ඉස්සරනම්(ආදරය කරන්න ගද්දී), මමත් හිතුවේ විවාහය කියන්නේ ආදරයේ දෙවනි දිගහැරුම.
ආදයකරලම බදින්න ඔනි එහෙම නැතිවිවාහ වැඩක් නෑ කියලා.
මීට අවුරුදු දෙකකට විතර ඉදලා කලින් හිතුනා මෙහෙම.... ( බදින්න ගැලපෙන කෙනෙක් තොරන්න පටන්ගද්දී)
ආදරය කියන සාධකයෙන්ම විවාහයක් ඉදිරියට ගෙනියන්න බෑ දෙන්න අතර අවබෝදය,දෙන්නටදෙන්න ෆ්ලෙක්සිබල්වීම,ඉවසීම ඔනි කියනදේ.
(එහෙම හිතෙන්න හේතුව තමයි. ආදරය කරද්දී දෙන්න අතර ඇති උන අදහස් නොගැලපීම්, ඉක්මන් ප්රතික්රියා, ඉවසීම නැතිකම නිසා සිත් රිදීම් උනා තදින්ම.විවාහ උනොත් මේවිදියට ඉස්සරහට යන්නේ කොහොමද කියනදේ ප්රශ්නයක් උනා.විසදුමක් හොයන්නට හිතාගන විවාහ වුඅයගේන් අදහස් විමසුවා.කොහොමද දෙන්න එක්ක ගැටීම් අවම කරන් අවු ගානක් ජීවත් උනේ, වෙන්නේ කියලා.ඒහරහා මම ගත්ත අදහස තමයි ඔය )
දැන් මෙහෙම හිතෙනවා.... ( බදින්න අසන්න කාල වකවානුව )
බදින්නත් ලගයි.. ඉන්නතැන හොදට හදාගන්නත් ඔනි.වෙඩින් එකට සල්ලි ඔනි. ඒනිසා ලොන් දාන්න යන්නේ.ඒකගෙවන්න දෙන්නටම ජොබ් කරන්න වෙන හැඩක් තියෙන්නේ.එතකොට ජොබ් කරන ගෑනු කෙනෙක් ඉන්නවනම් හොදයි කියලා හිතෙනවා. ජොබ් කලත් , ආන්ඩුවේ ජොබ් කරන කෙනෙක්නම් තවත් හොදයි වගේ.ඉස්සරහට වාහනයක්වත් ගන්න ලෝන් එකක් දාන්න පුලුවනි (දැන් වාහන හීන )
ගෙදරින් කිව්ව අන්ඩුවේ ජොබ් කරන කෙනෙක් බලමු කියලා, මම කිව්ව එහෙම කොන්දේසි නොදා බලමු කියලා.මගේ මතයට ඉඩලැබුනා.දැන් තෙරෙනවා බැන්දාම එයාටත් හොද ජොබ් එකක් නොලැබුනොත් ටිකක් හිරවෙනවා කියන එක.
ඉතින් සහෝදරයා ඔබේ මතයට සමාන්තරයි වගේ මම දැන් ඉන්න මතය..
මම දන්න අයිය කෙනෙක් කිව්ව කතාවක් කියලා නතරවෙන්නම්..
" මල්ලී බලපන්කෝ බැදලාම..
උබ ලවු කරද්දී හිටපු කෙනා නෙවේ බැන්දාම ඉන්නෙ...
උබ බදින දවසේ හිටපු කෙනා නෙවේ පලමුවෙනි බබා හම්බ උනදවසෙන් පස්සේ ඉන්නේ.බලපන්කෝ බැන්දට පස්සේ ඔය ආදර කතා නෑ. අන්ඩස්ටැන්ඩින් සහ ෆ්ලෙක්සි බිලිටි තමයි එතනින් පස්සේ ඉතුරු කරගන්න වෙන්නේ.ඒදෙකත් නැත්තන් සොරි"