ගොඩක් නෑයෝ එහෙමයි වේයෝ... ඒත් විශ්වාස කරපන් එහෙම නොවන අයත් ඉන්නවා
එක්කෙනෙක් අපේ මාමා
මම එහෙම පුද්ගලයෙක් මගේ ජීවිතේ මම වෙන දැකලා නෑ, කෙටියෙන් මම විස්තරේ කියන්නම්
අපේ සීයා නැති වෙනකොට සීයගේ සියළුම දේපළ ලියල තියෙන්නේ සීයගේ දරුවන් 9 දෙනාගෙන් 3 වෙනි දරුවට අනිත් 8 දෙනාට සතපහක දෙයක් සීයා ලියලා නෑ (ඒකට හේතුව කියලා මම අහලා තියෙන්නේ දරුවෝ 9 දෙනාගෙන් සීයා නැතිවෙනකොට ඉගෙනීමෙන් ඉහල තැනක හිටියේ ඒ මාමා නිසා කියලා)
දේපළ කියලා තිබුනේ ඒ කාලේ පවා හොඳ වෙළඳ වටිනාකමක් තියෙන් පර්චස් 70ක ඉඩමක් ගෙවල් දෙකක්... ඒ වෙනකොට මාමාලා දෙන්නෙක්ට ඇරෙන්න පවුලේ අනිත් 7 දෙනාටම තමන්ගෙම කියලා ගෙයක් දොරක් තිබුනේ නෑ.. සීයා දේපළ ලිව්ව මාමාටත් එසේමයි කිසිම දෙයක් තිබුනේ නැත.
විස්වාස කරපන් සීයා ලියපු දේපළ වලින් රුපියලක දෙයක් මාමා ගත්තේ නෑ මාමා කළේ තමන්ගේම කියලා ගෙයක් දොරක් නැතුව හිටිය පවුලේ අනිත් 6 දෙනාට සාධාරණ ලෙස දේපළ බෙදලා ලියල දුන්නා ඒ අතර අපේ අම්මත් ඉන්නවා.. ඒ මාමට කිසිදෙයක් තිබුනෙත් නෑ ඒත් කිසිදෙයක් ගත්තේත් නෑ.. සියළුදේම තමන්ගේ සහෝදර සහෝදරියන්ට බෙදලා දුන්නා.. මගේ මහ ගෙදර වෙන්නෙත් ඒ මාමා අම්මට ලියලා දුන්න පර්චස් 20 ඉඩමේ හැදුව ගෙදර.. දැන් ඒ ඉඩමේ වටිනාකම විතරක් කෝටි 1.5ට වැඩි.. ඉතින් හිතපන් වෙන මනුස්සයෙක් නම් එහෙම කරයිද..
පසු කාලීනව අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉහල තනතුරක් මාමට ලැබුනා ඒ අතරතුර මාමා එයාගේ සල්ලි වලින් වෙනමම ඉඩමක් අරගෙන ගෙයක් හැදුවා...
මාමා සහෝදර සහෝදරියන්ට දේපළ ලියලා විතරක් නිකම් හිටියේ නෑ ඒ අයට ගෙවල් දොරවල් හදාගන්න පුළුවන් හැම විදියකටම උදව් කලා කොටින්ම කිව්වොත් අපේ ගෙදර හදද්දී ලොකු නිලතලයක හිටියත් නිවාඩු හැම දවසකම ඇවිත් ගෙදර හදන බාස්ලට අත් උදව් දුන්නා ඒ වැඩ කරලා ගෙදර යන්තේ රෑ වෙලා... හැම සහෝදර සහෝදරියෙක්ගේ සාර්ථකත්යකදී වැඩියෙන්ම සතුටු උනේ ඒ මාමා... ඒ වගේම ඒ කවුරු හරි ප්‍රශ්නයක වැටුනම වැඩියෙන්ම දුක් උනෙත් උදව් කරලා ඒ අය ගොඩ දැම්මේත් ඒ මාමම තමයි..
තමන්ට වඩා බැලුවේ අනිත් අය ගැන...
කවදාවත් නීතියට පිටින් වැඩ කළෙත් නෑ කරන්න කැමති උනෙත් නෑ
ඒ වගේම බෙදල දුන්න දේපල කවුරු හරි විකුණනවට කැමති උනෙත් නෑ.. (සීයට තියෙන් ගෞරවය නිසා වෙන්න ඕන, ඒ වගේම මෙතෙක් කවුරුවත් එහෙම කළෙත් නෑ)
සහෝදර සහෝදරියන් ගැන් විතරක් නෙමෙයි ඒ අයගේ ලමයි ගැන පවා හොයල බලනවා උදව් කරනවා...
පහු ගිය දවසක මට හදිසියකට මුදලක් වුවමනා වෙනවා ලක්ෂ කිහිපයක්.. මම මාමගෙන් ඇහුවා ඒ වගේම ඊලඟ දවසේ මට සල්ලි දාල තිබුණා ඒත් මම ඒ සල්ලි මාමාට ආපහු දුන්නටත් පස්සේ තමයි දැන ගත්තේ මාමා මට ඒ දුන්න සල්ලි මාමගේ පුතාගේ (මට මල්ලි) වැඩිදුර අධ්‍යපනය සඳහා ඉතුරු කරගත්ත සල්ලි වගයක් කියලා ඒ කියන්නේ මාමා මට සල්ලි දුන්නේ සල්ලි තිබිලම නෙමෙයි.
මට ජොබ් එකක් ලැබේද්දි, මම ගෙයක් හදන්න ගනිද්දි මාමා ගොඩක් සතුටු වෙලා තිබුනා ඒක මට නොකිව්වට අම්මා තාත්තා එක්ක කියලා තිබුනා මාමා කොහොමත් ලොකු කතා බහක් නැති චරිතයක්
හැමදාම මාමගේ බලාපොරොත්තුව උනේ සහෝදර සහෝදරියෝ සමගියෙන් සතුටෙන් ඉන්නවා දකින එක... මාමා නිසාමද කොහේද සහෝදර සහෝදරියෝ සේරම එක වගේ ඉන්නවා
මාමා ගැන කියනවා නම් කතා ගොඩයි... මගේ ජීවිතේ මං දැකපු මාරම චරිතයක් තමයි මාමා.. අවංකවම කිව්වොත් මටවත් ඒ වගේ චරිතයක් වෙන්න අමාරුයි
නෑයෙක් ඒත් වේයෙක් නොවුන පුද්ගයෙක්