උඹට කොතන හරි වැරදුනා මයෙ අප්පච්චී...

Tera@

Active member
  • Jun 23, 2011
    137
    75
    28
    Colombo
    උඹට කොතන හරි වැරදුනා මයෙ අප්පච්චී...

    11896024_922632404441644_6087808491056326966_n.jpg


    උඹට කොතන හරි වැරදුනා මයෙ අප්පච්චී...
    උඩට ඇද්ද හුස්ම බිමට දාගන්න පුළුවන් වෙයි ද කියලා වත් විශ්වාසයක් නොතිබුන අතීතයක, යුද්ධය වවාගෙන කාපු බොහොමයක් පාළකයින් අතරේ උඹ මට මහා වීරයෙක් උනා අප්පච්චී. ලෝකෙට ම පිළිලයක් වෙච්ච ඒ යුද්ධය ඉවරයක් ම කරලා දාන්න උඹ කී පරිද්දෙන් අනිත් උන් එක්ක මාත් පටි තද කරගත්තා අප්පච්චී. ඒ දවස් වල හැමදාම රෑ 7 ට news බලද්දී මට දැනුනේ action film එකක් බලනවා වගෙයි අප්පච්චී. අපේ සිංහ පැටවු වෙඩ් වරුසා මැදින් ඉදිරියට ම යන ගමනේ මම වැඩිපුරම ආසා කළේ අර අපේ සිතියමේ කොටි ඉන්න තැන් පාට කර කර, ඒක දවසින් දවස අඩුවේගෙන යන කොටස බලන්නයි අප්පච්චී.
    ගිම්හානය අවසානයේ වසන්තය එනාක් මෙන් LTTE ය සහමුලින් ම විනාශ කර උද්දාමයෙන් කැවුම් කිරිබත් කකා නටපු එවුන් අතරේ මමත් හිටියා අප්පච්චී. ඒ සතුට අදටත් මේ පුංචි හිතේ ඒ විදිහට ම තියෙනවා අප්පච්චී. කීව විදිහට ම යුද්ධය ඉවර කරපු උඹ සංවර්ධනයට මුළපිරුව එකට අපි ණයගැතී අප්පච්චි. රට සංවර්ධනය කරන්න ගියපු උඹ කාර්‍යබහුල නිසා, එදා තද කරපු අපේ පටි බුරුල් කරලා යන්න උඹට අමතක වුනා වෙන්න ඇති අප්පච්චී. ඒත් අපි ඒකට උඹ එක්ක තරහා වුනේ නෑ අප්පච්චී.
    ඔහොම පොඩි කාළයක් ගත වෙද්දී ජීවිතේට අහලා දැකලා නොතිබුනු උඹේ සහෝදරයෝ ඇවිත්, උඹේ දෑත් ශක්තිමත් කරන්න ගත්ත විදිහ මාත් පැත්තක ඉඳන් බලන් හිටියා අපප්ච්චී. උගත් කමට සුදුසු කමට තැන දෙන්නේ නැතිව, චන්ද පදනම ගැන විතරක් හිතලා නළු නිළියන් සැට් එකක් දියවන්නාවේ shooting යනවා දැකපු එකම එකා ත් මම විතරක් නෙවෙයි අප්පච්චී. මේ හැම දෙයක් ම දැකලත් නොදැක්කා වගේ ඉන්න තරම් උඹේ උපදේශකයෝ උඹට උගන්නපු දේශප්‍රේමී කතාවට සහ අංග චලනයට රටේ අනිත් උන් එක්ක මාත් වශී වෙලා හිටියා අපප්ච්චී. පපුවට ගහ ගහගෙන ඔළුව කෙළින් කරගෙන දෙමළෙන් දුන්න වදන් ටික මට නොතේරුනත්, එවැනි රඟපෑම් වලින් මිනිසුන් ගේ සැබෑ ප්‍රශ්න යට යන බව තේරුම් ගන්න අනිත් උන් ට වගේ ම මටත් වෙලා ගියා අප්පච්චී.
    හැම දේම වෙනස් වෙන ලෝකේ මගේ ලෝකේ රජෙක් වගේ හිටපු උඹ අපිටත් හොරෙන් ම වෙනස් වුනා අප්පච්චී. සිංහයෙක් වගේ කතා කරපු උඹේ කටෙන් ම, වටේ හිටපු නරින්ගේ වචන ත් එලියට එන්න ගත්තා අපප්ච්චී. කවදාවත් කාටවත් මඩක් ගහපු නැති උඹ අනිත් එවුන් ට මඩ ගහන්න තරම් ආද්‍යාත්මිකව පිරිහුනා දැකපු එකම එකා මම විතරක් නෙවෙයි අපප්ච්චී.
    අප්පච්චි එක්ක, අපප්ච්චිගේ channel වලින් අපිත් අවුරුදු කෑවා, බණ ඇහුවා අප්පච්චිටත් මතක ඇති නේද අපප්ච්චී. අවුරුදු 10ක් තිස්සේ ඕක බලලා බලලා එපා වෙච්ච එකම එකා මම විතරක් නෙවෙයි අප්පච්චී. අවුරුදු උදා වෙද්දි කුරහං කිරිබත්, කුරහං කොකිස්, කුරහං අළුවා, කුරහං කැවුම් අහලා, දැකලා අරහං වුනේ මට විතරක් නෙවෙයි අපප්ච්චී. පෝය දවසට බුදු බණ අහන්න කියලා tv එක දාපු අපි හැමදාම අහුවේ කාළීන මිහිඳු බන විතරයි අප්පච්චී. ඒ ඇහුවෙත් උඹ ට පක්ෂපාතී පන්සල් වලින් විතරමයි අප්පච්චී.
    මහා ලොකුවට කුරහං සාටකේ පොරවලා, නාමල් බේබි දේශපාළනයට ආවා කියලා උඹ දුන්න promotion එක නම් පංකාදු පහයි අපප්ච්චී. යුද්ධය උච්චත ම අවස්ථාවේ ලොකු බේබි නාවික හමුදාවට යවලා high speed එකේ promotions ගන්න ගිය නිසා, යුධ පෙරමුණට යන්න එයාට වෙලාවක් තියෙන්න නැතුව ඇති අප්පච්චී. ඒත් news වලට යුද්ධෙ පෙන්නපු හැම වෙලේම තුවක්කුව උලුක්කගෙන කොටි කටට දුවපු කොල්ලන්ගේ මූණු අතරේ ලොකු බේබිත් ඉන්නවා ද කියලා බලපු එක ම එකා මම නෙවෙයි අපප්ච්චී. පස්සේ කාළෙක උක්කු පුතා මොකක්ද එකක් උඩ යැවුවා ලු නේද අපප්ච්චී. එදයින් පස්සේ ඒක අපේ මිදුලට වත් වැටිලා ද කියලා මිදුල අතුගාන හැම වෙලේම මම බැලුවා අපප්ච්චී. හැබෑටම කෝ ඒක අපප්ච්චී.
    මේ පොඩි එකෙක් වෙච්ච මට ඉතිං ඔය ලොකු ලොකු කතා ගැන ලොකු දැනුමක් නම් නෑ අපප්ච්චී. ඒත් මේ දකින කියන දේවල් එපා වෙලා වෙනසක් ඕනි කලේ මට විතරක් නෙවෙයි අප්පච්චී. අවුරුදු 6ක් ඉන්න තිබ්බ එක 8ක් කරගන්න ගිහින් 2ක් කළින් ඉල්ලන් කෑවේ මම නෙවෙයි අප්පච්චී. දෙවාරයක් සඳහා වූ ධූර කාළය තුන් වාරයක් කරගෙන උඹට ඕනි වුනේ දිනූ දේශය රැකගන්න මයි කියලා මම හිත හදාගන්නම් අප්පච්චී. ඒත් #උඹට_කොතනහරි_වැරදුනා_මයෙ_අපප්ච්චී. උඹට නොතේරුනාට උඹ වටේ හිටපු මැක්කෝ උඹේ සාරය උරා බීවා අපප්ච්චී. රත්තරන් බෝල මිරික මිරික කට්ටඬියො පිරිසකට උඹ රටේ අනාගතේ පාවලා දුන්නා. අපි ඒ ගැන කතා කරන්න ගත්තාම අපේම උන් අපිට බනින්න ගත්තා " සිංහලයින් ට බොහොම ඉක්මනින් කළගුණ අමතක වෙනවා " කියලා අපප්ච්චී. ඒත් ඇත්තට ම කළගුණ අමතක කළේ උඹයි අපප්ච්චී. යුද්ධය දිනපු නිසා අපි උඹව දිනෙවුවා අපප්ච්චී. අපි කරපු ඒ දේ නිසා උඹ ආයෙත් රජවුනා අපප්ච්චී. ඊට පස්සේ අපිව අමතක කළේ උඹයි අපප්ච්චී. එහෙම කරපු උඹත් සිංහලයෙක් අප්පච්චී. එදා තද කරගත්ත පටිය නිසා ලේ ගලන තරම් අපිට තුවාල වෙලා අපප්ච්චී. කමක් නෑ ‍යුද්දෙ දින්නා නේ කියලා ඉවසන් හිටියේ මම විතරක් නෙවෙයි අපප්ච්චී.
    කාළයාගේ ඇවෑමෙන් අපිට අලුත් නායකයෙක් ක් ලැබුනා අප්පච්චී.ඒ නායකයා ගේ ගෑනිගෙ මූන වත් මට නම් මතක නෑ. දරු මල්ලෙක් ගේ නමක් වත් මට මතක නෑ.ඒ අපප්ච්චි වගේ ඒ නායකයා promotion කරන්නෙ නැතිනිසා. අප්පච්චි කටපාඩම් කරගෙන දෙමළ කතා කළාට දැන් නායකයාට ඉංග්‍රීසිත් ඒ හැටි බෑ. ඒකට කමක් නෑ බොරු සෝබන නැති එක ම මට නම් ලොකු සතුටක් අප්පච්චී.
    ළඟදීම අළුත් පාර්ලිමේන්තුව පටන්ගනීවි අප්පච්චී. අප්පච්චී ගේ පිටින් ගොඩ ගියපු එවුන් අප්පච්චි ගාවින් ම ඉඳගනීවි. අති ගරු ජනාධිපති කියපු කටින් මන්ත්‍රී තුමෝ කියාවි. අප්පච්චී ගේ කටින් ම පලුයන්න බැනපු එවුන් ඉස්සරහා ඔලුව නමන්න වේවි. එතකොටවත් උඹට තේරේවි මයෙ අපප්ච්චී. උඹට කොතනහරි වැරදුනා. අපි ට උඹ එක්ක පවුද්ගලික අමනාපයක් නෑ අප්පච්චී. අදත් අපි විඳින නිදහස උඹ නිසයි. ඒක අමතක කරලා නෙවෙයි අපි උඹට එරෙහි වුනේ. මිත්‍යා ද්‍රුශ්ටියට, පාපමිත්‍ර සේවනයට ගිහින් උඹ මගේ මහින්ද අප්පච්චිව අපෙන් උදුර ගත්ත නිසයි.
    යුද්ධය නැවත හිස ඔසවනවා නම් අපි එදාට ඒ ගැන කතා කරමු අප්පච්චී. රට දෙකඩ වෙනවා නම් අපි ඒකත් එදාට බලාගමු. එදාට අපි උඹ එක්ක ඉන්නවා අප්පච්චී. එදාට මතක ඇතුව අර රත්තරන් බෝල දෙකයි, කට්ටඬියෝ ටිකයි, පාප මිත්‍රයෝ ටිකයි අතෑරලා වරෙන් අප්පච්චී. නැවත යුද්ධයක් ආවොත් මම මරාගෙන මැරෙන බෝම්බ කාරයෙක් වෙන්නම්. ගිහින් ත්‍රස්තවාදීන් ගොඩකට පනින්නම්. ඒ නිසා දැනට අපි කොරැහේ කිඹුල්ලු දකින්නේ නැතිව කවුරුත් එක්ක එකතු වෙලා අපිට සහ රටට වැරදුන තැන් හදාගනිමු අප්පච්චී....
    මෙයට මම උඹේ ඉස්සර පුතා,
    ඉඳුවා
    ( උඹ යන වචනය හදවතට ළඟ වචනයක් නිසා භාවිතා කළා මිසක් කිසිඳු අපහාසාත්මක අදහසක් ඒ තුල නොමැති බව සලකන්න )

    පසුව ලියමි :-
    මාව විවේචනය කිරීම ඔබ සතුයි. මා හා එකඟ වන අය මෙම පණිවිඩය අන් අයටත් share කරාවි. මට බනින අය බනීවි. ඒ කිසිවෙකුට මා පෙරලා පිළිතූරු නොදෙමි. මන්ද යත් මේ ලිපිය තුලින් මා ඉදිරිපත් කළේ මා සිතන පතන ආකාරය විනා ඔබ සිතිය යුතු ආකාර නොවන නිසාවෙනි.

    Copyright >>>

     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Main Mistake eka--------industries hadanne nathiva roads sadima.FIRST INDUSTRIES, THEN SECONDLY ROADS. ATH VATE SITIYA AYAGE VARADI UPADES NISA --FIRST ROADS, THEN MAY BE INDUSTRIES. BUT IT IS WRONG ADVICE. --------FOR EXAMPLE----PREMADASA MAHATHA HADAPU GARMENTS VALATA THAVAMATH HARI HATI ROADS NATHA. NAMUTH DAHAS GANAN MINISUN EMA GARMENTS VALIN JIVATH VEI. EKA NISA PREMADASA MAHATHA SITIYA NAM MEA CHANDETH DINANAVA.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මම ලැට් එකට ගියා අප්පච්චි රෙන්න බැහැ අප්පච්චි මම දවල් එලියට බැස්සා පලාතම අදුරු කරලා අප්පච්චි මම ටොච් එකක් ගත්තා අප්පච්චි වතයක් යන්න ඔබ නැහැ අප්පච්චි මහින්ද සුවද අප්පච්චි ඉස්සර හිදි හොද පනත් සම්මත වෙවි අප්පච්චි මට වාවන්නේ නැහැ අපප්ච්චි අපේ පරද්දපු උන් අය ලිස්ට් එකෙන් අරන් අප්පච්චි මගේ බඩ දගලනවා අප්පච්චො මෙච්චරයි කියන්න අප්පච්චි නොදි මදමුලනට වෙලා ඉදපන් අප්පච්චි එච්චරයි දැන් රටට කරන්න ඔන අප්පච්චි
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ( උඹ යන වචනය හදවතට ළඟ වචනයක් නිසා භාවිතා කළා මිසක් කිසිඳු අපහාසාත්මක අදහසක් ඒ තුල නොමැති බව සලකන්න )

    සුදු වැන් එනවා කියන බය එකාදිපති අප්පච්චිට තම තියෙනවා අප්පච්චි එකයි මෙහෙම ලිව්වේ මයේ අප්පච්චි
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්ද පරාදවෙච්ච් එක හොදයි බන් වරදිලාවත් දිනුවන්ම් අපි කඩුවෙල ඉදලා හමාරයි
     
    මහින්ද ගේ වැරදි නිසා හරි මහින්දව ප්‍රතික්ෂේප කරා කියමු...ඒකත් හරි...එතකොට රනිල් ගේ වැරද? රනිල් ගේ වැරදි නිසා අපිට රට නැති වෙන්නම ගියා නේද? ඒවා කමක් නැද්ද?
     
    යු එන් පියේ දැන්තියෙන්නේ සුළු ජාතික පක්ෂ වලට වහල්කම් කරන ප්‍රතිපත්තියක්...වැලිමඩ සිංහල කොල්ලෝ දෙන්නෙක් මැරුවාම හරින් කාරයා ගත්තේ තම්බිගේ පැත්ත...ඇයි ඡන්ද! මොකද සිංහල යාගේ පැත්ත ගත්තා කියලා සිංහලයා ඡන්දෙ දෙන්නේ නැ...හැබැයි තම්බියා දෙනවා....ඉතින් මොකටද බං සිංහලයාගේ පැත්ත ගන්නේ?

    මහින්දත් බොදුබල වෙලාවේ මෝඩකමට සිංහලයාගේ පැත්ත ගත්ත නිසා තමයි පැරදුනේ...මොකද සිංහලයාම ඡන්දෙ දුන්නේ නැ...දැන් සිංහලයා ඡන්දෙ දෙනවා තම්බින්ට පු* දෙන දේශපාලකයින්ට

    ඉතින් කවුද බං සිංහලයාට ඉන්නෙ එතකොට...තොපිටත් හොඳ වැඩේ....ශක්තිමත් සිංහල නායකයෙක්ව නැති කරගත්තට....

    තව කල් යද්දි උඹට තේරෙයි.....

    හැබැයි එතකොට කරන්න දෙයක් නැ......මොකද මහින්ද වගේ නායකයෙක්ට එන මාර්ගය වහලා තියෙන්නේ.....ආවත් එන්න බැරි වෙන්න
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama th Sinhalayek. Avankavama Sinhalayage patthe inne. Namuth Sinhalayata mathak kala yuthu deyak atha. Niyama Ganan Karaya , Money thiyena kenaya. Money hodata thiyenavanam, Godak denek surrender ya. Money valata ganan karain YES SIR kiyanu atha.. Eka nisa SINHALAYA TA BEST PLACE EKAK ENNA NAM, SINHALAYA ARTHIKA VASAYEN PROGRESS VENNA ONA. SINHALA ECONOMY[MONEY] EKA DEVELOP VENNA ONAYA.
     
    Last edited: