මට මේක දැකපුහම මම බලපු ෆිල්ම් එකක් මතක් වුනා..මේක චයිනීස් ෆිල්ම් එකක කොටසක්. ඔන්න එක ගොලු කෙල්ලෙක් ඉන්නවා..ඒ කෙල්ල අයිස් ක්‍රීම්, ලොලි පොප් එහෙම විකුනනවා. දැන් එක රස්තියාදු කාර කොල්ලෙකුත් ඉන්නවා..ඌ ඒ කෙල්ලෙගෙන් අයිස් ක්‍රීම් එහෙම අරගෙන සල්ලි නොදී දුවනවා.එක දවසක් අර කොල්ලා ලඟ සල්ලි නැති වෙලාවක කෙලින්ම අර ලොලි පොප් විකුනන කෙල්ල ලඟට ගිහිල්ලා බෙල්ලට පිහිය තියලා සල්ලි ඉල්ලනවා. පස්සෙ අර කෙල්ල කොල්ලා දිහා බලන් ඉඳලා අඬනවා. ඊට පස්සෙ කොල්ලා අර කෙල්ලගෙ වෙලඳාම් කරන බක්කිය කඩලා ඒකෙන් සල්ලි ගන්නවා..ඒ අතරේ කෙල්ල පරිස්සමින් ලඟ තියාගෙන හිටපු පෙට්ටියක් අරගෙන ඒකෙන් ලොලිපොප් එකක් ගන්නවා.අරගෙන කොල්ලට ගොලු බාශාවෙන් මොකක්ද එකක් කියමින් ඒක කොල්ලට දික් කරනවා.ඔඅය අතරෙ කොල්ල ඒ කෙල්ලව අඳුරා ගන්නවා. දවසක් ඉස්කෝලෙ යන කාලෙ කොල්ලො කට්ටියක් අර කෙල්ලගෙන් ලොලි පොප් එකක් උදුරා ගන්න හදනකොට මේ කොල්ලා මැදට පැනලා අර කොල්ලන්ගෙන් ගුටි කනවා...ඒ බේර ගත්ත ලොලිපොප් එක තමා මෙච්චර කාලයක් අර කෙල්ල ලඟ තියාගෙන ඉඳලා තියෙන්නෙ ..දැන් කොල්ලට ඒක මතක් වුන පාර අර ලොලි පොප් එකට විසිවෙන්න ගහලා, උගෙ යාලුවටත් ගහලා සල්ලිත් දාලා දුවනවා. ඒක අර කොල්ලගෙ හිතේ හැමදාම තියනවා. පස්සෙ ඌ සාර්තක වෙලා ලොකු ලොලිපොප් කඩයක් දානවා