උබලා මර්ධනය කරපල්ලා..අපි වර්ධනය වෙන්නම්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මර්ධනයට එරෙහිව වර්ධනය වෙමු!

    "පැතුම් කර්නර් කියන්නේ මට මගෙ පක්ෂයේ නායකයා විතරක් නොවේ"

    "අපේ බැඳීම හදවත් වල"

    ඔහුගේ වචන වලින්ම කිව්වොත්,

    තාරුකටයි පැතුම්ටයි පුලුවන්,

    “ඕනෑම සතුරකුට විරුද්ධව පිටට පිට තියාගන විස්වාසයෙන් සටන් කරන්න”

    අපි ජයග්‍රහණය කරන බව ඔහුටත් මටත් විශ්වාසයි.

    "ඔහු නිසා මා හෝ මා නිසා ඔහු ලද කිසිඳු භෞතික ප්‍රතිලාභයක් නැත"

    නමුත් මාගේ පියාණන්ගෙන් පසු ලේ බැඳීමක් ඇති
    සහෝදරයෙකු ලෙස ඔහුගෙන් ලැබූ මානුශීය දායද ඇත.

    අපේ කුඹුරු යාය ලග ස්ලැබ් එක උඩ වාඩි වෙලා ඔහු කී වචන
    මට තවමත් මතක ය.

    තාරු,

    අපේ අම්මා මම යුද්ධෙට යනකොට මෙහෙමයි කිව්වෙ,

    “මට උඹව නවත්තන්න බෑ පැතුම්, යුද්ධෙට යන හැම දකුණෙ කොල්ලෙක්වම අම්මලා නැවැත්තුවොත්?

    මේ රට බේරගන්න වෙන කොහෙන්වත් එන්නෙ නෑ,

    රටේම ඉන්න අපිටමයි ඒ කැපකිර්‍රීම කරන්න වෙන්නේ"

    එදා තමයි ඔහු මට කියන්නේ,

    "මේ රට වෙනස් කරන්න ඕන බන්
    මිනිස්සු විඳවන එකෙන් ගොඩ ගන්නම ඕන.
    ඒකට මට උඹව ඕන"

    ලංකාවේ දේශපාලනය තිත්ත මම පක්ෂයකට එන්න
    එකඟ උනේ එදා.

    මුදල් සහ තනතුරු, මගේ දෑස් ඉදිරියේම ප්‍රතික්ෂේප කරපු නුඹ මට වීරයෙක් පැතුම්.

    අපි කොහොමහරි පාර්ලිමේන්තු යන්න නෙමේ තාරු ඕන,
    රට හදන්න පුලුවන් පාරේ පාර්ලිමේන්තු ‍යන්නයි ඕන.

    ඒ නිසා අපි මේ සටන කරමු.

    "වෙඩි කන්න, හිරේ යන්න, චරිතය විනාස කරගන්න ලෑස්ති වෙලා වරෙන්"

    ඔහු ලක්මව වෙනුවෙන් කළ සේවය නිසාම අද සිරගතව ඇත.

    👉 මානුශීය මෙහෙයුම අවසන් වනතුරුම 58 සේනාංකයේ ඉදිරි ආරක්ෂක වළල්ල අසල, පළමු සැරහුම් කුටියේ සේවය කරමින් රණවිරුවෝ බේරාගත් දෑත් වලට,

    👉 ලක් මහපොළොව මත පැළ 70,000ක් දායාද කරපු දෑත් වලට,

    👉ලංකාව පුරා පන්සල්, ආරණ්‍ය තමන්ගෙ දහදිය මහන්සියෙන් හදපු දෑත් වලට,

    👉 කොරෝනාවේ මිලියන ගානක මුදලක PPE , සනීපාරක්ෂක උපකරණ , වියළි ආහාර බෙදපු දෑත් වලට,

    👉දහස් ගානක් දුෂ්කර පළාත් වල ගැබිණි අම්මලාට අවශ්‍ය උපකරණ දුන් දෑත්වලට,

    👉 උතුරේ දෙමළ ජනයාට සැබෑ සහජීවනය අරන් ගිය දෑත් වලට
    ලක්ෂ ගානක් මිනිස්සු දැනුමෙන් සන්නද්ධ කළ මිනිසාගේ දෑත්වලට,

    👉ආර්ථික අර්බුදය එක්ක ලෝකයේ ඕනෑම රටක නිර්මාණය වන අරගලය සාමකාමී කරන මොඩල් එක හදපු දෑත්වලට,

    මාංචු දාන්න. නිහඩ කරවන්න.

    "නුඹලා බලාපොරොත්තු වන සිහින දේශය නිර්මාණය වේවි"

    යදමින් බැඳ විලංගු ලා - මගේ පුතා රැගෙන යන්න
    ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්න
    අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
    කුමට ‍එරට අධිකරනය - නීතිය හා විනිසුරන්

    ඔහු වෙනුවෙන් සහ අනෙක් සියළු අරගලකරුවන් වෙනුවෙන්
    පෙනී සිටින්න.

    #ReleasePathum #Justiceforpathum
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මට මතක් වෙන්නෙ 2008 වෛද්‍ය උපාධිය අවසන් කරපු දවස.

    අද විභාගේ ඉවර කලා, හෙට හොස්ටල් එක අස්කරලා බාර දුන්න, ඊළඟ දවසේ පනාගොඩට වාර්ථා කරලා ලයින් එකට යන්න පිටත් උනා. යුද්දේ නොකළේ මම උනාට මටත් ඒ වෙනුවෙන් වගකීමක් තිබුනා. මට තිබුන ඒ පුංචි කාර්‍යභාරය හොයා ගෙන මම පිටත් උනා. ඒක ඒ වෙලාවේ උඩුගම් බලා යෑමක්.

    ඒ හැඟීමමයි ආයෙත් දැනෙන්නේ. එංගලන්තයේ ගත කල මාස 20 ක පමණ කාලය අවසන් කරලා අපි එන්න පිටත් උනා. ජීවිතේට අලුත් දැනුම් සම්භාරයක් එකතු කර ගත්ත මාස 20 ක් එසේ අවසන් උනා.

    හොඳ ගෙයක්, වාහනයක්, රැකියාවක්, දරුවන්ට හොඳ පාසලක්,අධ්‍යාපනයක් මේ සියල්ල එහි තිබුනා. අපි සාමාන්‍ය ජීවිතේ හොයන සියල්ල. ඒත් හිත තිබුනේ නෑ එතන. මගේ විතරක් නෙවෙයි, අපි හතර දෙනාගෙම. හිත තියෙන තැන හොයා ගෙන ඒ නිසා අපි එනවා. තියෙන දෙයක් බෙදා හදා ගෙන කාලා, අර කලින් යුද්දේ වගේම මේ යුද්දෙත් ඉවර කරන්න මගේ වගකීම ඉටු කරන්න.

    ඒ වගකීම යුද්දේ කාලෙට වඩා වැඩියි. යුද්දේ තරම්ම අවදානම්. යුද්දය වගේම මේකත් සාමුහික ප්‍රයත්නයක්. අපි රටේම මිනිස්සුන්ට එකට හිට ගන්න වෙන. අපි හැමෝටම මේක ඇතුලේ වගකීමක් තියෙනවා. මම මගේ කොටස මග හැර යන්නේ නෑ වගේම, ඔබ ඔබේ කොටසත් කරන කං මේක සාර්ථක වෙන එකක් නෑ.

    අපි හැමෝම කැමති තම තමන්ගේ comfort zone එකේ ඉන්න. ඒත් මගේ පුරුද්දම ඒකෙන් එළියේ ඉන්න. වාසනාවට ඇයත් ඒකට කැමතියි.

    එංගලන්තයේ මතක ජීවිත කාලයක් තියේවි. නමුත් ජීවිතය එංගලන්තයේ නතර වෙන එකක් නෙවෙයි. ඒ නිසා එංගලන්තයට ආයුබෝවන් !!!

    පැතුම් කර්නර්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Blah Blah Blah Sock Puppet GIF by Your Happy Workplace
     
    • Haha
    Reactions: Walter White

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227
    113
    මර්ධනයට එරෙහිව වර්ධනය වෙමු!

    "පැතුම් කර්නර් කියන්නේ මට මගෙ පක්ෂයේ නායකයා විතරක් නොවේ"

    "අපේ බැඳීම හදවත් වල"

    ඔහුගේ වචන වලින්ම කිව්වොත්,

    තාරුකටයි පැතුම්ටයි පුලුවන්,

    “ඕනෑම සතුරකුට විරුද්ධව පිටට පිට තියාගන විස්වාසයෙන් සටන් කරන්න”

    අපි ජයග්‍රහණය කරන බව ඔහුටත් මටත් විශ්වාසයි.

    "ඔහු නිසා මා හෝ මා නිසා ඔහු ලද කිසිඳු භෞතික ප්‍රතිලාභයක් නැත"

    නමුත් මාගේ පියාණන්ගෙන් පසු ලේ බැඳීමක් ඇති
    සහෝදරයෙකු ලෙස ඔහුගෙන් ලැබූ මානුශීය දායද ඇත.

    අපේ කුඹුරු යාය ලග ස්ලැබ් එක උඩ වාඩි වෙලා ඔහු කී වචන
    මට තවමත් මතක ය.

    තාරු,

    අපේ අම්මා මම යුද්ධෙට යනකොට මෙහෙමයි කිව්වෙ,

    “මට උඹව නවත්තන්න බෑ පැතුම්, යුද්ධෙට යන හැම දකුණෙ කොල්ලෙක්වම අම්මලා නැවැත්තුවොත්?

    මේ රට බේරගන්න වෙන කොහෙන්වත් එන්නෙ නෑ,

    රටේම ඉන්න අපිටමයි ඒ කැපකිර්‍රීම කරන්න වෙන්නේ"

    එදා තමයි ඔහු මට කියන්නේ,

    "මේ රට වෙනස් කරන්න ඕන බන්
    මිනිස්සු විඳවන එකෙන් ගොඩ ගන්නම ඕන.
    ඒකට මට උඹව ඕන"

    ලංකාවේ දේශපාලනය තිත්ත මම පක්ෂයකට එන්න
    එකඟ උනේ එදා.

    මුදල් සහ තනතුරු, මගේ දෑස් ඉදිරියේම ප්‍රතික්ෂේප කරපු නුඹ මට වීරයෙක් පැතුම්.

    අපි කොහොමහරි පාර්ලිමේන්තු යන්න නෙමේ තාරු ඕන,
    රට හදන්න පුලුවන් පාරේ පාර්ලිමේන්තු ‍යන්නයි ඕන.

    ඒ නිසා අපි මේ සටන කරමු.

    "වෙඩි කන්න, හිරේ යන්න, චරිතය විනාස කරගන්න ලෑස්ති වෙලා වරෙන්"

    ඔහු ලක්මව වෙනුවෙන් කළ සේවය නිසාම අද සිරගතව ඇත.

    👉 මානුශීය මෙහෙයුම අවසන් වනතුරුම 58 සේනාංකයේ ඉදිරි ආරක්ෂක වළල්ල අසල, පළමු සැරහුම් කුටියේ සේවය කරමින් රණවිරුවෝ බේරාගත් දෑත් වලට,

    👉 ලක් මහපොළොව මත පැළ 70,000ක් දායාද කරපු දෑත් වලට,

    👉ලංකාව පුරා පන්සල්, ආරණ්‍ය තමන්ගෙ දහදිය මහන්සියෙන් හදපු දෑත් වලට,

    👉 කොරෝනාවේ මිලියන ගානක මුදලක PPE , සනීපාරක්ෂක උපකරණ , වියළි ආහාර බෙදපු දෑත් වලට,

    👉දහස් ගානක් දුෂ්කර පළාත් වල ගැබිණි අම්මලාට අවශ්‍ය උපකරණ දුන් දෑත්වලට,

    👉 උතුරේ දෙමළ ජනයාට සැබෑ සහජීවනය අරන් ගිය දෑත් වලට
    ලක්ෂ ගානක් මිනිස්සු දැනුමෙන් සන්නද්ධ කළ මිනිසාගේ දෑත්වලට,

    👉ආර්ථික අර්බුදය එක්ක ලෝකයේ ඕනෑම රටක නිර්මාණය වන අරගලය සාමකාමී කරන මොඩල් එක හදපු දෑත්වලට,

    මාංචු දාන්න. නිහඩ කරවන්න.

    "නුඹලා බලාපොරොත්තු වන සිහින දේශය නිර්මාණය වේවි"

    යදමින් බැඳ විලංගු ලා - මගේ පුතා රැගෙන යන්න
    ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්න
    අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
    කුමට ‍එරට අධිකරනය - නීතිය හා විනිසුරන්

    ඔහු වෙනුවෙන් සහ අනෙක් සියළු අරගලකරුවන් වෙනුවෙන්
    පෙනී සිටින්න.

    #ReleasePathum #Justiceforpathum
    Umbama oya hali liyala pathumwa thawa charter karanawane lol
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    මූ මට පොරක්වත් පුරෝගාමී චරිතයක්වත් නෙමෙයි

    හැබැයි වේසපක්ස පාලනය හොල්ලන්න වචනෙක් දෙයක් කරපු එකෙක්ට විරුද්ධව කතා කරන්නෙ නෑ මම.
     
    • Like
    Reactions: nikdw and Sen-lu