උඹලට මතකද ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    පාපොච්චාරණ කටකතා උඩු යටිකුරු කරමින් කොටකෙතනේදී මව මරූ බවට අත්අඩංගුවට ගත් පුතා එළියට

    අම්මා මැරුවේ පෙම්වතියට තෑගි ගන්න මුදල් නොදුන් නිසා බවට කී කතාවත් බොරුවක් වෙන ලකුණු



    10052-kotakethana-boy-release-on-bail2078644596.jpg



    පසුගිය කාලය පුරාම අප රට තුළ ආන්දෝලනාත්මකව කතාබහට ලක්වුණු මාතෘකාවක් වූයේ කොටකෙතනේ කාන්තා ඝාතනයන් පිළිබඳවයි. එහිදී විවිධ පුද්ගලයින් මෙම ඝාතනයන්ට සම්බන්ධ බව කියමින් පොලිසිය ඔවුන්ව අත්අඩංගුවට ගත්තත් පසුව ඔවුන්ට නිදහස ලැබුනේ ඝාතනයන්ට සම්බන්ධ බවට ඔප්පු කරගත හැකි සාක්ෂි නොතිබීම හේතුවෙන්.

    ඒ අයුරින් මේ වන විට කොටකෙතනේදී තම මව මැරූ බවට සැකකර අත්අඩංගුවට ගත් තරුණයා ඇප මත නිදහස් කර තිබෙනවා. ඔහු වසරකට අධික කාලයක් රක්‍ෂිත භාරයේ සිටි අතර ඇප හිමිවූයේ ඊයේ (10 දා) පැල්මඩුල්ල අධිකරණයේදීයි.

    රුපියල් 25,000 මුදල් ඇප, ලක්ෂ 2ක ශරීර ඇපයක්‌ මත ඔහු නිදහස ලැබුවේ පසුගියදා කොටකෙතන ඕපාතවත්තේදී අභිරහස්‌ අන්දමින් කාන්තාවක්‌ කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන නීල් ලක්‍ෂ්මන් නොහොත් මහත්තයා නමැති පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවයි.

    කොටකෙතන ඕපාතවත්තේම කම්කරුවකු ලෙස ජීවත් වී ඇති මෙම ඝාතකයා සම්බන්ධයෙන් හරිහැටි තොරතුරුක් පොලිසියට සොයාගැනීමට නොහැකි වුනේ බොහෝ අවස්ථාවල ඔහු කාන්තාවන් දූෂණය කර ඝාතනය කිරීමෙන් අනතුරුව කිසිදු සළකුණක් තබා නොගිය නිසාවෙනුයි.

    එමෙන්ම මොහු ද්විත්ව ඝාතන දෙකක් ඇතුළුව අනෙකුත් කාන්තාවන් ඝාතනය කර ඇත්තේ දූෂණය කිරීමෙන් පසුව බව ද හෙළිව තිබුණා. සැකකරු සම්බන්ධයෙන් සිදුකළ DNA පරීක්ෂණයේදීයි මෙම තොරතුරු අනාවරණ වී ඇත්තේ.

    2015 වසරේ අප්‍රේල් 4 දා අලුයම කොටකෙතන නිවසේදී 47 හැවිරිදි තිදරු මවක වන චන්ද්‍රානි ස්‌වර්ණලතා කපා කොටා ඝාතනය කර කොටකෙතන ඇළේ සඟවා තිබියදී සොයා ගැනුණා. මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ කොළඹ අපරාධ කොට්‌ඨාස පොලිස්‌ නිලධාරීන් ස්‌වර්ණලතාගේ පුතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර අනතුරුව රක්‍ෂිත භාරයට පත් කෙරුණා. ඒ වන විට සැකකරු යොවුන් සේනාංකයක පාඨමාලාවක්‌ හදාරමින් සිටි බවටත් මව ඝාතනය වූ දිනයේ නිවසේ රැඳී සිටි බවටත් අනාවරණය කරගෙන තිබුණා.

    පසුව වාර්තා වුණේ ඔහු පාපොච්චාරණයක් සිදුකර මව ඝාතනය කලේ පෙම්වතියට තෑගී ගන්නට මුදල් නොදුන් නිසා බව පවසමින් බවයි. කෙසේ වෙතත් කොටකෙතනේ මෙම අභිරහස් ඝාතනයන් පිටුපස සිටියේ පෙර කී නීල් ලක්‍ෂ්මන් නොහොත් මහත්තයා නමැති පුද්ගලයා බවට DNA පරීක්ෂණ මඟින් ඔප්පු වීමත් සමඟ සිසුවාට ඇප හිමි වී ඇති බවයි ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු දැනගන්නට ලැබෙන්නේ.

    අැප මත නිදහස් වුණු තරුණයාගේ නඩුව ලබන 14වනදා යලි විභාග කෙරෙන බවටද දැනගන්නට ලැබෙනවා.
     
    • Like
    Reactions: DangerMan119

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    ගුටි දෙද්දි ඕන එකෙක් ඕනම කතාවක් ලියපු කොළේකට අත්සන් කරනවා :(
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මේ කතාව ඇත්ත නම් සහ ගහන අපරාධ. මෙයාට ඇප ලැබුණම සමාජයේ ජීවත්වෙන්න මෙහෙම කතාවක් හැදුවද දන්නෙ නෑ.
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ගුටි දෙද්දි ඕන එකෙක් ඕනම කතාවක් ලියපු කොළේකට අත්සන් කරනවා :(

    මේවනම් සහ ගහන අපරාධ බලෙන් කට උත්තර ගත්තනං. කොල්ලට තියෙන්නෙ පොලිස් බල්ලොන්ව කොටු කරන්න එහෙම වෙලා තියනවනං. :)
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ගුටි දෙද්දි ඕන එකෙක් ඕනම කතාවක් ලියපු කොළේකට අත්සන් කරනවා :(

    ඕව එලි වෙනවා හැමදාම
    එත් මොනවද බන් ඒවාට රජයෙන් කරන්නෙ
    අසරණ ඒක නොකළ දෙයක් උණත් පිළිගන්න ඕන
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    eka ne bun :growl::growl:

    මේ පැත්ත හරක් වගයක් උස්සල පොලිසියෙ බල්ලො පැමිනිල්ලක් ලියාගන්නෙ නැතුව මරු ආතල් එකක් දීල තිබ්බ ලඟදි. හරක් උස්සපු එකා පොලිසියටත් හරක් මස් දීල ගිහින් තියෙන්නෙ. :(
     
    • Like
    Reactions: AnuradhaRa

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,525
    17,531
    113
    Auckland
    මේ පැත්ත හරක් වගයක් උස්සල පොලිසියෙ බල්ලො පැමිනිල්ලක් ලියාගන්නෙ නැතුව මරු ආතල් එකක් දීල තිබ්බ ලඟදි. හරක් උස්සපු එකා පොලිසියටත් හරක් මස් දීල ගිහින් තියෙන්නෙ. :(

    ඕකට කරන්න ඕනෙ head quarters එකට පැමිනිල්ල දාන්න ඕනෙ. ඊට පස්සෙ 911 එකටත් කෝල් කරන්න ඕනෙ. නැතුව පොලිසියෙන් වැඩක් වෙන්නෙ නෑ :yes:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ගුටි දෙද්දි ඕන එකෙක් ඕනම කතාවක් ලියපු කොළේකට අත්සන් කරනවා