මන් අවරුදු ගානක් තිස්සේ අර්ශස් වලින් පිඩා විදිනවා, එක හැදුන කෙනා විතරයි දන්නේ කොච්චර විදවනවද කියල, මට පුලුවන්නම් අර්ශස් වලට (ඉන්ගිසි බෙහෙත්) ලංකාවේ ඉන්න හොදම (Specialist) දොස්තර කව්ද, මොන හොස්පිටල් එකේද, කියල හොයල දෙන්න පුලුවන්ද, ලොකු උදව්වක්, කියක් ගියත් කමක්නෑ, හොදම කෙනා ගාවට ගිහිල්ල බෙහෙත් අරගනත් බලනවා
මචන් අර්ශස් කියන්නේ ඉන්ගිසි වෙදකමේ සාර්ථක ප්‍රතිකාර තියෙන රෝග තත්වයක්. විදව විඳව ඉන්න කිසිම උවමනාවක් නැහැ. එහින්ද හොඳ GASTROENTEROLOGICAL SURGEON කෙනෙක්ව හම්බ වෙයන්. ඔය echanneling එකේ search කරලා බලපන් ඕනේ තරම් ඩොකාල ඉන්නවා. ඉස්සරනම් කලේ operation කරලා ගෙඩි අයින් කරන එක. මේක සුළු සැත්කමක්. private හොස්පිටල් එකක කරනවානම් එක දවසක් නැවතුනාම ඇති. අපේ තාත්තගේ අවුරුදු කීපයකට කලින් කරා නවලෝකේ. 125,000/- විතර ගියා. සල්ලි නැත්නම් government හොස්පිටල් ඉන්න ඩොකෙක්ව channel කරලා නිකන්ම government හොස්පිටල් කරන්න පුළුවන්. Operation ක්රාම සති දෙකක් වත් යනකම් ටිකක් toilet යනකොට රිදෙයි. හැබැයි ඊට පස්සේ නිට්ටාවට සනීපයි. ඒවගේම දැන් Operation නොකර කරන ක්‍රම කීපයක්ම තියෙනවා. එකක් තමයි අර්ශෂ් ගෙඩි මුලට බෑන්ඩ් එකක් දාන එක, එතකොට ගෙඩි වලට ලේ ගමනගානය නැවතිලා ටික කාලෙකින් ගෙඩි අඩුවෙලා යනවා. ඒවගේම දැන් laser treatment පවා තියෙනවා. මේවගේ ක්‍රම වලදී වේදනාවක් නැති තරම්. එනිසා ඔය වෙද්දු ගාව සල්ලි , කාලේ නාස්ති නොකර කෙලින්ම හොඳ GASTROENTEROLOGICAL SURGEON කෙනෙක්ව හම්බ වෙයන්. ඔය ගොඩක් තෙල් බේත් කාරයෝ දෙන බේත් වලින් මොකද වෙන්නේ කියල උන්වත් දන්නේ නැහැ (අත්දැකීමෙන් කියන්නේ තාත්තත් මුලින් වෙද්දු ගාවට ගිය නිසා).