උබල_මේ_ගැන_දැනුවත්ද?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උබල_මේ_ගැන_දැනුවත්ද?

    මම මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ නිකන් මම දන්නා කියන මගේ හිතට ආපු දෙයක් තොපිල එක්ක බෙදාගන්න (නෙමෙයි, රෙප් ගන්න :baffled:). මේක ඒ උනාට මෙලෝ රහක් නෑ..එත් මම දන්නවා උබල මට රේප් දෙනවා කියල...:cool:

    මේකයි කතාව...උබලට මතක ඇතිනේ මම කලින් වතාවක් දැම්ම අර ගූගල් හිස්ටරි එක මකන හැටි? මේකත් ඒ වගේ..අපි කොහේ ගියත් අපි කරන කියන දේවල් කාටවත් ආයේ ගන්න තියන්න හොද නෑ කියන එකයි මගේ අදහස..මේකට අපි කියන්නේ online privacy එහෙම නැත්තම් මාර්ගගත පුද්ගලිකත්වය (නිකන් හිතල කිව්වේ :baffled:). අපේ හැබෑ ජිවිතේ වගේම මේ අන්තරජාලය බාවිත කරද්දී උනත් අපිට තියෙනවා පුද්ගලිකත්වය කියල දෙයක්..ඒ වගේම තමයි මේ හැබෑ ජිවිතේ වගේ ඕක හාරා අවුස්සන්න කට්ටියකුත් ඉන්නවා..:growl:

    ඒ අය ඉන්නේ හැංගි හොරා නෙමෙයි..කෙලින්ම ලොකු ලොකු නම් වලින් ඉන්නේ..:eek:

    ඔය අතරින් ලොකුම එකා තමයි ගූගල් දෙයියා..අපේ පුද්ගලික දේවල් හොයන්න හරිම ආසයි මෙයා.එකනේ අපේ හිස්ටරි එක සේව් කරගන්නේ...අපි එක ඩීසබල් කරන හැටි බැලුවනේ කලින් සැරේ...:cool:

    නමුත් මේ සැරේ කියන්නේ අනිත් එක්කෙනා ගැන...ඒ වෙන කවුරුත් නෙමෙයි..උබල දිනපතා යන එන ෆේස්බුක් අයියා..අපි වැඩිය හිතන්නේ නැති දෙයක්...එත් මෙයාට පුළුවන් අපි යන එන හැම තැනක් ගැනම දැනගන්න..:shocked:

    කොහොමද ඒක කරන්නේ? :oo:

    දැන් නිකන් හිතන්නකෝ...අන්තර්ජාලය තුල වෙබ් සයිට් කීයක් නම් තියෙනවද...මිලියන ගානක් ඇති..ඔය හැම එකකම වගේ දකින්න පුළුවන් දෙයක් තමයි ෆේස්බුක් ලයික් බටන් එක..ඇත්තම කිව්වොත් වෙබ්සයිට් 99.9% ම මේ ෆේස්බුක් ලයික් බටන් එකක් තියෙනවනේ...:sorry:

    ඇයි මෙයාල ඕක වෙබ්සයිට් වලට දාගන්න දාගන්න කිය කියා ඕක එච්චර ප්‍රොමෝට් කරන්නේ? අන්න තේරෙනවා නේද කොස්සක් තියෙනවා කියල? වෙන මොකුත් නෙමෙයි..හරියට බූවල්ලෙක් වගේ...අඬු ටික මුළු අන්තර්ජාලය පුරාම විහිදගන්න තියෙන ඕන කම..:frown:

    ඉස්සෙල්ල දැනගන්න ඕනේ කොහොමද මේ ෆේස්බුක් බටන් එක වැඩ කරන්නේ කියල...ඕක කරන්නේ, එයාල දෙනවා පොඩි ස්ක්‍රිප්ට් එකක් වෙබ්සයිට් එකට දාන්න කියල..ඕක දැම්මට පස්සේ වෙබ්සයිට් එක open කරපු ගමන් ඒ ස්ක්‍රිප්ට් එක රන් වෙලා අර ෆේස්බුක් බටන් එක නිකම්ම පේනවා..වැඩේ ලේසිය්..ඒ ස්ක්‍රිප්ට් එක හොස්ට් කරලා තියෙන්නේ ෆේස්බුක් server වල..:nerd::nerd:

    ඉතින් උබලත් දවස ගානේ ෆේස්බුක් එකට ලොග් වෙනවානේ...එතකොට උන් පොඩි cookie එකක් උබලගේ කොම්පියුටර් එකේ සේව් කරලා තියෙනවා...;);)

    දැන් අර බටන් එක තියෙන වෙබ්සයිට් එකකට උබල ගිය ගමන් අර ස්ක්‍රිප්ට් එක රන් වෙන්න ගන්නවා...එකෙන් උබලගේ කොම්පියුටර් එකේ තියෙන cookie එකත් කියවල බලනවා මොකාද මේ ඉන්නේ කියල...එත් උබටල ඕක එචරම තේරෙන්නේ නැහැ..එත් දැන් ඔන්න ෆේස්බුක් එකෙන් දැනගෙන ඉවරයි උබ මේ වෙබ්සයිට් එකට ආපු විත්තිය..ඔය විදිහට උබ යන යන හැම වෙබ්සයිට් එකක් ගැනම අරුන් හෙමීට දැනගන්නවා...:dull:

    උබල දන්නෙම නැතුව උබල යන එන තැන්, පාවිච්චි කරන වෙබ්සයිට් ෆේස්බුක් එකීන් දැනගන්නවා..බලු වැඩ නේද මේවා? :no:

    මම මේක නිකන් කිව්වේ...ඊලග සැරේ උබල වෙබ්සයිට් එකකට ගියාම ඕකත් ටිකක් මතක තියන් හිටියනම් හරි..:)

    දන්නැති දෙයක් දැනගත්ත නම් හොරෙන් යන්නේ නැතුව කියල පලයල්ලා....රේප් දෙන්න මතක ඇතුව...කියෙව්වේ නැතත් කමක් නෑ..:lol::lol:

    Related Threads: :P
    අතීතය_වල_දමමු...
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    • Like
    Reactions: ruwanjrc

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    shocked7fl.gif