උබල කසාද බඳින එක ගැන මොකක්ද හිතන්නේ...............

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මචන්ලා උබල කසාද බඳින එක ගැන මොකක්ද හිතන්නේ...............

    කසාද බැන්දහම ගෑනිව බලාගන්න ඕනි'........
    කන්න බෝන්න හොයල දෙන්න ඕනි...........
    අඳුම් එකී නොකී සියලු දේවල් අරන් දෙන්න ඕනි ................
    ලමයින්ගේ වැඩ කරන්න ඔනි............

    ඊට වඩා හොද නැද්ද නොබද ඉන්න එක ............................

    elakiri වෙබ් site එක පාවිච්චී කරන විද්වත් මහතුන්ගේ විවාදයට විවුර්තයි..................

    උඹලගේ අම්මයි තාත්තයිත් ඔහොම හිතුවනම් ඔය වගේ ගොන් ප්‍රශ්න අහන එකෙක් එළකිරියේ රේජිස්ටර් වෙන්නේ නැහැ...
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    tumblr_inline_neosm2gE7x1rkygkg.gif
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    umba wayasata giyama kauda umbawa balaganne? kawada hari thamanema daruwek hurathal karanna asa nedda? ammala asai munupurek dakinna. jathiya agama rekaganna podi hari kemeththak thiyenawada. amaruwen hadapu gewal umba merunama anduwata pawaranna kemathida?
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    කසාදෙ කියන්නෙත් එක්තරා විදියක බිස්නස් ඩීල් එකක් කරනවා වගෙ වැඩක් බන්. පැනලා ගිහින් කසාද බඳිනවා කියන උන් වැඩිකල් ඉන්නෙ නහැ අද කාලෙ හැටියට. පැනලා ගියත් කමක් නැහ හොඳ රස්සාවක් තියෙනවානම්. ඒත් හොඳ රස්සාවක් තියෙන එකෙක් පැනලා යන්නෙ නැහැ.
    ඒ වගෙම හොඳ රස්සාවල් කරන උන් බලන්නෙ දෙපොළ හෝ බඳින කෙනාටත් ඒ වගෙම හොඳ රස්සාවක් තිටයෙන කෙනෙක් .ඉතිං හුදෙක් ගැහැණියක් පිරිමියෙක් ආදරෙන් වෙළෙනවා කියන එක ඔය කසාද වල වෙන්නෙ නැහැ .ලව් කරලා බඳින උනුත් බඳින්නෙ ඒ බඳින පවුල් දෙකෙ වත්කම් බැර කම් මාන්‍ය ,වගෙ දෙවල් සම මට්ටමෙ තියෙනවා නම් විතරයි. ඉතිං කසාදෙ කියන්නෙ බිස්නස් ඩීල් එකක් මිසක් ඊනියා හෘද්‍යාංගම බැඳීමක් නම් නෙමෙ.
    ඔය පොඩි වයස් වල ඉන්න ඇච්චො කිච්චො නම් හෙන ආදරණිය තියරි දෙවි .එත් එව්වා ප්‍රැක්ටිකල් නැහැ. රොමියො ජුලියට් ලා, ශාරුක්-කාජල් ලා, ජැක්-රොස් ලා ඇත්ත ලොක් නැහැ බන් .ඉතිං ඇත්ත ජිවිතෙදි කොන්දෙසි විරහිත ආදරයක් නැති තැන ෆැන්ටසියෙන් ආදරෙ හොයනවා කට්ටිය. ඒක නිසා තමා ආදරය මෙච්චර මාකට් වෙන්නෙ ෆිල්ම් වලයි නවකතා වලයි. ඒ වගෙම සමහරු අනියම් ඇසුරවල් වලටත් යොමු වෙනවා. ඉතිං කසාදෙ කියන්නෙ බිස්නස් ඩීල් එකක් විතරමයි. ඉතිං බෙරෙ බැඳගත්තානම් ගහපන් සීන් එකෙන් තමා අපෙ රටෙ එවුන්ගෙ පවුල් ජීවිත. හේතුව මෙ සංස්කෘතිය නිසා ඩිවොස් වීම ලොකු ලැජ්ජාවක් වෙන නිසා. ඒත් අනාගතෙදි එව්වත් නැතිවෙලා යාවි

    ඉස්සරනම්(ආදරය කරන්න ගද්දී), මමත් හිතුවේ විවාහය කියන්නේ ආදරයේ දෙවනි දිගහැරුම.
    ආදයකරලම බදින්න ඔනි එහෙම නැතිවිවාහ වැඩක් නෑ කියලා.

    මීට අවුරුදු දෙකකට විතර ඉදලා කලින් හිතුනා මෙහෙම.... ( බදින්න ගැලපෙන කෙනෙක් තොරන්න පටන්ගද්දී)
    ආදරය කියන සාධකයෙන්ම විවාහයක් ඉදිරියට ගෙනියන්න බෑ දෙන්න අතර අවබෝදය,දෙන්නටදෙන්න ෆ්ලෙක්සිබල්වීම,ඉවසීම ඔනි කියනදේ.
    (එහෙම හිතෙන්න හේතුව තමයි. ආදරය කරද්දී දෙන්න අතර ඇති උන අදහස් නොගැලපීම්, ඉක්මන් ප්‍රතික්‍රියා, ඉවසීම නැතිකම නිසා සිත් රිදීම් උනා තදින්ම.විවාහ උනොත් මේවිදියට ඉස්සරහට යන්නේ කොහොමද කියනදේ ප්‍රශ්නයක් උනා.විසදුමක් හොයන්නට හිතාගන විවාහ වුඅයගේන් අදහස් විමසුවා.කොහොමද දෙන්න එක්ක ගැටීම් අවම කරන් අවු ගානක් ජීවත් උනේ, වෙන්නේ කියලා.ඒහරහා මම ගත්ත අදහස තමයි ඔය )

    දැන් මෙහෙම හිතෙනවා.... ( බදින්න අසන්න කාල වකවානුව )
    බදින්නත් ලගයි.. ඉන්නතැන හොදට හදාගන්නත් ඔනි.වෙඩින් එකට සල්ලි ඔනි. ඒනිසා ලොන් දාන්න යන්නේ.ඒකගෙවන්න දෙන්නටම ජොබ් කරන්න වෙන හැඩක් තියෙන්නේ.එතකොට ජොබ් කරන ගෑනු කෙනෙක් ඉන්නවනම් හොදයි කියලා හිතෙනවා. ජොබ් කලත් , ආන්ඩුවේ ජොබ් කරන කෙනෙක්නම් තවත් හොදයි වගේ.ඉස්සරහට වාහනයක්වත් ගන්න ලෝන් එකක් දාන්න පුලුවනි (දැන් වාහන හීන )
    ගෙදරින් කිව්ව අන්ඩුවේ ජොබ් කරන කෙනෙක් බලමු කියලා, මම කිව්ව එහෙම කොන්දේසි නොදා බලමු කියලා.මගේ මතයට ඉඩලැබුනා.දැන් තෙරෙනවා බැන්දාම එයාටත් හොද ජොබ් එකක් නොලැබුනොත් ටිකක් හිරවෙනවා කියන එක.

    ඉතින් සහෝදරයා ඔබේ මතයට සමාන්තරයි වගේ මම දැන් ඉන්න මතය..

    මම දන්න අයිය කෙනෙක් කිව්ව කතාවක් කියලා නතරවෙන්නම්..
    " මල්ලී බලපන්කෝ බැදලාම..
    උබ ලවු කරද්දී හිටපු කෙනා නෙවේ බැන්දාම ඉන්නෙ...
    උබ බදින දවසේ හිටපු කෙනා නෙවේ පලමුවෙනි බබා හම්බ උනදවසෙන් පස්සේ ඉන්නේ.බලපන්කෝ බැන්දට පස්සේ ඔය ආදර කතා නෑ. අන්ඩස්ටැන්ඩින් සහ ෆ්ලෙක්සි බිලිටි තමයි එතනින් පස්සේ ඉතුරු කරගන්න වෙන්නේ.ඒදෙකත් නැත්තන් සොරි"
     
    Last edited:

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,436
    988
    113
    අතරමග
    ඔය ඔක්කොමත් හරි ළමයි ඉස්කොලේ දාන්න ගියාම තමයි සසර එපා වෙන්නේ. කසාද නොබැඳ හිටියා නම් හොඳයි කියලා හිතෙන වාර අනන්තයි..... ගෙවල් ලඟ තියෙන තරමක් හරි හොඳ ඉස්කෝලෙකට දරුවා ඇතුල් කරගන්න පුදුම කට්ටක් කන්න ඕනේ දෙමව්පියෝ.....
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    " කසාද බඳිනවා කියන්නේ මචං බනිස් ගෙඩියක් කන්න තියෙන ආසාවට බේකරියක් සල්ලි දීල ගන්නවා වගේ වැඩක් "

    මමත් ඕව ගැන දන්නේ නෑ, මටත් ඕක කිව්වේ මේ පාර සිස්සත්වේ ලියපු පොඩි එකෙක් :dull:
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ඉස්සරනම්(ආදරය කරන්න ගද්දී), මමත් හිතුවේ විවාහය කියන්නේ ආදරයේ දෙවනි දිගහැරුම.
    ආදයකරලම බදින්න ඔනි එහෙම නැතිවිවාහ වැඩක් නෑ කියලා.

    මීට අවුරුදු දෙකකට විතර ඉදලා කලින් හිතුනා මෙහෙම.... ( බදින්න ගැලපෙන කෙනෙක් තොරන්න පටන්ගද්දී)
    ආදරය කියන සාධකයෙන්ම විවාහයක් ඉදිරියට ගෙනියන්න බෑ දෙන්න අතර අවබෝදය,දෙන්නටදෙන්න ෆ්ලෙක්සිබල්වීම,ඉවසීම ඔනි කියනදේ.
    (එහෙම හිතෙන්න හේතුව තමයි. ආදරය කරද්දී දෙන්න අතර ඇති උන අදහස් නොගැලපීම්, ඉක්මන් ප්‍රතික්‍රියා, ඉවසීම නැතිකම නිසා සිත් රිදීම් උනා තදින්ම.විවාහ උනොත් මේවිදියට ඉස්සරහට යන්නේ කොහොමද කියනදේ ප්‍රශ්නයක් උනා.විසදුමක් හොයන්නට හිතාගන විවාහ වුඅයගේන් අදහස් විමසුවා.කොහොමද දෙන්න එක්ක ගැටීම් අවම කරන් අවු ගානක් ජීවත් උනේ, වෙන්නේ කියලා.ඒහරහා මම ගත්ත අදහස තමයි ඔය )

    දැන් මෙහෙම හිතෙනවා.... ( බදින්න අසන්න කාල වකවානුව )
    බදින්නත් ලගයි.. ඉන්නතැන හොදට හදාගන්නත් ඔනි.වෙඩින් එකට සල්ලි ඔනි. ඒනිසා ලොන් දාන්න යන්නේ.ඒකගෙවන්න දෙන්නටම ජොබ් කරන්න වෙන හැඩක් තියෙන්නේ.එතකොට ජොබ් කරන ගෑනු කෙනෙක් ඉන්නවනම් හොදයි කියලා හිතෙනවා. ජොබ් කලත් , ආන්ඩුවේ ජොබ් කරන කෙනෙක්නම් තවත් හොදයි වගේ.ඉස්සරහට වාහනයක්වත් ගන්න ලෝන් එකක් දාන්න පුලුවනි (දැන් වාහන හීන )
    ගෙදරින් කිව්ව අන්ඩුවේ ජොබ් කරන කෙනෙක් බලමු කියලා, මම කිව්ව එහෙම කොන්දේසි නොදා බලමු කියලා.මගේ මතයට ඉඩලැබුනා.දැන් තෙරෙනවා බැන්දාම එයාටත් හොද ජොබ් එකක් නොලැබුනොත් ටිකක් හිරවෙනවා කියන එක.

    ඉතින් සහෝදරයා ඔබේ මතයට සමාන්තරයි වගේ මම දැන් ඉන්න මතය..

    මම දන්න අයිය කෙනෙක් කිව්ව කතාවක් කියලා නතරවෙන්නම්..
    " මල්ලී බලපන්කෝ බැදලාම..
    උබ ලවු කරද්දී හිටපු කෙනා නෙවේ බැන්දාම ඉන්නෙ...
    උබ බදින දවසේ හිටපු කෙනා නෙවේ පලමුවෙනි බබා හම්බ උනදවසෙන් පස්සේ ඉන්නේ.බලපන්කෝ බැන්දට පස්සේ ඔය ආදර කතා නෑ. අන්ඩස්ටැන්ඩින් සහ ෆ්ලෙක්සි බිලිටි තමයි එතනින් පස්සේ ඉතුරු කරගන්න වෙන්නේ.ඒදෙකත් නැත්තන් සොරි"

    :):):):)
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    කසාදය කියන එක ලෝකෙට අවේ අයි කියල බැලුවොත් මේකට යම් තාක් දුරට උත්තරයක් හම්බෙයි..අද ගොඩක් අය මේක කරන්නෙ කරන්න ඕනෙ දෙයක් කියල සමාජයේ සම්මත නිසා..අපි කරන ගොඩක් දේවල් ඒ ගණයට තමා වැටෙන්නෙ ඉතින්
     
    • Like
    Reactions: ctooi

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    බැන්දා කියලා ප්‍රශ්න නැති වේලා ජිවිතේ මල්යාහානැවක් කියල හිතන එකයි අවුල, මිනිස්සු ඕවා ඔක්කොම කරන්නේ සැප බලාපොරොත්තුවෙන්නේ, බැන්දහාම තමයි තේරෙන්නේ එකෙත් අනිත් දේවල් වගේම එවෙලෙට විතරයි කියලා තවත් අලුත් ප්‍රශ්න එකතු උනා කියලා, අදහස් වලට අදහස් ගැලපෙන්නේ නැති කෙනෙක් බැන්දහම තමයි තේරෙන්නේ සැපේ උපරිමේ :baffled:
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    943
    113
    gampaha
    කසාදෙ කියන්නෙත් එක්තරා විදියක බිස්නස් ඩීල් එකක් කරනවා වගෙ වැඩක් බන්. පැනලා ගිහින් කසාද බඳිනවා කියන උන් වැඩිකල් ඉන්නෙ නහැ අද කාලෙ හැටියට. පැනලා ගියත් කමක් නැහ හොඳ රස්සාවක් තියෙනවානම්. ඒත් හොඳ රස්සාවක් තියෙන එකෙක් පැනලා යන්නෙ නැහැ.
    ඒ වගෙම හොඳ රස්සාවල් කරන උන් බලන්නෙ දෙපොළ හෝ බඳින කෙනාටත් ඒ වගෙම හොඳ රස්සාවක් තිටයෙන කෙනෙක් .ඉතිං හුදෙක් ගැහැණියක් පිරිමියෙක් ආදරෙන් වෙළෙනවා කියන එක ඔය කසාද වල වෙන්නෙ නැහැ .ලව් කරලා බඳින උනුත් බඳින්නෙ ඒ බඳින පවුල් දෙකෙ වත්කම් බැර කම් මාන්‍ය ,වගෙ දෙවල් සම මට්ටමෙ තියෙනවා නම් විතරයි. ඉතිං කසාදෙ කියන්නෙ බිස්නස් ඩීල් එකක් මිසක් ඊනියා හෘද්‍යාංගම බැඳීමක් නම් නෙමෙ.
    ඔය පොඩි වයස් වල ඉන්න ඇච්චො කිච්චො නම් හෙන ආදරණිය තියරි දෙවි .එත් එව්වා ප්‍රැක්ටිකල් නැහැ. රොමියො ජුලියට් ලා, ශාරුක්-කාජල් ලා, ජැක්-රොස් ලා ඇත්ත ලොක් නැහැ බන් .ඉතිං ඇත්ත ජිවිතෙදි කොන්දෙසි විරහිත ආදරයක් නැති තැන ෆැන්ටසියෙන් ආදරෙ හොයනවා කට්ටිය. ඒක නිසා තමා ආදරය මෙච්චර මාකට් වෙන්නෙ ෆිල්ම් වලයි නවකතා වලයි. ඒ වගෙම සමහරු අනියම් ඇසුරවල් වලටත් යොමු වෙනවා. ඉතිං කසාදෙ කියන්නෙ බිස්නස් ඩීල් එකක් විතරමයි. ඉතිං බෙරෙ බැඳගත්තානම් ගහපන් සීන් එකෙන් තමා අපෙ රටෙ එවුන්ගෙ පවුල් ජීවිත. හේතුව මෙ සංස්කෘතිය නිසා ඩිවොස් වීම ලොකු ලැජ්ජාවක් වෙන නිසා. ඒත් අනාගතෙදි එව්වත් නැතිවෙලා යාවි

    :):):)
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,468
    1,424
    113
    Good and a compatible partner will give you companionship and sense of belonging. Marriage is a good antidote for depression later in life and a balanced mental state