උඹලගේ නෑදෑයෝ අවංකද?

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    උඹලගේ ළඟම ඥාතීන් නෑදෑයින් හිතවතුන් උඹලත් එක්ක අවංකවම හිතවත්ද? අපේ නම් ඉන්නේ මහ එපාම කරපු සෙට් එකක් බන්.. පුදුම ඉරිසියාවක් තියෙන්නේ.. එකෙක්ට එකෙක් නෑ.. කෙනෙක් දියුණු වෙනවට පුදුම අමාරුවක් තියෙන්නේ.. කාගේ හරි අඩු පාඩුවක් දැක්කොත් හතර අතේ ඕපේ ගෙනියනවා... උන් ආස අපි වලේ වැටිලා ඉන්නවට..

    අපේ සමහරු ඉන්නවා ඉගෙන ගෙන ඉන්ජෝ ඩොකාලා වෙච්චි උන්.. උන් නම් තමන්ගේ තත්වේ තියන් ඉන්නවා.. අපෙත් අවුලක් නෑ.. හැමෝම හොඳට ඉගෙන ගෙන තියෙනවා.. හොඳ රස්සා කරනවා, පඩි ගන්නවා... නමුත් ඔය අතරේ ඉන්නවා ඉහළට ඉගෙන ගත්තු නැති සෙට් එකක්... උන්ට පුදුම අමාරුවක් තියෙන්නේ.. ඊරිසියාවේ පැලෙනවා... ( ඉන්ජලා,ඩොකාලා සෙට් එක ටිකක් සීන් එකේ ඉන්නේ.. දානයක් උත්සවයක් තිබ්බොත් කළින් ඇවිත් උදවු පදවු සීන් නෑ.. වෙලාවට ආවා.කෑවා බිව්වා..ගියා.. )

    අපි වාහනයක් ගන්න එක, ගෙයක් හදන එකට පුදුම ඊරිසියයි....

    මගුලක් / මළගෙයක් / දානයකදි ඇවිත් යනවා.. මූනිච්චාවට හිනා වෙනවා... අපිත් ඉතින් කථා කරනවා.. හිනා වෙනවා..

    මම නම් ඔය එකෙක්වත් පඩේකට ගණන් ගන්නේ නෑ.. ඉස්සර නම් මමත් උදවු කලා... දැන් නම් සතා කවුද කියලා අඳුරගෙන ඉන්නේ...

    උඹලගෙත් මෙහෙමද? නැත්නම් බොක්කේ සෙට් එකක් ඉන්නවද?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,162
    67,498
    113
    Uba dawasaka latest prado ekak week ekakata wage rent ekata aran genen un tika heart attack hedila marei.:cool:
     
    • Like
    Reactions: Lahiru120

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මට නම් එපා වෙනව බං වෙලාවකට... මෙහෙම ත්‍රෙඩ්1ක් දාපු එක හොදයි අපි කටත් පොදු දෙයක් කියල තේරෙනවා මේක දැක්කම...
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,281
    1
    13,172
    113
    Gotham City
    මවගෙ පසින්
    මවට අයියලා තුනයි එක අක්කයි
    අයියලා තුන්දෙනා විවාහායි දරුවන් සිටි
    අක්කා බැඳ නැත.
    පට්ට ඊරිසියාකාරයො සෙට් එකකි අමු හිඟන්නන්ය නමුත් ලොකු කම් නම් එමටය
    එක් මාම කෙනෙකු මල පසු (ඔහුට රැකියාව කරන දරුවන් 4 දෙනෙකි ) මළගෙයි සියල් වියදම් සහ අටයුතු කරෙ මාගෙ මවය ,දරුවන් රුපියලක්වත් වියදම් කළෙ නැත.(එහෙත් මාමගෙ EPF හා ETF අරමුදල් වෙලාවට ගත්තෙය )

    එහෙත් එම මාමගෙ දරුවන් සහ බිරිඳ
    අප මව මළ පසු මලබත කැවෙය ගෙදර ගියෙය අද වෙනතුරුත් දැක්කෙ නැත.

    මක් නිසාදයත් සියල් පසින් තම මුදලින්ම ඉඩමක් ගෙන (හොඳම තැනක තියෙන ඉඩම තියෙන්නෙ අපෙ පවුලටය )
    තම මුදලින්ම වියදම් කර තට්ටු තුනක ලොකුම නිවස තියෙන්නෙ අප හටය.
    අනෙක් අයට පිනට ,දැවැද්දට උරුම ඌ දෙපල වේ. එහෙත් ලොකු නිවාස වත් වටිනා ඉඩකඩම්වත් නොව.
    ඇතමුන්ට වතුරද හරියට නැත.

    ඔවුන්ගෙ ළමයින් අප මෙන් ඉගෙනිමට දක්ෂ නැත පාසල් ප්‍රසිද්ධ කැපි පෙනෙන චරිත නොව

    පියාගෙ අක්කලා දෙන්නයි එක අයියයි ලොකු සල්ලි කාරයන් නොවෙ. අඩුපාඩුද ඇත
    සෙරම විවාහකයි එක අක්කා කෙනෙකුට පමණක් දරුවන් සිටි
    ඔවුන් මව පියා සමඟ කුමන අවුල් තිබුණද අපට ඉරිසියා කලෙ නැත කුප්ප කතා කීවෙ නැත නිතරම අපිව ඉහලිම වර්ණනා කළෙය.

    මිනිසුන් සතුව ඉරිසියාව නැතුවාම නොවෙ මක් නිසාදයත් පෘථජන මින්සුන් නිසාය.

    එහෙත් ඇතම් පවුල් වල හොඳ නැයන්ද සිටි. එවන් නෑයන් ලැබීමට පින් ඇත්තො අල්පය.
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ඕක , ජාන වලින් එන එකක් . හදන්න බෑ . මිනිස්සුන්ගේ තියෙන කුහක කම නිසා තමා ඔක්කොම.

    අපි කාට හරි උදව්වක් කරොත් , එකත් වැරදි.
    උදව් නොකලත් එකත් වැරදි.

    අර බුරුවගෙයි, couple එකේ story එක තමා .

    theman-the-wife-the-donkey-and-the-critics-clueless-couple-4714279.png