මීට අවුරුදු 20 ට විතර කලින් මගේ තාත්තා එයාගෙ යාලුවෙක් ගේ ඉල්ලීමකට වේදිකා නාට්‍යයක නිශ්පාදක විදියට හිටියා. යාලුවා තමයී පිටපත සහ අධ්‍යක්ෂක. නාට්‍යයේ නම දුම්මල වරම.
ඕකට තාත්තා සැහෙන්න වියදම් කරා. මට Class fees ගෙවා ගත්තෙ බොහොම අමාරුවෙන්. තාත්තා හින්දා ඔය නාට්‍යයේ සම්බන්ධ දේවල් අත් දකින්න එහෙම ලැබුණා. මාර experience එකක්. ඕක පටන් ගන්න කලින් තියන function එක තිබ්බේ අපේ ගෙදර. හොඳ නළුවෝ ටිකක් ඇවිල්ලා හිටියා ආරාධිත අමුත්තන් විදියට.
නාට්‍යයේ ඒ කාලේ හිටියා සනත් විමලසිරි, ගාමිණි හෙට්ටිආරච්චි, පිං පොං, උපුල් මාමා etc. අනිත් අයගේ නම් මතක නැ.