා තාම මම එහෙම කලේ නෑ.
මම කොහොමත් කෝල් කරන, ඊමේල්ස් යවන සීන් එකට නම් පුද්ගලිකව කැමති නෑ. මොකද අපි රීච් කරන්න ඕන ඒ වෙලාවේ ඒ රික්වයර්මන්ට් එක තියෙන කෙනෙක්ව. එතකොට තමයි ගොඩක් ඉෆෙක්ටිව් වෙන්නෙ.
මාකටින් ඉගෙන ගන්න මේ සයිට්ස් බලන්න.
https://backlinko.com/
https://ahrefs.com/blog/
https://moz.com/blog
http://socialmediaexaminer.com