බිස්නස් කරන අය විතරක් නෙමයි දැනුම් තේරුම් තියන සේරම අය මුල ඉඳලම දැනං හිටියා
කවදාවත් මයිග්‍රේට් වෙන එකක් නැහැයි කියලා කියපු මගේ යාලුවො එහෙම අවුරුදු 5-6ට කලින් ඉඳන් මයිග්‍රේට් වෙන්න ගත්තෙ. ඒ හැම එකාටම හොඳ දේශපාලන අවබෝධයක් තිබුනා රටට වෙන දේ ගැන එහෙම. උන් ඒ කාලෙම කිවුවා ඒ විදියට හැම අවුරුද්දෙම අය වැය බැලන්ස් කරන්න නය ගන්නකොට, බිලියන ගනන් වලින් සල්ලි ප්‍රින්ට් කරද්දි, මේක අනවා කෙලවෙනවා ගොඩ යෑමක් නැහැ කියලා. මතකද දන්නෑ ඒ කාලෙ අර මහ බැංකු වාර්තාවක තිබුනු ආර්තික වර්ධන වේගය එහෙම ණය දෙන රටවල් වලට පෙන්නන්න බොරුවට මැනිපුලේට් කරලා 2%-3%ක් අතින් දාල වැඩි කරලා රිපෝට් හදලා කියලා එහෙම කේස් ඇදුනෙ ඒ කාලෙ ඒව කියපු එවුන්ට එහෙම බැන්නෙ අප්පච්චි විදුලිපුටවට ගෙනියන්න හදනවා කියලා, රට දියනු වෙනවට කැමති නැති එවුන් කියලා. ටිකක් මතක් කරලා බැලුවා නං කාටත් තේරුම් ගන්න තිබුනා කොයි වෙලේ හරි කෙලවෙවාමයි කියලා
දැන් අර මම කියපු කාලෙ මයිග්‍රේට් උනු සමහර එවුන්ට සිටිසන්ශිප් හම්බෙලා, සමහර එවුන් බිස්නස් එහෙමත කරලා ඒ රටවල ස්ටැන්ඩඩ් එකෙන් ගත්තත් සෑහෙන සක්සස් ලෙවල් එකේ එවුන් වෙලා.
ඒ එකෙක්ට කියලා මගේ වැඩකට මම ඩොලර් 400ක විතර පේමන්ට් එකක් කරගත්තා මෙහෙ කාඩ් වලින් ගෙවන්න බැරි නිසා, ඌට ආපහු සල්ලි දාන්න විස්තර ඉල්ලුවට පස්සෙ පිස්සුද හුට්ටෝ ඩොලර් 400 ආපහු දෙන්නෙ ඔන්න ඕක උඹ තියා ගනින් කියලා කිවුවා.