මම දන්න අයිය කෙනෙක් කිව්ව කතාවක් කියලා නතරවෙන්නම්..
" මල්ලී බලපන්කෝ බැදලාම..
උබ ලවු කරද්දී හිටපු කෙනා නෙවේ බැන්දාම ඉන්නෙ...
උබ බදින දවසේ හිටපු කෙනා නෙවේ පලමුවෙනි බබා හම්බ උනදවසෙන් පස්සේ ඉන්නේ.බලපන්කෝ බැන්දට පස්සේ ඔය ආදර කතා නෑ. අන්ඩස්ටැන්ඩින් සහ ෆ්ලෙක්සි බිලිටි තමයි එතනින් පස්සේ ඉතුරු කරගන්න වෙන්නේ.ඒදෙකත් නැත්තන් සොරි"
පලවෙනි බබත් හම්බවෙලා ටික කලක් ගියාට පස්සේ හිතෙනවා බන් බබා හම්බවුණු දවසේ හිටපු කෙනා නෙමේ දැන් ඉන්නේ කියලා ..


බබාට අවුරුදු 10-12ක් වෙද්දී ඉන්න කෙනා තමාලු ඇත්ත කෙනා.මම දැන් ඒ මට්ටමට ලඟා වෙමින් පවතිනවා ...එතනින් පස්සේ වෙනස් වෙන්නේ නැත කියලා තමා ඇසූ පිරූ තැන් ඇති උතුමෝ දක්වලා තියෙන්නේ .PS: ඒක බොහෝ දුරට ඇත්ත වෙන්න පුළුවන්.මොකද ඒ වෙද්දී දෙන්නටම තම තමන්ගේ අම්මලා තාත්තලා නෑ.එකම පිහිට තමන් කසාද බැඳපු කෙනා විතරයි.
Last edited:


