පාපොච්චාරණ කටකතා උඩු යටිකුරු කරමින් කොටකෙතනේදී මව මරූ බවට අත්අඩංගුවට ගත් පුතා එළියට
අම්මා මැරුවේ පෙම්වතියට තෑගි ගන්න මුදල් නොදුන් නිසා බවට කී කතාවත් බොරුවක් වෙන ලකුණු
පසුගිය කාලය පුරාම අප රට තුළ ආන්දෝලනාත්මකව කතාබහට ලක්වුණු මාතෘකාවක් වූයේ කොටකෙතනේ කාන්තා ඝාතනයන් පිළිබඳවයි. එහිදී විවිධ පුද්ගලයින් මෙම ඝාතනයන්ට සම්බන්ධ බව කියමින් පොලිසිය ඔවුන්ව අත්අඩංගුවට ගත්තත් පසුව ඔවුන්ට නිදහස ලැබුනේ ඝාතනයන්ට සම්බන්ධ බවට ඔප්පු කරගත හැකි සාක්ෂි නොතිබීම හේතුවෙන්.
ඒ අයුරින් මේ වන විට කොටකෙතනේදී තම මව මැරූ බවට සැකකර අත්අඩංගුවට ගත් තරුණයා ඇප මත නිදහස් කර තිබෙනවා. ඔහු වසරකට අධික කාලයක් රක්‍ෂිත භාරයේ සිටි අතර ඇප හිමිවූයේ ඊයේ (10 දා) පැල්මඩුල්ල අධිකරණයේදීයි.
රුපියල් 25,000 මුදල් ඇප, ලක්ෂ 2ක ශරීර ඇපයක් මත ඔහු නිදහස ලැබුවේ පසුගියදා කොටකෙතන ඕපාතවත්තේදී අභිරහස් අන්දමින් කාන්තාවක් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන නීල් ලක්‍ෂ්මන් නොහොත් මහත්තයා නමැති පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවයි.
කොටකෙතන ඕපාතවත්තේම කම්කරුවකු ලෙස ජීවත් වී ඇති මෙම ඝාතකයා සම්බන්ධයෙන් හරිහැටි තොරතුරුක් පොලිසියට සොයාගැනීමට නොහැකි වුනේ බොහෝ අවස්ථාවල ඔහු කාන්තාවන් දූෂණය කර ඝාතනය කිරීමෙන් අනතුරුව කිසිදු සළකුණක් තබා නොගිය නිසාවෙනුයි.
එමෙන්ම මොහු ද්විත්ව ඝාතන දෙකක් ඇතුළුව අනෙකුත් කාන්තාවන් ඝාතනය කර ඇත්තේ දූෂණය කිරීමෙන් පසුව බව ද හෙළිව තිබුණා. සැකකරු සම්බන්ධයෙන් සිදුකළ DNA පරීක්ෂණයේදීයි මෙම තොරතුරු අනාවරණ වී ඇත්තේ.
2015 වසරේ අප්‍රේල් 4 දා අලුයම කොටකෙතන නිවසේදී 47 හැවිරිදි තිදරු මවක වන චන්ද්‍රානි ස්‌වර්ණලතා කපා කොටා ඝාතනය කර කොටකෙතන ඇළේ සඟවා තිබියදී සොයා ගැනුණා. මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ කොළඹ අපරාධ කොට්‌ඨාස පොලිස් නිලධාරීන් ස්‌වර්ණලතාගේ පුතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර අනතුරුව රක්‍ෂිත භාරයට පත් කෙරුණා. ඒ වන විට සැකකරු යොවුන් සේනාංකයක පාඨමාලාවක් හදාරමින් සිටි බවටත් මව ඝාතනය වූ දිනයේ නිවසේ රැඳී සිටි බවටත් අනාවරණය කරගෙන තිබුණා.
පසුව වාර්තා වුණේ ඔහු පාපොච්චාරණයක් සිදුකර මව ඝාතනය කලේ පෙම්වතියට තෑගී ගන්නට මුදල් නොදුන් නිසා බව පවසමින් බවයි. කෙසේ වෙතත් කොටකෙතනේ මෙම අභිරහස් ඝාතනයන් පිටුපස සිටියේ පෙර කී නීල් ලක්‍ෂ්මන් නොහොත් මහත්තයා නමැති පුද්ගලයා බවට DNA පරීක්ෂණ මඟින් ඔප්පු වීමත් සමඟ සිසුවාට ඇප හිමි වී ඇති බවයි ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු දැනගන්නට ලැබෙන්නේ.
අැප මත නිදහස් වුණු තරුණයාගේ නඩුව ලබන 14වනදා යලි විභාග කෙරෙන බවටද දැනගන්නට ලැබෙනවා.