මටත් එහෙමයි බන් ගෙදර ඉන්න වෙලාවට නිවනක් නෑ.... එක එකාගෙ රේඩියෝ කෑලි, චාජ් කරන ටෝච්, වතුර පොම්ප, ඔරලෝසු හැම මගුලම උස්සගෙන එනවා. කොටින්ම කිව්වොත් පෙට්ටිය කැඩුනම විතරයි අරගෙන එන්නෙ නැත්තෙ. ගේන්න බැරි ඒවා බලන්න එක්කගෙන යනවා. දවසක් මාර වැඩක් උනා දන්න කියන නැන්දා කෙනෙක්ගෙ ගෙදර පෙන්ඩන්ට් ලෑම්ප් එකක බල්බ් වගයක් මාරු කරන්න ගියා. ඒ ගෙදර අන්කල් රටින් ගෙනාපු එකක් ඒක බල්බ් 15 විතර තියනව පොඩි ඒවා.. මේසෙ උඩ බංකු පුටුවක් තියල තමයි වැඩේ කලේ ඒක අස්සෙ රොඩු වගයක් තිබිල ඒකට පිඹිද්දි හචිමක් ගියා කියහන්කො ඒ එක්කම සරමෙ ගැටේ බුරුල් වෙලා ඒක බංකු පුටුව උඩ... ඇන්ටි පුටුව අල්ලගෙන හිටියේ.... දෙයියනේ කියලා බිම බලාගෙන සරම අරගෙන දුන්නා බන්.... ඒ වගේ රස ආතල් එහෙමත් තියනවා ඔය ජොබ් එකේ....