උඹලගේ නෑදෑයෝ අවංකද?

praveenKF

Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    වැඩක් නැහැ බන්.. මේ අව්රුද්දෙ නෑදෑයෝ/සහෝදරියෝ කව්ද කියල හොදට අදුර ගත්ත බන්.. :cry:😭
    වැඩක් නැහැ කතා කරලා. *කේ ඉත්තෙව ව එලියට ගන්න ගමන් ඉන්නේ දැන් :-).. අයිමත් උදව් කරන්න 2ක් හිතනව.:yes:
     
    • Sad
    Reactions: Lahiru120

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    නෑදෑයො නෙමෙයි බන් මනුස්ස සමාජෙම එහෙම තමයි.. කාලකන්නි හැත්තක්...
    සමහරු ඉන්නවා උන්ගෙ මට්ටමට අඩුවෙන් ඉන්න තාක් මාර ලව්, උදව් කරනවා
    ටිකක් හරියද්දි ඉරිසියාව එලියට පනිනවා
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,281
    1
    13,172
    113
    Gotham City
    සමහරු ඉන්නවා උන්ගෙ මට්ටමට අඩුවෙන් ඉන්න තාක් මාර ලව්, උදව් කරනවා
    ටිකක් හරියද්දි ඉරිසියාව එලියට පනිනවා
    ඕ යැස් නැයො විතරක් නෙමෙ යාළුවො පවා.

    මන් ඕල්වල් කරද්දි ආතල් එකෙ හිටියෙ. ජොක්ස් දදා කට්ටිය එක්ක
    අපෙ උන් මාර ලව්.
    කොහොම හරි හොඳට පාස් උනා.
    මට ලව් කරාපු බොක්ක දෙන්න හිටිය මගෙ යාළුවො කොමර්ස් කරා සමහරු ඕ ලෙවල් ෆෙල් සමහරු ආර්ට් කළා .
    ඒ ලෙවල් මැත්ස් කරන්න ගියා විතරයි මට ලව් කරපු ගොඩක් උන් මුනවල් පු* කරගෙන හිටියෙ.
    සමහරු රවාගෙන යනවා, කතා කරන්නෙත් නැහැ

    තව එක සිඩ්ධියක් උනා
    මෙක තමා ආතල්ම

    මන් රට ඉන්නෙ මැදපෙරදිග.
    මැදපෙරදිග කිව්වහම ගොඩක් උන් හිතන් ඉන්නෙ කම්කරු ,ගෘහසෙවික විතරනෙ.
    එහෙ ඉන්න කාලෙ මන් අපෙ ඉස්කොලෙ පරන යාළුවෙක්ට කතා කරා
    ඌ මගෙන් ඇහැව්ව "උඹ ඔහෙ වැඩට යන්නෙ ඔෆිස් සූට් ඇඳන්ද නොර්මල් ද කියලා "
    අපෙ ඉස්කොලෙ සෙට් එකෙ ගෲප් චැට් එකකුත් තියෙනවා මූත් එකෙ ඉන්නවා


    මන් කරපු ජොබෙ හැටියට ඔෆිස් සූට් ඇඬත් එකයි නැතත් එකයි.
    අඳින්න ඔනි එත් අවශ්‍යම නැහැ කැමතිනම් කැෂුවල් ආව හැකි
    මන් කිව්ව නොර්මල් යන්නෙ කියල.
    එහෙම අහපු හෙතුව මීටර් උනෙ නැහැ .
    මොකද රටවල් වල අපිව ගණන් ගන්නෙ නැහැ නෙ .පඩියනෙ වැදගත්.
    මට මුගෙ අරමුණ තෙරුණෙ නැහැ ඒ වෙලාවෙ,

    පස්සෙ මීටර් උනෙ මූට ඔනි වෙල තිබ්බෙ මන් ඔෆිස් ජොබක් කරනවද කියල අල්ල ගන්න .ඌ ලංකාවෙ ගාමන්ට් එකක වැඩ කරපු එකෙක් .

    මන් ෆේස්බුක් එකෙ උනත් කිසි ස්ටෙටස් එකක් දන්නෙ නැහැ.කන බොන එව්වා යන එන තැන් ,රස්සාව කරන තැන් ,කිසිම දෙයක් .ප්‍රොෆයි පික් එකවත් දැම්මෙ නැහැ රට ඉන්න කාලෙ.

    පරන කැච් එකක් වෙච්ච කෙල්ලෙක් කිව්වා ඔයාගෙ පික් එකක් දාන්න ප්‍රොෆයිල් එකට ඔහොම තියන්න එපා නිකන්ම කියලා
    එකි කිව්ව නිසා මන් දැම්ම ජොබ කරන වෙලාවෙ ගත්ත පික් එකක් ටයි එකත් දාල හිටියෙ එදා (ජී එම් කාරයා හිටිය නිසා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    බොක්කෙන්ම මන් ඔෆිස් සූට් එකට ආසම නැහැ .මන් බලන්නෙ පඩිය වැටෙනවද කියන එක විතරයි මාසෙ අන්තිමට .)
    අන්න අඩෙ මට ලව් එකෙන් කතා කරපු යාළුවා මාව බ්ලොක් කරලා මගෙ පරණ වැරදි කිය කියා අපෙ ඉස්කොලෙ උන්ගෙ ගෘප් චැට් එකෙ මට බනිනවා අනික් උන් එක්ක ,මාව ඇඩ් කරන්න එපාළු අරකයි මෙකයි ළු .

    ඔන්න ඕකයි තත්වෙ පින්වතුනි :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    ගොඩක් නෑයෝ එහෙමයි වේයෝ... ඒත් විශ්වාස කරපන් එහෙම නොවන අයත් ඉන්නවා
    එක්කෙනෙක් අපේ මාමා

    මම එහෙම පුද්ගලයෙක් මගේ ජීවිතේ මම වෙන දැකලා නෑ, කෙටියෙන් මම විස්තරේ කියන්නම්

    අපේ සීයා නැති වෙනකොට සීයගේ සියළුම දේපළ ලියල තියෙන්නේ සීයගේ දරුවන් 9 දෙනාගෙන් 3 වෙනි දරුවට අනිත් 8 දෙනාට සතපහක දෙයක් සීයා ලියලා නෑ (ඒකට හේතුව කියලා මම අහලා තියෙන්නේ දරුවෝ 9 දෙනාගෙන් සීයා නැතිවෙනකොට ඉගෙනීමෙන් ඉහල තැනක හිටියේ ඒ මාමා නිසා කියලා)

    දේපළ කියලා තිබුනේ ඒ කාලේ පවා හොඳ වෙළඳ වටිනාකමක් තියෙන් පර්චස් 70ක ඉඩමක් ගෙවල් දෙකක්... ඒ වෙනකොට මාමාලා දෙන්නෙක්ට ඇරෙන්න පවුලේ අනිත් 7 දෙනාටම තමන්ගෙම කියලා ගෙයක් දොරක් තිබුනේ නෑ.. සීයා දේපළ ලිව්ව මාමාටත් එසේමයි කිසිම දෙයක් තිබුනේ නැත.

    විස්වාස කරපන් සීයා ලියපු දේපළ වලින් රුපියලක දෙයක් මාමා ගත්තේ නෑ මාමා කළේ තමන්ගේම කියලා ගෙයක් දොරක් නැතුව හිටිය පවුලේ අනිත් 6 දෙනාට සාධාරණ ලෙස දේපළ බෙදලා ලියල දුන්නා ඒ අතර අපේ අම්මත් ඉන්නවා.. ඒ මාමට කිසිදෙයක් තිබුනෙත් නෑ ඒත් කිසිදෙයක් ගත්තේත් නෑ.. සියළුදේම තමන්ගේ සහෝදර සහෝදරියන්ට බෙදලා දුන්නා.. මගේ මහ ගෙදර වෙන්නෙත් ඒ මාමා අම්මට ලියලා දුන්න පර්චස් 20 ඉඩමේ හැදුව ගෙදර.. දැන් ඒ ඉඩමේ වටිනාකම විතරක් කෝටි 1.5ට වැඩි.. ඉතින් හිතපන් වෙන මනුස්සයෙක් නම් එහෙම කරයිද..

    පසු කාලීනව අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉහල තනතුරක් මාමට ලැබුනා ඒ අතරතුර මාමා එයාගේ සල්ලි වලින් වෙනමම ඉඩමක් අරගෙන ගෙයක් හැදුවා...

    මාමා සහෝදර සහෝදරියන්ට දේපළ ලියලා විතරක් නිකම් හිටියේ නෑ ඒ අයට ගෙවල් දොරවල් හදාගන්න පුළුවන් හැම විදියකටම උදව් කලා කොටින්ම කිව්වොත් අපේ ගෙදර හදද්දී ලොකු නිලතලයක හිටියත් නිවාඩු හැම දවසකම ඇවිත් ගෙදර හදන බාස්ලට අත් උදව් දුන්නා ඒ වැඩ කරලා ගෙදර යන්තේ රෑ වෙලා... හැම සහෝදර සහෝදරියෙක්ගේ සාර්ථකත්යකදී වැඩියෙන්ම සතුටු උනේ ඒ මාමා... ඒ වගේම ඒ කවුරු හරි ප්‍රශ්නයක වැටුනම වැඩියෙන්ම දුක් උනෙත් උදව් කරලා ඒ අය ගොඩ දැම්මේත් ඒ මාමම තමයි..

    තමන්ට වඩා බැලුවේ අනිත් අය ගැන...

    කවදාවත් නීතියට පිටින් වැඩ කළෙත් නෑ කරන්න කැමති උනෙත් නෑ
    ඒ වගේම බෙදල දුන්න දේපල කවුරු හරි විකුණනවට කැමති උනෙත් නෑ.. (සීයට තියෙන් ගෞරවය නිසා වෙන්න ඕන, ඒ වගේම මෙතෙක් කවුරුවත් එහෙම කළෙත් නෑ)

    සහෝදර සහෝදරියන් ගැන් විතරක් නෙමෙයි ඒ අයගේ ලමයි ගැන පවා හොයල බලනවා උදව් කරනවා...

    පහු ගිය දවසක මට හදිසියකට මුදලක් වුවමනා වෙනවා ලක්ෂ කිහිපයක්.. මම මාමගෙන් ඇහුවා ඒ වගේම ඊලඟ දවසේ මට සල්ලි දාල තිබුණා ඒත් මම ඒ සල්ලි මාමාට ආපහු දුන්නටත් පස්සේ තමයි දැන ගත්තේ මාමා මට ඒ දුන්න සල්ලි මාමගේ පුතාගේ (මට මල්ලි) වැඩිදුර අධ්‍යපනය සඳහා ඉතුරු කරගත්ත සල්ලි වගයක් කියලා ඒ කියන්නේ මාමා මට සල්ලි දුන්නේ සල්ලි තිබිලම නෙමෙයි.

    මට ජොබ් එකක් ලැබේද්දි, මම ගෙයක් හදන්න ගනිද්දි මාමා ගොඩක් සතුටු වෙලා තිබුනා ඒක මට නොකිව්වට අම්මා තාත්තා එක්ක කියලා තිබුනා මාමා කොහොමත් ලොකු කතා බහක් නැති චරිතයක්

    හැමදාම මාමගේ බලාපොරොත්තුව උනේ සහෝදර සහෝදරියෝ සමගියෙන් සතුටෙන් ඉන්නවා දකින එක... මාමා නිසාමද කොහේද සහෝදර සහෝදරියෝ සේරම එක වගේ ඉන්නවා

    මාමා ගැන කියනවා නම් කතා ගොඩයි... මගේ ජීවිතේ මං දැකපු මාරම චරිතයක් තමයි මාමා.. අවංකවම කිව්වොත් මටවත් ඒ වගේ චරිතයක් වෙන්න අමාරුයි

    නෑයෙක් ඒත් වේයෙක් නොවුන පුද්ගයෙක්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,162
    67,498
    113
    නෑයෙක් ඒත් වේයෙක් නොවුන පුද්ගයෙක්
    [/QUOTE]

    Wedapan yaku gihin.monawahari aran deepan
     
    • Like
    Reactions: GadgetPodda

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    අපෙත් වැරදි තියෙනවා නේ.
    අපිව එ මිනිස්සු දකින විඳිය හිතන්නේ නැ. හැම වෙලේම හිතන්නේ අපි හරි කියලා.
     
    • Like
    Reactions: dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,877
    28,776
    113
    අපෙත් වැරදි තියෙනවා නේ.
    අපිව එ මිනිස්සු දකින විඳිය හිතන්නේ නැ. හැම වෙලේම හිතන්නේ අපි හරි කියලා.

    malli hari malli
     

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    අපෙත් වැරදි තියෙනවා නේ.
    අපිව එ මිනිස්සු දකින විඳිය හිතන්නේ නැ. හැම වෙලේම හිතන්නේ අපි හරි කියලා.
    ඒකනෙ.. අපි "කුහකයි" කියල හිතන් ඉන්න නෑයට අපිත් "කුහකයෙක්" වෙන්න පුලුවන්..එහෙම බැලුවම මනුශ්‍ය වර්ගයාම කුහකයි.. අනුර කුමාර විතරක් නෙවෙයි.. :no:
     
    • Haha
    Reactions: dayt0na