උබලට මේ ලඟකදී ඉඳන් තේරුනාද මචං අපි ඉස්සර උදන් කාපු බීපු සමහර කෑම වල දැන් හෙනම අජ රහක් එන්නෙ කියලා ?

උදාහරණයකට මයිලෝ කිරිපිටි එක එහෙම පට්ට පොල් තෙල් රහක් එන්නෙ දැං දැං
නෙස්ටමෝල්ට් නම් ගන්නම දෙයක් නෑ. වහුකුං රසක් එන්නෙ..

වීවා හෝර්ලික්ස් ගැන කතා කරලා වැඩකුත් නෑ කටේවත් තියන්න බෑ කොලිටි එක සෑහෙන්න අඩු කරලා ගාන සෑහෙන්න වැඩි කරලා..
මං මැගී නුඩ්ලස් නම් කන්නෙම නෑ. ඉදහිට කන්න හිතුනොත් කොත්තු මී එකක් නම් කනවා.. ඒ උනාට මේ ලගදි වැරදිලා මැගී නූඩ්ලස් එකක් වැරදිලා කැවුනා.. ඉදකිං වමනෙ ගියෙ නැති ටික ඉතරයි.. ඒ තරම් අජපල් වෙලානෙ ඕයි !

හැපිකව් චීස් එකත් පට්ටම කොලිටි බාල කරලා දැන්..
මන්චි එකේ සමහර බිස්කට් ජාති එහෙම අමු අමුවේ රස ඝාතනය කරලා..


ඊව්ව්!!!
මන් මේ ඊයේ පෙරේදා සිලෝන්ටා ටී බෑග් එකක් දැම්මා තේ එකක් හදන්න .. ටික වෙලාවකින් බලනකොට තේ එක පුරා තේ කුඩු..

අර පුම්චි ටී බෑග් එකේ තිබ්බ තේ කොල එලියට ඇවිත් කොලේ දියවෙලා..
ඒ කියන්නෙ ටී බෑග් එකේ කොලේ කොලිටියත් බස්සලා!! ජරා යක්කු!
තව මොනත ඒ වගෙ තියෙන්නෙ?
ඇයි බං මුං මේවයෙ ගානත් අහස උසට දාලා කොලිටිය මෙච්චර අඩු කරන්නෙ? නඩු දාම්න වටිනවා මුන්ට නම්!
Chanya
අඩෝ මේ කතාව නම් ඇත්ත නේ. බිස්කට් වල කොලිටිය නම් පට්ට විදියට අඩු කරල
View attachment 180687